'ටෙරරිසම් රිසර්ව් ඇන්ඩ් ඇනලයිසිස් කොන්සෝටියම්' හෙවත් ට්‍රැක් සංවිධානය මඟින් බොදු බලසේනා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස වර්ගීකරණය කිරීම හාස්‍යයක් බැවින් තම සංවිධානය එය ගනන් නොගන්නා බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කරති. බෞද්ධයන්ට එරෙහිව බෞද්ධ ධර්මය විනාශ කිරීමට උත්සාහ දරන
මෙවැනි සංවිධාන පිළිබඳ තමන්වහන්සේ කිසිදු තැකීමක් නොකරන බව පැවැසූ උන්වහන්සේ බොදු බල සේනා සංවිධානයට චෝදනා එල්ල කරනු ලබන මෙරට දේශපාලනඥයන් හෙලුවෙන් සිට අනෙකාගේ හෙලුව පෙන්වන බව කීහ.
කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ 16දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ අදහස් පැවැසූහ.
මෙරට එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, කොමියුනිස්ට්
පක්ෂයද 'TRAC' සංවිධානය මඟින් ත්‍රස්ත සංවිධාන ලෙස වර්ගීකරණය කොට තිබීම එම පක්ෂයද නොදන්නා බව ඒ හිමියෝ අනාවරණය කළහ.
තම සංවිධානයට බුරුමයේ චිරතු හිමියන් හමුවීම මේ ත්‍රස්ත වර්ගීකරණයට මූලික හෙලුව බව පවසන ඥානසාර හිමියෝ රටට වින කරන්නන් පෙරටත් වඩා සංවිධානාත්මකව විනයානුකූලව හෙළිදරව් කිරීමට තම සංවිධානය ඉදිරියටත් කැපවන බවද කීහ.
ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ.
හකීම්, රිෂාද්, ඩිලාන්, විමල්, වාසු කියන පිස්සු යක්කු තමයි මේ 'trac' සංවිධානයට පසුගිය ටිකේම බොදුබල සේනා තහනම් කරන්න කියලා තොරතුරු දුන්නේ. අපි විවාදෙකට කතා කළාම හැබැයි පස් දෙනාම එන්න ඕනේ. නැත්නම් අතට අහු වෙන්නේ නැහැ. මොන පැංචෝද මේ?
පචවංශ බොරු කිය කියා යනවා. ඩිලාන් බබා මුකුත්ම දන්නේ නෑලු. මේ හරි ඇමැතිලා නම් අපිත් එක්ක කතා කරන්න තිබුණා. රටක ප්රජාතන්ත්රවාදය ඇති වෙන්නේ එතකොට. කවුද කියන්නේ ගෝඨාභය මහත්තයා අපේ පස්සෙන් ඉන්නවා කියලා. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න අපිට මහා ලොකු හස්තයක් නැහැ. අපිට වැඩක් කරගන්න අපිට පර්චස් 3-4ක් ගන්න බැහැ. හැමෝම හිතාගෙන ඉන්නේ ගෝඨාභය මහත්තයා සර්වබලධාරී දෙවියෝ, අපිට උදවු කරනවා කියලානේ. එහෙනම් අපි ඉල්ලන ඉල්ලන දේ එතුමා ලබාදෙන්න ඕන නේද?
අපි අද ඊයේ නෙවෙයි එදාත් රැස්වීම්වලට කඩා පැනලා රට ජාතිය බේරගත්තා. ඔය කෑගහන අනෙක් අයට වඩා මර්වින් මහත්තයා හොඳයි. අවංකයි. යමක් තේරුම් ගන්න මොළයක් මෙයාට තියෙනවා.
අපේ චරිත විනාශ කරයි. මරයි. ඒත් අපි බය නැහැ. ඊට කලින් අපිට තව හෙළිදරව් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒවාත් හෙළිකරන්න බය නැහැ. අපි දඟලනවා වැඩියි කියලා හිතන අයත් ඇති. අපිව උසාවි දාලා ඇඟ බඳියි. ඇඟ බැඳලා බලන්නකෝ, කට බඳින්න බෑනේ. අපි අපේ ගමන නවත්වන්නේ නැහැ. රටට එරෙහිව වටරැක මොහොමඩ් හෙටත් රැස්වීමක් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බොත් අපි ඒකටත් කඩාගෙන පනිනවා. එදා අපි සැරෙන් කතා කළා. ඒ බුදු දහම අනුව. හැබැයි අපි කුරානේ කියවලා තිබුණා නම් එදා බඩුම තමයි.
අනෙක මේ රටේ වල් වැදුණු නීතිය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න අපි කැපවෙනවා. බදියුද්දීන් විල්පත්තුවේ එක නීතියකුත්, කන්තලේ සිංහලයන්ට තව නීතියකුත් මේ රටේ ක්‍රියාත්මක නොවිය යුතුයි යැයිද ඒ හිමියෝ පැවැසූහ.

0 comments:
Post a Comment