facebook like

හොර සල්ලි ගෑනුන්ට වලංගුයි

අවුරුද්ද පසුවී තිබුණත් පාරේ දුවන වාහන පරීක්ෂා කිරීම සිදුවේ. ට්‍රැෆික් රාලහාමිලා දෙදෙනෙක් පාරේ රාජකාරිවලය.

මේ යක්කු වාහන එළවන්නෙ ඊයේ බීපුවා එක්කයි. අපි සෝදිසියෙන් ඉඳිමු එක රාලහාමි කෙනෙක් අනෙකාට කීය.
හන්දියේ තමන් හඳුනන කෙනෙක් ඔවුන්ට හොර නෝට්ටු ගැන ඔත්තුවක් දුන්නේය.
අන්න අර යන කොල්ලො දෙන්න ළඟ හොර සල්ලි තියෙනවා.

රාලහාමිලා වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරත අය වුවත් මේ ඔත්තුව ගැනත් සෝදිසි කිරීම ඔවුන්ට තහනම් නැත.
රාලහාමිලා දෙදෙනා කොල්ලන් දෙදෙනා ළඟට කිට්ටු වූහ.

'ගන්නව තමුන් ළඟ තියෙන සල්ලි.'
කොල්ලන් දෙදෙනා බයෙන් යුතුව සාක්කුවේ තිබෙන සල්ලි ඇද පෙන්වූහ. එහි තිබුණේ රුපියල් එකසිය පනහකි. ඒ සල්ලි හොර සල්ලි නොවේ.
රාලහාමිලා ඔවුන් මුදා හැර මෙසේ කීහ.
අපි මේ අර කඩේට ගිහින් එනකම් මේ පෙට්ටිය පොඩ්ඩක් පරිස්සම් කරනවා.'
රාලහාමිලා කොල්ලන් දෙදෙනාට පෙට්ටිය දී කඩේට ගියහ.
කොල්ලෝ පෙට්ටිය ඇර එය තුළ කුමක් ඇද්දැයි පරීක්ෂා කළහ.

මචං බැලුම් බෝල වගයක් රාලහාමිලා මේව තියාගෙන බීල එන ඩ්‍රැයිවරයන් අල්ලනවා.
ඔවුන් දෙදෙනා පෙට්ටිය රැගෙන ඉදිරියට ගියහ. ඔවුනට තවත් කොල්ලන් පිරිසක් හමුවූහ.
මේ පෙට්ටියෙ තියෙන්නෙ බැලුම් බෝල අවුරුද්දට පස්සේ මේව විකුණල කීයක් හරි සොයා ගන්න කියා ඔවුන්ට බැලුම් බෝල පෙට්ටිය දුන් අර කොල්ලෝ දෙදෙනා යන්නට ගියහ.
බැලුම් බෝල පෙට්ටිය ගත් කොල්ලන් පිරිස මෙන්න බැලුන්, මෙන්න හොඳ බඩු එකක් රුපියල් විස්සයි කියමින් ඒවා විකුණන්ට වූහ.
තේ බොන්නට කඩේට ගිය රාලහාමිලා දෙදෙනා එළියට පැමිණ බැලුම් පෙට්ටිය ගැන විපරම් කළහ. ඒවා දුන් කොල්ලන් දෙදෙනා නැත. ඒ වෙනුවට කොල්ලන් හත් අට දෙනෙක් බැලුම් පුම්බාගෙන ඉදිරියට එති.
මෙන්න හොඳම බැලුම් ගන්න එකක් රුපියල් විස්සයි. ලාභයි ලාභයි.'

ඔවුන් ළඟට ගිය රාලහාමිලා පෙට්ටිය පරීක්ෂා කළහ. මේවා තමන්ගේ බැලුම් බව කී ඔවුහු බැලුම් පෙට්ටිය ආපසු ගත්හ. ඒ වනවිට බැලුම් විශාල සංඛ්‍යාවක් ඔවුන් විකුණා තිබිණි.
කෝ මේ බැලුම් ගෙනාපු කොල්ලෝ දෙන්නා.'
ඒ කොල්ලො මේක අපට දීලා ගියා.'
කොල්ලන්ගෙ හැටි එහෙම තමයි. බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමට බැලුන් ගෙන ආ රාලහාමිලාට වූ හදිය එතැනින් නිම විය.
හොර සල්ලි මුද්‍රණය කිරීම සහ භාවිත කිරීම අප කුඩා කාලයේදී ද තිබිණි. අපේ ගමේ පැටි බාප්පා නමින් අංඩපාලයෙක් සිටියේය. කවුරුත් ඔහුට පැටි බාප්පා යැයි කී නිසා අපිද ඔහු ඒ නමින්ම ඇමැතීමු.
පැටි බාප්පා ජීවිතයේ වැඩි කලක් සිටියේ හිරේය. ඒ තරමට ඔහු ධාර්මික වැඩ කරයි.

මෙවර ඔහු හිරේ සිට ආ පසු අමුතුම ජීවිතයක් ගත කළේය.
ඔහුට මුදල්වලින් අඩුවක් නොවීය.
පොලිසියට ඔහු ගැන ඔත්තුවක් ලැබුණේය. ඔහු හොර සල්ලි අච්චු ගසා බෙදා හරින බවට ලැබුණ ඒ ඔත්තුව අනුව දිනක් පොලිසිය පැටි බාප්පාගේ ගෙදරට ආහ. පොලිසිය එන බව ආරංචි වූ පැටි බාප්පා තමාගේ ළඟ තිබූ හොර නෝට්ටු ටික වහලේ සැඟවීය.
පොලිසිය ගේ පුරා පරීක්ෂා කළහ. ඒත් හොර සල්ලි නැත.
මොකද රාලහාමි මට හිරේ ඉඳලා ඇවිල්ලවත් ඉන්න දෙන්නෙ නැද්ද?
ඒක තමයි අපිත් කල්පනා කළේ?
ටික වේලාවක් ගත විය. හිටි හැටියේ පාර්සලයක් වහලයෙන් වැටුණේය.

රාලහාමිලා එය පරීක්ෂා කළහ. සියයේ හොර නෝට්ටු මිටියක් එහි විය.
වහලේ සිටි මීයෙක් හොර නෝට්ටු බිමට දමා තිබුණු බව පසුව හෙළිවිය. ඒ පැටි බාප්පාගේ හොර සල්ලි කෙළියයි.
කඩුවෙල පැත්තේ හොර සල්ලි නිලමේ කෙනෙක් සිටී. මොහු දහසේ නෝට්ටුව රුපියල් 500ට දෙයි. එසේ ගෙනියපු අයට පන්සීයක් ලාභය.
මේ පැත්තේ මරුමුස් ගැහැනියක්ද සිටී. ඇය හොර නෝට්ටුකාරයා හමුවූවාය.
මට දෙන්න දාහේ නෝට්ටු දාහක්. මම පන්සීය ගාණෙ දෙන්නම්. නෝට්ටු නිලමේ ඒ නෝට්ටු තොගය ඇයට දුන්නේය. ඇය ඉතා රහසිගතව ඒවා ජනතාව අතරට යැව්වාය.
පොලිසිය නිසා කිසි දෙයක් දිගටම කරන්නට බැරිය.
දිනක් ඇගේ නිවෙසට පොලිසිය කඩා පැන්නේය.

'කෝ හොර නෝට්ටු?'
පිස්සුද මගේ ළඟ නෑ'
පොලිසිය ගේ පුරා සෝදිසි කළ නමුත් හොර නෝට්ටු හමු නොවීය.
ඇගේ පියාගේ ඡායාරූපයක් බිත්තියේ එල්ලා තිබිණි.
'මේ කවුද?'
'මගේ තාත්තා රාලහාමි'
ගුණ යහපත් කෙනෙක් බව පේනවා'

එසේ කියා පොලිසිය යන්නට ගියේය.
ඇගේ හොර සල්ලි තිබුණේ පියාගේ ඡායාරූපයට යටින් බිත්තියේ හැදූ කපොල්ලකය.
අනේ තාත්තේ ඔයාට පින්'
පොලිසිය ගිය පසු කාන්තාව කීවාය.

baldiya -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive