මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවක් සදහා (17) සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමකට සහ මාධ්‍යවේදීන්ට එහි සිටි මැරයන් විසින් බිත්තර වලින් සහ ගල් මුල් වලින් පහර දී ඇතැයි වාර්තා වෙයි.
එහිදී හම්බන්තොට එජනිස නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක් රැගෙන, සරම උස්සාගත් තවත් අයෙක් සමග දුව එන අයුරැ මාධ්‍යවේදීන්ගේ කැමරා වල සටහන්ව තිබූ සටහන් කර තිබූණේ
මෙසේ යි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, නලින් ජයමහ, අජිත් මාන්නප්පෙරුම සහ ආර්. යෝගරාජන් යන මහත්වරුන් මේ සිද්ධියට මුහුණ පා තිබේ.ඊයේ (17) සවස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනා බස් රථයකින් මත්තල ගුවන් තොටුපළ බලා ගොස් එමින් සිටියදී පිටවීමේ දොරටුව අබියසදී සියයකට අධික පිරිසක් ‘හූ’ කියමින් පහර දීමට උත්සාහ දරා ඇත.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පොලීසිය හා ගුවන් තොටුපළ ආරක්ෂකයන් පැමිණ නැත. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයන් විසින් මන්ත්‍රීවරුන් පස්දෙනා බස් රථයට නංවාගෙන පිටව ගොස් තිබේ.
පසුව මන්ත්‍රීවරුන් පස් දෙනා හම්බන්තොට ජාත්‍යන්තර වරාය නරඹන අවස්ථාවේදී විශාල පිරිසක් පැමිණ ‘හූ’ කියමින් මරණීය තර්ජනය කර, කුණු බිත්තර හා තක්කාලිවලින් පහර දී තිබේ.මන්ත්‍රීවරුන් පිරිස ආරක්ෂාව පතා බස් රථයට ගොඩ වී යාමට උත්සාහ කිරීමේදී මැර පිරිස බස් රථයටද ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාර ෙහේතුවෙන් බස් රථයේ වීදුරු කිහිපයක්ද කැඩී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරාන් වික්‍රමරත්න මහතා පැවැසුවේ රජයේ ආරාධනාවක් මත ගුවන් තොටුපල සහ වරායයි බැලීමට පැමිණි බවත් මේ පහරදීම සම්බන්ධයෙන් කොළඹට ගොස් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන බවත්ය.‘

0 comments:
Post a Comment