facebook like

සිරුර තුළ සිටින භූතයා සමග සටන් කරන්න යකඩ ආහාරයට ගත් වීරසේන

වීරසේනගේ ගම දුර බැහැර පිටිසරබද පළාතක. අවුරුදු තිහක් පමණ වුණු ඔහු වැඩිපුර අධ්‍යාපනය ලබල තිබුණෙත් නෑ. රැකියාව වශයෙන් කළේ ගොවිතැන් කටයුතු. ඒ වගේම ඔහු අවිවාහකයි.

මේ අතරෙ වීරසේනගෙ ගමේ හිටපු එක් මැදිවියේ පුද්ගලයෙකු හිටිහැටියේම මිය ගියා. ඔහු රෝගීව සිටියෙත් නෑ. මේ මරණය සම්බන්ධයෙන් ගම පුරා විවිධ කටකතා පැතිරුණා. හිටිහැටියේ මිය යාමක් නිසා බොහෝ දෙනකුගෙ විශ්වාසය වූයේ මහසෝනා
ගහලා කියලයි. සමහරු නම් කිව්වේ හොරෙක් හතුරෙකුගේ වැඩක් කියලා. කොහොම වුණත් එය මිනීමැරුමක් බවට කිසිදු සලකුණක්
මිනියෙ නොතිබුණු නිසා මහසෝනා ගැන විශ්වාසය වැඩිදෙනෙක් තහවුරු කරගත්තා. නමුත් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයෙන්
පසු මෙය හෘදයාබාධයක් නිසා ඇති වූ මරණයක් බව තහවුරු වුණා.
ඒ වුණත් වීරසේනට නම් හිතුනෙම මෙය අමනුෂයකු කළ ක්‍රියාවක් වශයෙනුයි. ඔහුට මියගිය පුද්ගලයාගේ මුහුණ පෙනුණෙත් යක්ෂයෙකුගේ බඳු රුදුරු ස්වරූපයකින්. ඒ නිසා තමයි මේක අමනුෂ්‍යයකුගේ ක්‍රියාවක්ම බවට ඔහු තදින්ම තහවුරු කර ගත්තෙ.
මරණය සිදුවී සති දෙකක් ඉකුත්ව ගියා. දිනක් මිය ගිය පුද්ගලයා වීරසේන සිහිනෙන් දුටුවා. එදා ඔහු භූතයෙකුගේ වෙසින් පැමිණ ක්ෂණයෙන් ආපසු ගියා. ඊට දෙදිනකට පමණ පසු ඒ භූතයා වීරසේනට නැවත සිහිනෙන් පෙනුණා. එදා ඒ භූතයා වීරසේනට කතා කළා. “මාව භූතයෙක් බිලිගත්තා. දැන් මම ඉන්නේ භූත ආත්මෙක. ඒ භූතයගේ ඊළඟ ගොදුර උඹයි. ඌ ටිකෙන් ටික උඹේ ශරීරයට ඇතුළු වෙලා උඹව මරයි”.
භූතයා එසේ කියා එකවරම නොපෙනී ගියා. වීරසේන සිරුරෙන් දහඩිය වැගිරෙමින් අවදි වුණා. භුතයා තමාගේ සිරුරට ඇතුල් වී ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ සිරුර ගිලගනිමින් තමාව මරණයට පත් කරාවි කියල වීරසේනට විශාල බයක් ඇති වුණා.
ඒ එක්කම වීරසේනට දැනුණා පෙර නොවූ විරූ ආකාරයට තමන්ගේ බඩ රිදෙන බව. නමුත් මව්පියන්ට හෝ පවු‍ලේ වෙනත් කෙනකුට මෙය පවසන්නට වීරසේන බිය වුණා. බඩ රිදීම සම්බන්ධයෙන් දෙතුන් වරක් වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් එය සුව වුණේ නෑ. දැන් වීරසේනට සිතෙන්නේ සිහිනෙන් ඇවිදින් කී පරිදි භූතයා තම සිරුරට ඇතුළු වී හිඳින බවකුයි.
ටික දිනක් යන විට වීරසේනට තමන්ගේ බඩවැල් සෙලවෙන බවකුත් උදරය තුළ විවිධ ශබ්ද සහ කටහඬවල් ඇසෙන බවකුත් දැනෙන්නට වුණා. ඉන්පසු ඔහුට කෑම රුචිය නැතිව ගියා. ඒ නිසා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා. නිතර වමනයට එන බව දැණුනත් වමනය පිට වුණෙත් නෑ. වැඩ කිරීම එපා වුණා. ඔහු එතෙක් කළ ගොවිතැන් කටයුතු පවා අතහැරී ගියා. තවත් දිනයක භූතයා වීරසේනට සිහිනෙන් පෙනුණා.
“දැන් උඹේ ඇඟ ඇතුළට අර භූතයා ඇවිත් ඉන්නේ. උඹට ඔය සේරම කරන්නේ භූතයා තමයි. භූතයා නැති කරන්න තියෙන්නෙ එකම ක්‍රමයයි. පුළුවන් තරම් ලෝහ ජාති ඇඟට ඇතුල් කර ගනින්. එතකොට භූතයා උඹේ ශරීරයෙන් පිටවෙලා යයි”.
වීරසේනට සිහිනෙන් පැමිණි භූතයා එසේ කී පසු යකඩ කෑලි ශරීරයට ඇතුළු කර ගන්න විදිහක් ගැන ඔහු කල්පනා කරන්නට පටන් ගත්තා.
මේ සඳහා තිබුණේ එකම ක්‍රමයයි. තමන්ට ගිලගත හැකි ප්‍රමාණයෙන් කුඩා යකඩ, ඇලුමිනියම් පතුරු වැනි සපන්නට හැකි දේවල් සපා අනික් කුඩා ඒවා සම්පූර්ණ ලෝහ කැබැල්ල පිටින්ම ගිල දැමීමයි.
ඔහු මුලින්ම කළේ අවට වැටී තිබෙන එවැනි ලෝහ කැබලි ගිල දැමීම වුවත් පසුව ඒවා අවසන් වන විට දොර ජනෙල් ආදියේ තිබෙන තමන්ට කෙසේ හෝ කඩා ගත හැකිදෑ කඩාගෙන ගිල දමන්නට පටන් ගත්තා. මෙසේ ලෝහ ගිලින්නට වූ පසු තමන්ගේ බඩේ අමාරුව ක්‍රමයෙන් අඩුවී ගෙන යන බවක් වීරසේනට දැනුණා. ඔහු සිතුවේ සිරුරේ සිටින භූතයා තමන් දෙන ලෝහ අනුභව කරමින් තමාට සහනය සලසා දෙන බවයි.
වීරසේන මෙවැනි ක්‍රියාවක යෙදෙන බව නිවසේ අයට ක්‍රම ක්‍රමයෙන් වැටහුණා. එවිට වීරසේන තමා මුහුණ දී සිටින සත්‍ය තත්ත්වය පවු‍ලේ අයට පැවැසුවා. ගෙදර අවටින් ලෝහ කැබලි සොයා ගැනීම අපහසුවන විට වීරසේන පාරේ ඇවිදිමින් ලෝහ කැබලි එකතු කරගෙන ආවා. ඔහුගේ පවු‍ලේ අය ඒවා ඔහුට නොදැනෙන පරිදි සැඟවූවා. නමුත් වීරසේනට ලෝහ වර්ග නොකා ඉන්න බැරි වුණා. එවිට ඔහුගේ බඩ රිදුම වැඩි වෙනවා. ඊට පසු ඔහු මුදල් සොයා ගෙන ඇලුමිනියම් බට අඩි ගණනට ගෙනත් ඒවා කන්න පටන් ගත්තා. බැරි තැන ගෙදර හැමෝම ඔහුට දොස් නගන විට ඔහු කීවේ. යකඩ නොකෑවොත් භූතයා තමාව ගොදුරු කර ගත හැකි බවයි. ගෙදර අය බියවී වීරසේන වෙනුවෙන් තොවිලයක් කළා.
නමුත් ඉන්පසු සිදුවූයේ වීරසේන පෙර නොවූ අයුරින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් තව තවත් ලෝහ කෑමයි. මීට අමතරව ඔහු සියලු දේවල්වලින් ඉවත් වෙලා කාමරය තුළටම වැදී දවස ගෙවන්න පටන් ගත්තා. ඔහු කාමරයෙන් පිටට ගියේ ලෝහ එකතු කරන්නට සහ වැසිකිළියට යාම සඳහා පමණයි. නෑම, මුහුණ සේදීම පවා වීරසේන ප්‍රතික්ෂේප
කළා. ආහාර ගත්තෙත් නෑ. අන්තිමේ ගමේ හැඩි දැඩි පිරිමි දෙතුන් දෙනෙකුගේ උදව්වෙන් වීරසේනව රෝහලට ගෙන යන්න හැකි වුණා.
වීරසේනට මොකක්ද වුණේ කියල අපි දැන් විමසා බලමු.
ඔහුට තිබුණේ මානසික රෝගයක්. ගමේ කෙනකු හදිසියේ මිය යාම මගින් ඇතිවූ කටකතා නිසා ඇතිවූ පීඩනය මොළයේ සැඟවී තිබූ මානුෂික ආබාධයක් ඉස්මතු වීම සඳහා හේතුවී තිබුණා. ඒ නිසා භූතයෙක් සිටින බවට තදබල විශ්වාසයක් ඔහු තුළ ඇති වුණා. එම විශ්වාසය මෝහයක්  එනම් වැරදි විශ්වාසයක්.
ඔහු සිහිනෙන් දුටුවේ තමන්ගේ සිතේ තිබුණු දේවලුයි. ඒ සමගම ඔහු තුළ තිබූ විශ්වාසය තවත් වැඩි දියුණු වුණා. තවදුරටත් ඒ පසුපස යන විට එම සිද්ධිය සමග ඈඳුණු ද්විතීයික මෝහයක්ද ඇති වුණා. භූතයා සඳහටම පලවා හරින්න හිතාගෙන ලෝහ වර්ග සොය සොයා කන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.
ඔහුගේ උදරයේ බඩවැල් ආදිය තුළින් ඇසුනු විවිධ ශබ්ද හා කටහඬවල් ඔහුට දැනුණු ශ්‍රව්‍ය භ්‍රාන්තියක්.
මේ සියලු කරුණු අනුව සලකා බලන විට ඔහු භින්නෝන්මාදය නමින් හඳුන්වන ප්‍රබල ගණයේ මානසික රෝගයකින් පෙළෙමින් හිඳින බව පැහැදිලි වුණා. ඔහු තුළ ඇතිවූ කෑම අරුචිය, අපිරිසිදුව හිඳීම වැනි ගති ලක්ෂණත් එම රෝගය නිසා ඇති වූවක්.
භින්නෝන්මාදයට අමතරව ඔහුගේ රුධිර ෙසෙලවලට ඊයම් විෂවීම නිසා යම් යම් අසාමාන්‍යතා හට ගෙන තිබුණා. ඒ සම්බන්ධව පරීක්ෂණ හා ප්‍රතිකාර සිදු කරන අතරේ මානසික ආබාධයටත් ඔහු තවම ප්‍රතිකාර ගන්නවා.

විශේෂඥ මනෝ වෛද්‍ය  රූමි රූබන්ගේ
වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි

ඉන්දු පෙරේරා

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive