facebook like

පියා සල්ලි උඩ පීනයි.... පුතා සසර සයුරෙ පීනයි

මලයාසියාවේ දෙමළ ව්‍යාපාරික ප්‍රකෝටිපති  පී ආනන්ද ක්‍රිෂ්ණන්  බෞද්ධ භික්ෂුවක් වන ඔහුගේ එකම පුත් අජාන් සිරි පන්යෝ හිමියන්  බැලීමට පිනෑන් හිල් හි භාවනා අසපුවට පැමිණි බව එරට චීන භාෂාවෙන් පළ වන  පුවත්පතක වාර්ථා විය.

හැත්තෑ පස් හැවිරිදි ධන කුවේරයා ආරක්ෂක නිලධරයන්ද පිරිවරාගෙන බී එම් ඩබ්ලිව් රථයකින් එහි පැමිණි බව සදහන් වේ.
ලොව ධනවතුන් පිළිබඳව පළ කෙරෙන පෝබ්ස් සඟරාව අනුව ඔහුගේ වත්කම ඇමෙරිකා ඩොලර්  කෝටි නවසිය හැටකි. (රුපියල් කෝටී127680) මාධ්‍ය,චන්ද්‍රිකා,තෙල් හා ගෑස්,විදුලි සන්දේශ , බල ශක්ති ,සූදු ,සංචාරක හා දේපොළ යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර හිමියෙකි.
ඔහු අග්නිදිග ආසියාවේ දෙවැනි ධන කුවේරයාය. ඔහුට ඉදිරියෙන් සිටින්නේ  රොබට් කු ඔක් නම් ප්‍රකෝටිපතියාය.ආනන්ද ලොව ධනවතුන් අතර අසු දෙවැනි තැන හිමි කැර ගෙන සිටී.
මෙම භාවනා අසපුව ධන කුවේරයා විසින් වසර තුනකට පෙර මිලට ගැනුණු  බවත් දැනට එහි භික්ෂුන් හැට නමක් භාවනා වැඩසටහන්වල යෙදී ඇති බවත් දැන ගන්නට ඇත.
ආනන්ද ක්‍රීෂ්ණන්ගේ තායි බිරියට උපන් එකම පුතා අජාන් හිමියන් බවත්  භික්ෂුවක් වීමට ඔහු ඊට වසර 18 ක පෙර සිවුරු පොරවාගත් බවත් මහා බ්‍රිතාන්‍යයේ ඉගෙන ගත් ඔහු භාෂා අටක් කතා කිරීමේ හැකියාව ඇති බවත් චීන පුවත්පත කියයි.
තායි බිරියගෙන් ඔහුට දියණියෝ දෙදෙනක්ද සිටිති.
ආනන්ද ක්‍රිෂ්ණන් 1938 දී ඉපැදුණේ මලයාසියාවේ බ්‍රික්පීල්ඩ් හිදීය.ඔහුගේ මව්පියෝ ශ්‍රී ලාංකිය සම්භවයක් ඇත්තෝය.ඒ කේ යන කෙට් නම්නි  හැදින්වෙන ඔහු බ්‍රික්පීල් විවේකානන්ද දෙමළ පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා මෙල්‍බන් සරසවියෙන් බී ඒ ගෞරව උපාධීයද  හාවඩ් සරසවියෙන් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ එම් ඒ උපාධියද දිනා සිටියි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive