“මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව” (CPJ) විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව "දඬුවමින් මිදී සිටීමේ" ලෝක දර්ශකයේ ඉහළ ස්ථානයකට පත්ව තිබේ.
එම වාර්තාවට අනුව මාධ්‍යවේදීන් ඝාතනය කලවුන්ට දඬුවම් ලබා නොදීම අතින් ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානය ගනී.
ලෝකයේ සියලු රටවල සිදුවන මාධ්‍යවේදී ඝාතනයන්
“මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව” (CPJ) විසින් පරීක්ෂාවට ලක් කරන අතර 2013 සිට 2014 දක්වාවූ වසරක කාලයට අදාළ දත්ත මෙම නවතම වාර්තාවට පාදක වී ඇත.
ඇෆ්ගනිස්තනයටත් ඉහළින්
ඒ අනුව, මේ වසරේ “දඬුවමින් මිදී සිටීමේ දර්ශකය” (Impunity Index) ගණනය කර ඇත්තේ මේ දක්වා විසඳුමකට පත්ව නැති මාධ්‍යවේදී ඝාතන සංඛ්‍යාව අදාළ රටේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සැලකීමෙනි.
දර්ශකයට අනුව එහි ඉහලින්ම සිටින්නේ ඉරාකයයි.
සෝමාලියාව හා පිලිපීනය පිළිවලින් දෙවන හා තුන්වන ස්ථානයේ සිටින අතර ඊළඟට සිටින්නේ ශ්‍රී ලංකාවයි.
ඇෆ්ගනිස්ථානය හයවැනි ස්ථානය ගන්නා අතර පකිස්ථානය නම වැනි ස්ථානයද ඉන්දියාව දහතුන් වැනි ස්ථානය ද ගෙන තිබේ.
යම් මාධ්‍යවේදී ඝාතනයක් සම්බන්ධයෙන් කිසිවෙක් දඬුවමකට යටත් කොට නැත්නම් එය “දඬුවමින් මිදී සිටීමේ දර්ශකය” සඳහා සලකා බැලෙන අතර එවැනි නොවිසඳුණු සිදුවීම් පහක් හෝ ඊට වැඩි ගණනක් ඇති රටවල් දර්ශකයට ඇතුළත් කෙරේ.
මාධ්‍යවේදීන් නව දෙනෙකු මරා දමලා
“ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් වී වසර පහක් ගතවී ඇතත්, පළමුව අගමැති වශයෙනුත් දෙවනුව ජනාධිපති වශයෙනුත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජයන් යටතේ මාධ්‍යවේදීන් නම දෙනෙකු ඝාතනයට ලක්වී ඇති අතර ඒ පිළිබඳව සාධාරණය ඉටු කිරීමට ඔහුගේ රජය කිසිදු උනන්දුවක් පෙන්වා නැත. ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ඇතැම් ඝාතනයන් පසුපස රජය සහ හමුදා නිලධාරීන් සිටින බවට සැක කරනු ලබයි”. යනුවෙන් වැඩිදුරටත් එහි සඳහන් වේ.
2009 සිට 2013 දක්වා අලුතෙන් ඝාතන සිද්ධීන් වාර්තා නොවුන ද සිදුව තිබූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් වලට වගකිවයුත්තන් සොයා දඬුවම් දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය කිසිදු පියවරක් ගෙන නැති බවයි CPJ වාර්තාව මගින් හෙළි වන්නේ.

අර කුරාම් ශෙයික් මරපු ප්‍රදෙශිය සබා කාරයව හන්ගගෙන නඩුව විසි කර කර සෙල්ලම් දෙම්ම අර බාරත ලක්ශ්මන් මරපු දුමින්ද සිල්වා රජෙක් වගෙ තාමත් එලියෙ කිසි දිනක රිමාන්ඩ් කරෙ නහ , අර කුඩු කන්ටෙනර් ගෙන්වපු අගමති සහ පුතා නිදෙල්ලෑ , අර කෙලනියෙ කප්පම් ගන්න කුඩු කාරයන් පාතලය වට කරන් ඉන්න මාර්වින් සිල්වා අහින්සක මිනිසුන් ගස් බන්දිමින් අහින්සක මිනිසුන් ව බය කරන් කරනා සෙල්ලම් සහ උගෙ පුතා මාලක සිල්වා මිනිසුන්ගෙ ඔලු පලමින් මත් කුඩු ජාවාරම ගෙන යන්නෙ මෙම රජයෙ ඉහලම අනුමතිය එතිව ඒ කියන්නෙ මහින්ද රාජපක්ශ සහ ගෝටාබයගෙ අනු දෙනුම සහිතව
ReplyDelete