මාස්ටර් සර්.... මට හිමි තැන දෙන්න... - ඩිලාන් පෙරේරා
මං කැමැතිම ගීතය තමයි “මාස්ටර් සර්.... මට හිමි තැන දෙන්න... අනේ සර්... අනුකම්පා කරන්න....” මේ ගීතය මම ඉස්සෙල්ලාම ඇහුවෙ “කළුදියදහර” චිත්‍රපටය තිරගත වෙච්ච අවධියේමයි. මාස්ටර් සර් ගීතයේ තාලයට මම හුඟක්ම ප්‍රිය කළා. ඒ වගේම මේ ගීතයේ වචනවලට විශාල තේරුමක් තියෙනවා. මේ ගීතය ගායනා කරපු කාලේ අපේ රටේ තිබුණ තත්ත්වයත් එක්ක විශාල අර්ථයක් ගෙනාවා.
ඒ වගේම මේ ගීතය අහන්න ලැබෙන හැම වෙලාවකම බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම වතුකරයේ ජනතාව මට මැවී පේනවා. ගීත ශ්‍රවණය කරන්න, රසවිඳින්න විශාල කැමැත්තක් තිබුණත් මට ඒකට අවස්ථාව සැලසෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් වාහනයේ යන සහ එන වෙලාවට තමයි ගීත ඇහෙන්නේ. මගේ රාජකාරි කටයුතු නිසා ගීත ශ්‍රවණය කරන්න ලොකු ඉඩක් ලැබෙන්නේ නෑ. ඒත් වෙලාවක් අවේලාවක් නැතිව ලස්සන ගීත අහන්න මම ආසයි.
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ - සුසන්ත පුංචිනිලමේ
මං කැමැතිම ගීතය තමයි අර “වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ...” කියන ගීතය. මං මේ ගීතය ඇහුවේ ගොඩක්ම ඉස්සර දවසක. ඒත් මේ ළඟදි දවසක පාටියකට ගියපු වෙලාවෙ මේ ගීතය නැවැත වතාවක් අහන්න ලැබුණා. ඇත්තටම හරිම අර්ථවත් සින්දුවක්. ඒ නිසා මේ ගීතයට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. දේශපාලන කටයුතු නිසා සින්දු අහන්න කියලා වෙනම වෙලාවක් නම් නැහැ. හැබැයි වාහනේට නැඟපු වෙලේ ඉඳලා බහිනකල්ම සින්දුවක් අහගෙන තමයි යන්නේ. කොයි තරම් අලුත් සින්දු ඇහුණත් මේ පැරැණි ගීතවලට තියෙන කැමැත්ත, ඇල්ම, අඩුවන්නේ නෑ. කොයි වෙලාවේ ඇහුණත් “වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ” ගීතයට මම ආසයි.
නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරී... නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ... - ශ්‍රී රංගා
ආ... මං කැමැතිම සින්දුවද...? ලියන්න “ඕයේ ඔජායේ....” කියලා.මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ තමයි මේ ගීතය ඇහුවේ. “නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරී... නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ...” අන්න ඒ සින්දුව ගැන තමයි මම කියන්නේ. අහපු මුල්ම දවසෙම මට හරි ආස හිතුණා. ඒ බීට් එකට පවා මම කැමැතියි. දවසක් එක්තරා රූපවාහිනි නාළිකාවක තිබුණ වැඩසටහනකදි මම ඒ සින්දුව ගායනා කළානේ. කාලයක් තිස්සේම මගේ හිතට වැදුණ ගීතයක් තමයි. ඉතින් සින්දුවක් කිව්ව ගමන් මේ ගීතය අහන්න තිබුණා නම් ආසයි.
කඳුළ ඉතින් සමාවෙයන්... අපි වෙන්වෙමු අද හවසට... - පී. හැරිසන්
“කඳුළ ඉතින් සමාවෙයන්... අපි වෙන්වෙමු අද හවසට... මගෙ ගෙපැලට අෑ එනවා... සිරියහනේ තනි රකින්න...” අන්න ඒ ගීතයට තමයි මම කැමැතිම. කීර්ති පැස්කුවෙල් කියන මහත්මයා මේ ගීතය ගායනා කරපු මුල්ම අවධියේ මට මේ ගීතය අහන්න ලැබුණා. අහපු මුල්ම දවසෙම මට ගීතය පිළිබඳ විශේෂ ඇල්මක් ඇති වුණා. මං හිතන්නේ ඒ ගීතයේ තිබුණ ඉතාම සන්සුන් සංගීතයට මම කැමැති වුණා. ගීතයටත් කැමැත්තක් තිබුණා. ආසයි කිව්වට ඉතින් මේ සින්දු අහන්න ලැබෙන්නේ හදිසියෙන් ඔය ටී.වී. එකක් බලන්න ලැබුණු දවසට. එහෙමත් නැත්නම් වාහනේ කොහේ හරි යන වෙලාවක. එහෙම නැතිව සින්දු අහන්න නම් වෙලාවක් ලැබිලා නෑ. තව අර “හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...” කියන ගීතයටත් මම කැමැතියි.
සයුරු තෙරේදී... අවන්හලේදී.... දෙනෙතේ කතාවෙන් සිත් යාවුණේ... - චන්ද්‍රාණි බණ්ඩාර
මිල්ටන් මල්ලවආරච්චිගේ සින්දුවක් තියෙන්නේ “සයුරු තෙරේදී... අවන්හලේදී.... දෙනෙතේ කතාවෙන් සිත් යාවුණේ...” කියලා. අන්න ඒ සින්දුවට මම හරිම කැමැතියි. ඒ දවස්වල ඩී.වී.ඩී. තිබුණේ නෑනේ. කැසට් පටයකින් තමයි මම ඔය ගීතය ඇහුවේ. ඒ දවස්වල මිල්ටන් මහත්තයා හරි ප්‍රසිද්ධයිනේ. ඒ නිසා නිතර නිතර ගුවන්විදුලියෙන් පවා මේ ගීතය අහන්න ලැබුණා. එතුමාගේ සින්දු බොහොමයකට මම කැමැතියි. ඒ අතරින් මේ ගීතයට ගොඩක් කැමැතියි. මේ ගීතයට විශේෂයෙන්ම මම කැමැති ඇයි කියලා නම් කියන්න බෑ. හැබැයි එහෙම හේතුවක් තියනවා කියලා හිතාගත්තට වරදක් නෑ. ඊළඟට මම “ප්‍රිටි වුමන්” කියන චිත්‍රපටයේ තිබෙන “ඓ’ල්ල් අල්ල්වය්ස් ලොවෙ යොඋ” කියන ගීතයටත් ගොඩක් කැමැතියි.
ඕලු නෙලුම් නෙරිය රඟාලා... කිකිණි හඬන වලා නඟාලා.... - මිල්රෝයි ප්‍රනාන්දු
“ඕලු නෙලුම් නෙරිය රඟාලා....” කියන ගීතයට තමයි එදා මෙදාතුර මම හුඟක්ම ආදරය කළේ. මේ ගීතය රේඛාව චිත්‍රපටයට සිසිර සේනාරත්න මහත්තයා ගායනා කරන සින්දුවක්. ඉතින් මම ගොඩක් ආසා කළා ඒ සින්දුවට. කොයි තරම් සින්දු බිහි වුණත් අපි මහ ලොකුවට කටපාඩම් කරලත් නැතිව මේ ගීතය මට හොඳටම මතකයි. ඇයි ඉතින් දැන් හැදෙන ගීත වගේ නෙවෙයි අපිට වුණත් කියලා රසවිඳින්න පුළුවන්. “ඕලු නෙලුම් නෙරිය රඟාලා... කිකිණි හඬන වලා නඟාලා.... ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ....” (තාලයට ගායනා කරයි) බලන්න අපටත් ගායනා කරන්න පුළුවන්. සින්දුවක් කියන්නේ ඒකටනේ. යන්තම් හරි මුමුනගන්න පුළුවන් වෙන්න එපැයි. මගේ හිතට මේ ගීතය ඇතුළු වෙන්න ඔන්න ඔය කාරණයත් බලපෑවා. ඕනම කෙනකුට කියන්න පුළුවන් නිසා මම මේ සින්දුවට හරි ආසයි. සින්දුවක් කියන එකේ අගය දැනෙන්නේ එතකොට. දැන් මට වයස අවුරුදු 70යි. ඒත් මේ ගීතය තවමත් වයසට ගිහින් නෑ.
මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදා හිමි සෙවණයි - දිනේෂ් ගුණවර්ධන
දැනට නම් මම කැමැතිම ගීතය සනත් නන්දසිරි මහත්මයා ගායනා කරන “මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදා හිමි සෙවණයි...” කියන ගීතය, මම හිතන්නේ මේ ගීතය දශක දෙකකට වඩා පැරැණියි. ඒ කාලය පුරාවටම මම මේ ගීතය ශ්‍රවණය කරලා තියෙනවා. අදටත් මම හරිම ආසාවෙන් රස විඳින ගීතයක්. ගීතයක් අහන්න වෙලාවකුත් නෑ කියලා ඉන්නේ නැතිව මම කොහොමහරි උදේ පාන්දරට හරි මහ රෑට හරි වෙලාව හදාගෙන ගීත රස විඳිනවා. ගීතයක් රසවින්දම සිතට සම්පූර්ණයෙන්ම වෙනස් හැඟීමක් දැනෙනවා. සිත සැහැල්ලු වෙනවා. විශේෂයෙන්ම මම මේ ගීතයට කැමැති තනුව වගේම වචන ටිකත් හරිම මිහිරියි. එතුමාගේ (සනත් නන්දසිරි) ඉදිරිපත් කිරීමත් හරිම අපූරුයි. එක පැත්තකින් අපේ රටේ ශ්‍රී විභූතිය ගැන කියැවෙනවා. අපේ රට ජාතිය ගැන ආඩම්බරය ඇති කරවනවා. අනෙක් අතට බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ දන්න ධාතුන් වහන්සේ පිළිබඳ කියැවෙනවා. මේ පණිවුඩ කීපයම එකම ගීතයකින් ලබාදෙනවා ඒ නිසා මම මේ ගීතයට වඩාත් කැමැතියි.
නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
සෝමතිලක ජයමහ මහත්මයා ගායනා කරන “නවදැලි හේනක පෑව වැඳිරි රුව... ලෙස උවමින් දෙනුවන් රවටා... මා පෙම් කළ ජනපද කල්‍යාණිට... හිමියනි මට කළ නෙහැක නිගා...” කියන ගීතය තමයි මම වැඩියෙන්ම කැමැති. මම ඉස්කෝලෙ යන කාලේ ඉස්සෙල්ලම මේ ගීතය ඇහෙද්දි තදින් මගේ හිතට වැදුනා. ඒත් මේ ගීතයෙන් කියවෙන දේ තේරුම්ගන්න පුළුවන් වයසක නෙවෙයි මම එතකොට හිටියේ. තාත්තගෙන් මම ඒ ගැන ඇහුවා. සින්දුවේ තේරුම කියල දීලා සින්දුවල තියෙන වටිනාකම ගැනත් තාත්තා මට කියලා දුන්නා. එදා ඉඳලා වෙනත් සින්දු කොච්චර මට ඇහුණත් අදටත් මම කැමැතිම සින්දුව තමයි මේක.
වාසනා සුරංගිකා විතානගේ

0 comments:
Post a Comment