facebook like

ජැක්සන්ගේ පුත් අඛිල ධනුද්දර අමන්දා ඇන්දුව හැටි......... අමන්දා නිලුක්‍ෂි කියයි

ජා ඇල පැත්තේ පෙම් කතාවකට අවුරුදු හතක්ලු
අපි දෙන්නටම පැවසුවේ එකම වචන සෙට්එක
උපන් දිනේ සැමරුවේ වෙන කෙල්ලෙක් එක්කලු
මැද ගෙදර ටෙලි සිතුවමේ සසඳරා ලෙසින් මේ දිනවල ප්‍රේක්‍ෂක ජනාදරයට පත් වූ අමන්දා නිලුක්‍ෂි සහ ජනපි‍්‍රය නළුවකු මෙන්ම නිවේදකයකු අතර තිබෙන පෙම් සබඳතාව දැන් රහසක් නෙවෙයි. පසුගිය සරසවිය කලාපයකත් ඔහුත් – ඇයත් ගැන පළ වුණා. ඔවුන්ගේ විවාහය ද ළඟදීම උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට නියමිත බවද දෙදෙනාම මාධ්‍යයට නොසඟවා හෙළිකර තිබුණා.
අපේ ඇතැම් ජනපි‍්‍රය තරු තම ආදර අන්දරය සඟවාගෙන ඉන්න හදද්දි මේ දෙදෙනා නම් එසේ කළේ නෑ. පි‍්‍රය සම්භාෂණ ඇතුළු වෙනත් විශේෂ අවස්ථාවන්වලදී අමන්දා ඇවිත් හිටියේ අර ජනපි‍්‍රය නළු පෙම්වතාත් එක්කයි. ඔවුන් දෙපොළට ක්ෂේත්‍රයේ හැමෝම ආසිරි පැතුවා. එහෙත් මේ ප්‍රේමයට කණ කොකා හඬලලා ලු. වටින් පිටින් එහෙම ආරංචි වුණා. ඇත්තටම මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. ඒක දැනගන්න අප අමන්දාට කතා කළා.

* අමන්දා, ඇස්දෙක වගේ හිටිය දෙන්නට මේ මොකද වුණේ?

අපි වෙන්වුණා අයියේ.

* ඒ මොකද?

එයා හරි වංකයි. චපලයි. හරිම බොරු කාරයෙක්.

* හේතුව?

එහෙම තමයි. එයාට මට වැඩිය ආදරේ කරපු කෙනෙක් ඉඳලා තියෙනවා.

* කොහෙද?

ජා ඇල පැත්තේ. ඒ සම්බන්ධයට අවුරුදු හතක්ලු.

* ඔබ හා ඔහුගේ ආදර කතාවට කොච්චර කල්ද?

වසර තුනයි.

* මේ වසර තුන ඇතුළත ඔබට ඔහුගෙ වෙනසක් දැණුනෙ නැතිද?

අන්න ඒකයි ඔහුගේ දක්ෂකම. මාව මාර විදහට රැවැට්ටුවා. මාව විතරක් නොවෙයි අර ගැහැනු ළමයවත් රැවැට්ටුවා.

* ඔබ සහ ඔබේ පෙම්වතා ගැන නිතරම මාධ්‍යවල පළ වුණානෙ?. අර ගැහැනු ළමයා ඒවා දැකලා නැද්ද?.

තියෙනවා. ඔහුගෙන් මං ගැන අහලත් තියෙනවා.

* එතකොට ඔහු මොකද කියලා තියෙන්නේ?

ඒවා පරණ කතන්දර කියලා මඟහැරලා.

* ඒත් මේ ඊයේ පෙරේදා පුවත් පත්වලත් ඔබ දෙපොළ ගැන පින්තුර පවා පළ වුණානෙ?

දිගින් දිගටම අපි ගැන පළ වෙද්දි අර ගැහැනු ළමයාගෙ අයියා මගෙ යාළුවෙකුගේ, යාළුවෙකුගෙන් මං ගැන හොයලා බලලා. අපි දෙන්නගෙ සම්බන්ධය ගැන ඇත්ත ඔවුන්ට හෙළිවෙලා. ඒ ගැහැනු ළමයා මට කතා කරලා හොඳටම ඇඬුවා.

* ඉතින්?

මම ඇයව හොයාගෙන ගියා. ඇයගෙ දුරකථනයෙන් මගෙ පෙම්වතාට කෝල් එකක් අරගෙන ෆොන් එකේ ස්පීකර් ඔන් කළා. ඔහු කියපු දේවල් මොනවද කියලා දන්නවද?

* නැහැ?

එයා අර ගෑනු ළමයට හරිම ආදරෙන් කතා කළා. සුදු, පැටියෝ, වගේ වචනදලා ‘ඔයා නැතුව මට බෑ’ කියලත් කිව්වා. ඇය ෆොන් එක කට් කළාට පස්සෙ මමත් ඔහුට කෝල් එකක් අරන් ස්පීකර් ඔන් කළා. ඒ ටිකමයි මටත් ඔහු පැවසුවේ. මට දරාගන්න බැරිව ගියා. මං එවේලේම ඔහුට බැන්නා. හිතේ කේන්තිය යනකම් දොස් කිව්වා.

* ඔබ දෙපොළගෙ සම්බන්ධය බිඳ දමන්න කවුරු හරි ප්ලෑන් කරලා කරපු වැඩක් වෙන්න බැරිද මේක?

කොහෙත්ම වෙන්න බැහැ. මං ඔහු ගැන තව තවත් හොයලා බැලුවා. ඔහුට මෙවැනි සබඳකම කිහිපයක්ම තිබිලා තියෙනවා.

* ඒවත් ඔප්පු වුණාද?

ඔව්, ගිය මාසෙ මෙයාගෙ උපන් දිනය තිබුණේ. මං සර්ප්‍රයිස් කරන්න හිතාගෙන රෑ දොළහට පවුලෙ අයත් එක්ක ඔහුගේ ගෙදර ගියා. ඔහු හිටියේ නැහැ. පාන්දර එකට විතර ඔහු ආවා. කොහෙද ගියෙ ඇහුවාම කිව්වෙ ජිම් ගියා කියලා. මේ මහ රෑ මොන ජිම් ද අයියේ. ඔහු එදා වෙන ගෑනු ළමයෙක් එක්ක උපන් දිනය සමරලයි ගෙදර ඇවිත් තියෙන්නේ. මට පින්තූරත් එක්ක විස්තරේ ලැබුණා, ඔහු වෙන කෙනෙක් එක්ක කේක් කපපු හැටි.

* ඔබගෙන් ඔහුට යම් අඩුපාඩුවක් සිදු වී ඇත්ද?

මොන අඩුපාඩු ද අයියේ. මගෙන් නොලැබෙන 15% ඇයගෙන් ලැබෙනවලු. 85% ක ආදරයක් විඳින්නලු මාව තියාගෙන ඉඳලා තියන්නේ.

* එතකොට කසාද බඳින්න නෙවෙයිද ඔහු ඔබට ළංවෙලා තියෙන්නේ?

නැහැ, ඔහු මාව ෂෝ එකට තියාගෙන තියෙන්නේ. ලෝකෙට පේන්න මාව බොරුවට එහෙ මෙහෙ ගෙනියන්න.

* මෙමඟින් ඔබට ලොකු අවමානයක් සිද්ධ වුණේ?

කිසි කෙනෙක් මගෙ දිහා බැලුවේ නැහැ වැරදි ඇහැකින්. හැමෝම කිව්වෙ ඔයා බේරුණා කියලා.

ඒ කියන්නේ ඔහුගේ කල් ක්‍රියාව බොහෝ දෙනෙක් දැනන් ඉඳලා තියෙනවා. ඇයි ඒ බවක් රට්ටු ඔබට කිව්වෙ නැත්තේ.

මිනිස්සු ප්‍රකාශ කළ දේවල්වලින් ටිකක් මගේ හිත හැදුණා.

* ඇත්තටම ඔබේ හිත ගොඩක් බිඳෙන්න ඇති?

ඔව්, මං සතියක්ම ඇඬුවා. ජීවිතේ එපා වුණා. යාළු මිත්‍රයො, මගෙ පවලෙ අය මාව සැනසුවා.

* වර්තමානයේ ඔබේ තත්ත්වය කොහොමද?

එක අතකින් සතුටුයි මාව බේරිච්ච එකට. ඒ ගැන මතක්කරලා මං දෙවියන්ට තුති පුදනවා. බැරිවෙලාවත් කසාද බැන්දනම් මං ඉවරයි. පුදුම කපටියෙක් එයා.

* ආයෙත් ආදරයක් ගැන හිතන්නේ නැති පාටයි?

බුදු අම්මෝ, ආදරයට දැන් මං බයවෙලා. මේ ලද කම්පනයෙන් මං කම්පාවට පත්වුණා. සුපුරුදු වැඩකටයුතු පටන් ගන්න බොහෝ කාලයක් ගතවුණා. ආයේ ජීවිතේ වරද්ද ගන්නෙ නැහැ මං. ඔහුට වෛර කරන්නෙත් නැහැ. ඔහු පිළිබඳ කිසිම ද්වේෂයකින් නෙවෙයි අදටත් මං ඉන්නේ.

සටහන – ප්‍රසාද් සමරතුංග

1 comment: Leave Your Comments

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive