facebook like

මිට කලින් මාව දැකලා නැද්ද....වැඩක් බලාගෙන යනව මනුස්සයො කිව්ව ....හෙතුව මාලිංගගේ බිරිය ටාන්‍යා පෙරේරා කියයි

මාලිංග කප් එක ඉස්සුව මැච් එක ඔයා බැලුවේ කොහේ ඉඳන්ද?
අපේ ගෙදර ඉඳන්. බබාලා දෙන්නා ඉන්නවානේ. ඒ දෙන්නත් එක්ක බැලුවා ගෙදරට වෙලා.

ඇයි මේ පාර යන්න බැරිවුණේ?
බබාලා දෙන්නගේ වැඩ නිසා. අපේ පුතා තාම චූටියි. දිගටම ඉන්න එකක් නම් කොහොමහරි මාත් යනවා. ඒත් එක දවසකට නිසා යන්න බැරි වුණා.

දින්න ගමන් ඔයා කතා කළාද? මාලිංග ඔයාට කතා කළාද?
දින්න ගමන් ලසිත් මට කතා කළා. මොන මැච් එකට ගියත් එයා එහෙමයි. කතා කරලා දැක්කද කියලා ඇහුවා. 96න් පස්සෙ වර්ල්ඩ් කප් එකක් ඉස්සුව ටීම් එකේ එයා
කැප්ටන් වීම නිසා මගේ සතුට දෙගුණ තෙගුණ වුණා. ලොකු සතුටක්. ඒක වචනවලින් කියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි.

යද්දි කණ්ඩායම් නායකත්වයේ හිටියේ චන්දිමාල්. මෙහෙම අවස්ථාවක් ලැබෙයි කියලා යනකොට ඔහු දැනගෙනද හිටියේ?
නෑ දැනගෙන හිටියේ නෑ. මං හිතන්නේ එයාව කැප්ටන්සි ගනියි කියලා යනකොට නම් එයා දැනගෙන හිටියේ නෑ. චන්දිමාල් අයින් වුණාට පස්සේ එයාට කැප්ටන්සි හම්බ වුණා කියලා මට කතා කරලා කිව්වා.

මොකද හිතුණෙ ඒ වෙලාවේ. ඔහුට ඒක ලැබෙන්න ඕන කියලා ඔයාටත් හිතිලාද තිබුණේ?
ඔව්. ඒක එයාට ලැබෙන්න ඕන අවස්ථාවක්. ඒකට එයාගේ ටැලන්ට් එක කොහොමත් තිබුණා. එයාට හරිම අවස්ථාවේදී එය ලැබුණා කියලා මට හිතුණා. ලොකු සතුටක් දැනුණා.

මාලිංග නම් කියන්නේ ඒකට බලපෑවේ වාසනාව නෙවෙයි දක්‍ෂතාව කියලා. ඔහුගේ වාසනාව නෙවෙයි නම් මේ ඔයාගේ හෝ දරුවන් දෙදෙනාගේ වාසනාව වෙන්න බැරිද?
එහෙම කියන්න මට තේරෙන්නෙ නෑ. වාසනාවත් පොඩ්ඩක් හරි තියෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. හැබැයි ඒ වාසනාව ලසිත්ගෙද, මගේද බබාලා දෙන්නගෙද, එහෙමත් නැත්නම් මේ රටේ වාසනාවද කියන්න මට තේරෙන්නෙ නෑ. වාසනාවටත් වැඩිය දක්‍ෂතාව තිබුණා කියන කතාවත් ඇත්තක්. එයා ඉස්සර ඉඳන්ම ගොඩක් කැපවීමෙන් වැඩ කළා. හැම මැච් එකකදීම වගේ කැප වුණා. වාසනාව දක්‍ෂතාව වගේම එයාගේ දැනුමත් වැඩ කළා මං හිතන්නේ.

කප් එක ඉස්සුව වෙලාවේ සංගක්කාරගේ බිරිය යෙහාලි, ග්‍රවුන්ඩ් එකට දුවගෙන ගිහින් ඔහුව සිප වැලඳගෙන සුබ පතද්දී එතැන ඉන්න තිබුණා නම් කියලා හිතුණෙ නැද්ද?
එහෙම දෙයක් නෑ. මට වැදගත් වුණේ කොහොමහරි ජයග්‍රහණය ලබා ගත්ත එක. එතැන මම ඉන්න ඕනමයි කියලා හිතුවා නම් මම කොහොමහරි යනවා. මම එතැන ඉන්න අවශ්‍යමයි කියලා මට හිතුණේ නෑ. මගේ ආශීර්වාදය හැමතිස්සෙම එයාට තියෙනවා. වෙන කිසිම ප්‍රශ්නයක් එයාගේ හිතට දැනෙන්න දෙන්නෙ නැතුව ගෙදර හැමදෙයක්ම බලාගෙන ඒ දේවල් කරන්නෙ මම. කිසිම ප්‍රශ්නයක් එයාගේ ඔළුවට දාන්නෙ නෑ. එයා ඒක දන්නවා. හැම තිස්සෙම එයා ළඟ ඉන්න බැරි වුණත් මම ඉන්නවා කියන එක එයා දන්නවා.

ලංකාවට ඇවිත් ඔයාව ඉස්සෙල්ලාම හමුවුණු වෙලාවේ කොහොමද ඒ සතුට බෙදා ගත්තෙ?
මම එයා ළඟට යන්න කලින් දුව එයාව දැකලා එයා ළඟට දුවගෙන ගියා. ලසිත් ඉස්සරහට ඇවිත් එයාව වඩා ගත්තා. ඊට පස්සේ දිගටම දුව හිටියේ එයාගේ අතේ. ගොඩක් සන්තෝෂයි. කුසලානයත් එක්ක එයාව දැක්කට පස්සෙ මට ලොකු සතුටක් දැනුණා. වර්ල්ඩ් කප් ගොඩකම ෆයිනල් ඇවිත් මිස් වෙලා කාලෙකට පස්සෙ හම්බවුණ කප් එක නිසා ඒ සතුට තවත් වැඩිවුණා. ඒක කියලා නිම කරන්න බැරි සතුටක්.

ජයග්‍රහණයෙන් පස්සෙ පන්දුයවන්නන් වුණත් නායකත්වයට සුදුසුයි කියන දේ ඔහු ප්‍රකාශ කළා. වේග පන්දු යවන්නෙක් නිසා කවදාවත් නායකත්වය නොලැබෙයි කියන අදහසකද ඔහු හිටියේ?
මට තේරෙන විදියට පන්දු යවන්නන්ටත් නායකත්වය කරන්න පුළුවන් කියන දේ ඔහු ඔප්පු කරලා පෙන්නුවා. පන්දු යවන්නෙක්ද පිතිකරුවෙක්ද කියන එක නෙවෙයි, ටීම් එක ගැන තියෙන දැනුම තමයි නායකත්වයට බලපාන්නෙ කියන අදහස ඔහුට වගේම මටත් තිබුණා. ටීම් එකේ මොන තැනක හිටියත් අනෙක් අයගේ දක්‍ෂතාව හඳුනාගෙන ඉන්නවානම්, ක්‍රීඩකයන් ස්ථානගත කරන්න ඕන තැන් දන්නවා නම්, එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි මං හිතන්නේ.

කණ්ඩායමේ උපනායක ධුරය දරද්දි නායකත්වය ගැනත් ඔහු බලාපොරොත්තු තියාගෙන හිටියා නේද? ඒක නොලැබෙද්දී කනගාටුවෙන්ද හිටියේ?
එහෙම කනගාටුවක් එයාටවත් මටවත් තිබුණෙ නෑ. මොකද ලසිත් කවදාවත් කැප්ටන්සි එක පස්සෙ ගියේ නෑ. පුළුවන් තරම් උපරිම විදියට කණ්ඩායමට දෙන්න පුළුවන් වුණු දේ දුන්නා මිසක් කවදාවත් කැප්ටන්සි එක බලාගෙන වැඩ කළේ නෑ. හැබැයි මම දැනගෙන හිටියා එයාට ගොඩක් සුදුසුකම් තියෙනවා කියලා. එයාට අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම විස්සයි විස්ස තරගවලදී ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. එයාත් අනෙක් සීනියර් ප්ලේයර්ස්ලාගෙන් එක්කෙනෙක්. තනතුරට පත් වුණත් නැතත් එයා එයාගේ දැනුමෙන් කණ්ඩායමට කරන්න ඕන දේවල් කළා. එහෙම නැතිව කැප්ටන්සි බලාගෙන වැඩකළේ නෑ කවදාවත්.

පසුගිය කාලේ සල්ලිවලට ගහනවා. තරග පාවා දෙනවා කියන චෝදනා එනකොට ඔහු මොනවද කිව්වෙ?
කවුරු මොනවා කිව්වත් එයා ගණන් ගන්නෙ නෑ. මම ගණන් ගන්නෙත් නෑ. සමහර වෙලාවට ටී.වී. එකේ යන දේවල් බලලා අපි දෙන්නම මූණට මූණ බලන් හිනා වෙනවා. එක එක්කෙනාගේ මානසිකත්වය, ඉරිසියාව වගේ දේවල්වලට අපිට කරන්න දෙයක් නෑනේ. ඒක නිසා ඒවාට අපි දෙන්නා අපි දෙන්නටම හිනාවෙලා නිකන් ඉන්නවා. කියන දේවල් ඕන දෙයක් ඕන කෙනකුට කියා ගන්න අරිනවා. මං හිතන්නේ ඒ දේවල් කියපු හැම කෙනෙක්ටම එයා මේපාර හොඳ උත්තරයක් දුන්නා.

මාධ්‍යයත් එක්ක ප්‍රශ්නය ඇති කරගත්ත වෙලාවේ ගෙදර ඇවිත් මොකද කිව්වෙ?
මෙහෙමයි. එයා ඇවිත් මට කිව්වෙ මීඩියාවලින් එයාව තල්ලු කරගෙන ආවා කියලා. වාහනෙන් බහින්න දීලා තිබුණේ නෑ. වීඩියෝ එකේ ඒ කෑල්ල පෙන්නුවේ නෑ. එහෙම වුණාම ඕන කෙනෙක්ට තරහා යනවනේ. වාහනෙන් බහින්න ඉඩක් නැත්නම් ‍ෙදාර හිර කරලා කැමරාවක් දාලා තියෙනවා නම් තරහා යන එක සාධාරණයි. මම ඇහුවා 'ඇයි බහින්න දෙන්නෙ නැත්තෙ' වගේ දෙයක් කියන්නෙ නැතිව ඇයි එහෙම කිව්වෙ කියලා. හැමෝම ඇඟිල්ල දික් කළේ මෙයාටනේ. කොහොම වුණත් එතැනදී දෙපැත්තෙන්ම වරදක් වුණා. ‍ෙදාර අරින්න බැරි කතාවක් එතැන කියවෙන්නෙ නැති නිසා, එයා කෑගැහුව නිසා වැරැද්ද එයාගේ වගේ පේන්නෙ. මීඩියා අයත් දැනගන්න ඕන අනෙක් පැත්තෙන් ක්‍රීඩකයකුගේ මානසිකත්වය මොකක්ද කියන එක. හැම තිස්සෙම ඔවුන් පහළ දාන එක වැරැදියි. මං දන්නවා එහෙම කාටවත් ලසිත්ව පහළ දාන්න බෑ. වට්ටන්නත් බෑ. නමුත් මෙයාට ඒක ගාණක් නැති වුණාට වෙන ක්‍රීඩකයෙක්ට ඒක එහෙම නොවෙන්න පුළුවන්.

ලසිත්ගේ විලාසිතාවලටත් සමහරු චෝදනා කළා. ඔබ කැමැතිද ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙක් විදියට ලසිත් කරන විලාසිතාවලට?
මම හම්බ වෙද්දිත් එයා ඔය විදියටම තමයි හිටියේ. එයාගේ විලාසිතාවන් මට නම් කවදාවත් ප්‍රශ්නයක් වුණේ නෑ.

කොහොමද ඒ මුණගැහීම සිද්ධ වුණේ?
මං වැඩකරපු කාලේ තමයි හම්බ වුණේ. එක්තරා ආයතනයක මහජන සම්බන්ධතා කළමනාකාරිත්වයට සම්බන්ධ රැකියාවක් මං කළේ. ඒකෙ ඉවෙන්ට් එකකදී තමයි හම්බ වුණේ. ඒ ඉවෙන්ට් එක වෙලාවෙදී ලසිත් තමයි සන්නාම තානාපතිවරයා විදියට ආවේ. අන්තිමේදී ඉවෙන්ට් එක ඉවර වෙද්දි ඔහු මට ආදරය ප්‍රකාශ කරලාත් ඉවරයි.

ආදරේ කරපු කාලේ ඔහු මොන වගේ කෙනෙක්ද?
ආදරය කරපු කාලේදී කියලා වෙනසක් නෑ. එයාට හිතෙන දේ හැම තිස්සෙම කෙළින් කියනවා. ගොඩක් අය කියනවා ආඩම්බරයි කියලා. හැබැයි එහෙම නෑ. එයාව ළඟින් ආශ්‍රය කරන අය දන්නවා. ඔහු ආඩම්බර කෙනෙක් නෙවෙයි. බොහොම නිහතමානී කෙනෙක්. මාව, මගේ බබාල දෙන්න ගැන හැමදේම ගොඩක් හොයලා බලනවා.

ගෙදර ඉද්දි කොහොමද උදව් පදව් එහෙමත් කරනවද?
ළඟින් ඉන්න ඕන හැම අවස්ථාවකදීම ළඟින් ඉඳලා තියෙනවා. ගිය අවුරුද්දේ මගේ පොඩි පුතා හම්බ වෙන්න ඉද්දි එයා අයි.පී.එල්. මැච් එක දාලා මං ළඟට ආවා. මම ඇමෙරිකාවේ හිටියේ. එපා කිව්වත් එයා ඇහුවෙ නෑ.
මුම්බායි ඉන්දියන් චැම්පියන් කුසලානය ගන්න තිබුණේ. ඒක අතඇරලා මගේ ළඟට ඇවිත් ළඟින්ම හිටියා. ඒ දේවල් මට ගොඩක් වටිනවා.

නිතර ගෙදර ඉන්නෙ නැති නිසා දරුවන් දෙන්නා ලසිත්ට වැඩිය ළඟ නැතුවත් ඇති...?
පොඩි එක්කෙනා ගොඩක්ම චූටියි. එයාට මාස හයයි තාම. මුකුත් තේරෙන්නෙ නෑ. ලොකු එක්කෙනාට තේරෙනවා තාත්තා මැචස්වලට ගියාම ගෙදර ඉන්නෙ නෑ. එයා ළඟ ඉන්නෙ නෑ කියලා එයාට තේරෙනවා. සමහර වෙලාවට එයා තාත්තව හොයනවා. මගෙන් අහනවා. ගෙදර ඉද්දිනම් එයා තාත්තා එක්කම තමයි. තාත්තා ඉන්න වෙලාවට එයාව තාත්තා ළඟින් හොල්ලනවා බොරු.

මාලිංග ඉපදුණු රත්ගම කියන්නේ ටිකක් සැර පළාතක්. ඔහුත් ඒ වගේම සැර නපුරු කෙනෙක්ද?
සැරයි කියන්නෙ මෙහෙමයි. කේන්ති යන වෙලාවල් තියෙනවා. නැත්තෙ නෑ. ඒ වුණාට ගොඩක්ම සැර පරුෂ කෙනෙක් නෙවෙයි. ඉවසීමත් තියෙනවා. මම කෑ ගැහුවත් සමහර වෙලාවට අහගෙන ඉන්නවා.

හැඟීම්බර වෙන වෙලාවල් එහෙමත් තියෙනවාද?
බබාලා දෙන්නා සහ මම සම්බන්ධ දේවල් එක්ක එයා හරි හැඟීම්බරයි. එළියට පෙන්නන්නෙ නෑ. ඒත් හිත ඇතුළෙන් හිතනවා කියලා මං දන්නවා.

ලසිත් කියන්නේ ලොව පුරා ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය වැඩියෙන්ම දිනා ගත්තු කෙනෙක්. ඉරිසියා හිතෙන වෙලාවල් නැද්ද?
නෑ. එක එක අවස්ථාවල එක එක දේවල් කියන අය ඉන්නවා. මගේ ෆෝන් එකට කෝල් කරලා අනම් මනම් දේවල් කියනවා. නැත්තෙ නෑ. හැබැයි ඒ කියන එක දෙයක්වත් මට වැඩක් නෑ. මම දන්නවා මගෙත් එක්ක ඉන්න කෙනා කවුද කියලා.

සමහර වෙලාවල බොලිවුඩ් නිළියන් පවා ඔහුට ආදරය ප්‍රකාශ කරනවා. මොකද හිතෙන්නේ එහෙම වෙලාවට?
මට නම් ආඩම්බර හිතෙනවා. මොකද ඔහු මගේ සැමියානේ.

ඔයාට නීති දානවද?
නීතියක් නෑ ඉතින් රැකියාව කරනවාට නම් කැමැති වුණේ නෑ.

විකට් එකක් ගත්ත ගමන් අර දාන ඩාන්ස් එක කැතයි කියලා වගේ කමෙන්ට්ස් දෙන්නෙ නැද්ද ඔබ?
නෑ නෑ මම කියන්න යන්නෙ නෑ. මොකද ඒකෙ කැතක් පේන්නෙ නෑ. එයා හිතලා කරන දෙයක් නෙවෙයි. සතුට වැඩිකමට ඉබේම වෙන දෙයක්. ඉඳලා ඉඳලා බලන් ඉඳලා ගත්ත විකට් එකක් නම් එයාට හැපීනේ. ඉතින් සමහර වෙලාවට දැක්කම නම් මටත් හිනා යනවා. හුසේන් බෝල්ට් වගේ අර අත්දෙක උඩ දාලා මොකක්ද එකක් කළා ඉන්ග්ලන්ඩ්වලදී. ඒකට නම් මටත් හිනා ගියා.

ටීම් එකේ ලසිත් වැඩියෙන්ම ළඟ කාටද?
නුවන් කුලසේකර තමයි ගොඩක්ම ළඟින් ආශ්‍රය කරන්නෙ.

ක්‍රිකට් නිසා ලසිත් වැඩියෙන්ම සතුටෙන් හිටිය දවසක් මතකද?
මේ වර්ල්ඩ් කප් එක දිනුව අවස්ථාව තමයි.

ක්‍රිකට් නිසා වැඩියෙන්ම දුකින් හිටියේ?
2008 එයාගේ ඉන්ජරි එක වෙලාවේ. කකුලේ අමාරුව ගැන කාගේවත් සැලකීමක් තිබුණේ නෑ. එයා ගොඩක් කලකිරිලා හිටියේ. ක්‍රිකට් ගැන නෙවෙයි වෙච්ච සිදුවීම් එක්ක අදාළ පුද්ගලයන් ගැන කලකිරීමෙන් හිටියේ. ක්‍රිකට් ගැන නම් කලකිරීමෙන් හිටියේ නෑ කවදාවත්.

ක්‍රිකට් බෝඩ් එකේ ඇති වෙන ප්‍රශ්න එහෙමත් ගෙදර ඇවිත් කියනවද?
ඔව් ගෙදර ඇවිත් කතා කරනවා.

සංගා - මහේල ප්‍රශ්නය ගැන මොකද ගෙදර ඇවිත් කිව්වෙ?
ඒ ගැන නම් තාම මුකුත් කතා කළේ නෑ. ගෙදර ආවට හරිම බිසීනේ.

ලසිත් ඇරුණාම ඔබ ටීම් එකේ වැඩියෙන්ම කැමැති කාටද?
ඉන්න ප්ලේයර්ස්ලා හැමෝටම වගේ කැමැතියි. කුමා අයියටයි, මහේල අයියටයි ගොඩක්ම කැමැතියි.

සුභාෂිණී ගුණරත්න

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive