යාපනයේ, ගුරුනගර් ප්රදේශයේ ළිඳක තිබී සිරුර හමුවූ තරුණියගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි, දෙමව්පියෝ පවසති.ඊට විරෝධය පළ කරමින් අද යාපනය රදගුරු නිවස ඉදිරිපිට ඇයගේ ඥාතීන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.
මියගිය තරුණිගේ අවසන් කටයුතු අද යාපනය ගුරුනගර් ප්රදේශයේදී සිදු කෙරිණ.පසුගිය ඉරිදා නිවසින් පිටත්ව ගිය තරුණියගේ සිරුර පෙරේදා සොයා ගැනුණේ ළිඳක් තුළ තිබියදී ය.මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි
තරුණියකි.උද්ඝෝෂණයේ නිරත ඥාතීන් ඉල්ලා සිටින්නේ මේ සිද්ධියට සම්බ්නධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.මේ අතර කිලිනොච්චි, පුන්නෙයි නීරාවී ප්රදේශයේ පසුගිය 13 වන දා ළිඳක තිබී 30 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනිණ.
මේ පිළිබඳ සැකකරුවෙකු අතුඅඩංගුවට ගත් බව ත් ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව ත් පොලීසිය ප්රකාශ කළේ ය.

0 comments:
Post a Comment