පාසල් කාලය ගැන තියෙන්නේ මොන වගේ මතකයක්ද?
මම මුලින්ම ඉගෙන ගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ. ඒ කාලේ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තුන්වැනි පන්තිය වනතුරු පිරිමි ළමයිනුත් ඉගෙන ගත්තා. ඒ දවස්වල මට ඉගෙනීමට කිසිම දක්ෂකමක් තිබුණේ නැහැ. ලකුණු කීයක් හරි තිබුණේ චිත්‍රවලට විතරයි. අනිත් හැම විෂයටම ලැබුණේ බින්දුව. මට මතකයි මගේ රිපෝට් එකේ රතු තීන්තෙන් ලියල තිබුණා, “මේ ළමයා දුර්වලයි ඉගෙනීමට තව උනන්දු කරන්න” කියලා. මගේ අම්මා මට වයස අවුරුදු 4දී මියගියා. තාත්තා කාලයක් යනතුරු තවත් විවාහයක් කරගත්තේ නැහැ.
මම හිටියේ ආච්චි ළඟ. ඉතින් මාව ඉගෙනීමට උනන්දු කරන්න කෙනෙක් ඒ කාලේ හිටියේ නැහැ. නමුත් මම මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ ඒ තත්ත්වය වෙනස් වුණා.
ඒ වෙනස්වීම සිදුවුණේ මොන විදියටද?
ධර්මරාජ විද්‍යාලයේ තිබුණු විනය සහ ශික්ෂණය නිසා වෙන්න ඇති ටික කලකින්ම මට පන්තියේ පළමුවැනියා වෙන්න පුළුවන් වුණා. මම නැවතිලා හිටියේ ධර්මරාජ විද්‍යාලයේම නේවාසිකාගාරයේ. ඒ ගත කරපු අවුරුදු 12ක කාලය තුළ පාසලෙන් නේවාසිකාගාරයටත් නේවාසිකාගාරයෙන් පාසලටත් යනව හැරෙන්න පිටස්තර ජීවිතයක් මට තිබුණේ නැහැ. මහනුවර නගරය සුන්දරයි. ඒත්, ඒ සුන්දරත්වය මට දකින්න ලැබුණෙත් සතියකට සැරයක් දළදා මාළිගාවට යන ගමනෙදි විතරයි. ඒ නිසා ගැහැනු ළමයි ගැනවත් අවබෝධයක් ඒ කාලේ මට තිබුණේ නැහැ. හරියට චිත්‍රපටියක් බලනවා වගේ ගෙවල්වල ඉඳන් ආපු යහළුවන්ගෙන් අහපු දේවල්වලින් තමයි ගැහැනු ළමයි ගැන විස්තර හිතේ මවාගත්තේ.
ඒ කාලෙ මුහුණ දීපු අමතක නොවන සිදුවීම?
මගේ තාත්තා ඒ කාලේ හිටපු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඉතින් චිත්‍රපටවලට පොඩි කාලේ ඉඳන්ම මගේ ඇල්මක් තිබුණා. හොස්ටල් එකේදි මාසෙකට සැරයක් චිත්‍රපට බලන්න එක්කරගෙන යනවා. ඒ නිසා පසු කාලෙක ඒ ආසාව ඇබ්බැහියාවක් බවට පත්වුණා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ වයස වෙනකොට මම රෑට හොරෙන් චිත්‍රපට බලන්න යන්න පුරුදු වුණා. ඒ යන්නේ පඹයෙක් හදලා ඇඳේ තියලා. ඒ විදියට හොරෙන් ගියපු ගමන වතාවක් අහුවුණා. මාත් එක්ක තවත් ශිෂ්‍යයෝ 12 දෙනෙක් ඒ වැරැද්දට පාසලෙන් එළියට දැම්මා. අනිත් ශිෂ්‍යයෝ විදුහල්පතිතුමාට වැඳලා සමාව ඉල්ලලා ආයෙමත් පාසලට ඇතුළත් වුණා. “මම නම් ආයෙමත් යන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට තාත්තා කියපු නිසා මමත් විදුහල්පතිතුමාගෙන් සමාව අරගෙන පාසලටත් නේවාසිකගාරයටත් ඇතුළත් වුණා. එහෙම සමාව අරගෙන නේවාසිකාගාරෙට ආපු මුල්ම දවසේ රෑ අපව මහනුවර ඇසළ පෙරහර බලන්න එක්කරගෙන ගියා.
මහනුවර වැව ළඟට ආවාම මට හිතුනා පෙරහර බලනවාට වඩා හොඳයි චිත්‍රපටියක් බලන එක කියලා. එහෙම හිතලා මම එදා රෑත් චිත්‍රපටියක් බලලා පෙරහර ඉවර වෙන වෙලාව වෙද්දී ආයෙමත් නේවාසිකාගාරයට ආවා.
උසස් පෙළ විභාගයේදි ලැබුණු ප්‍රතිඵලය
උසස් පෙළට පෙනී හිටපු පළමුවැනි වතාවේ මට විෂයන් 4ම සමත් වෙන්න බැරි වුණා. ඒකට හේතු තිබුණා. අනික් ළමයි ටියුෂන් පන්ති ගියා. ඒත් ටියුෂන් යන්නේ මොකටද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. මොකද ටියුෂන් පන්තිවලට ගෙවන්න මුදල් මට තිබුණේ නැහැ.
නේවාසිකාගාර ගාස්තුව පවා ගෙව්වේ බොහොම අමාරුවෙන්. සෙනසුරාදා,ඉරිදා, දවස්වලට අනික් ළමයි ටියුෂන් පන්ති යද්දි මම ඒ දිහා කාමරේ දැල් කවුළුවෙන් බලාගෙන ඉන්නවා.
විභාග ප්‍රතිඵල එද්දී මම හිටියේ ගෙදර. ඉතින් මම තාත්තාට කිව්වා මගේ ප්‍රතිඵල බලාගෙන එන්න කියලා. ප්‍රතිඵල බලාගෙන ඇවිත් තාත්තා කිව්වා. “ඔයා පාස්” කියලා. මමත් හරිම සතුටෙන් හිටියා. ඒත් ඉස්කෝලෙට ගියාමයි මම දැනගත්තේ මම ෆේල් කියලා. ඒ වෙලාවේ මට ඇඬුණා. ඒ මම ෆේල් නිසා නෙවෙයි, මගේ හිත රිදේවි කියලා හිතලා මම විභාගේ පාස් කියලා තාත්තා කියාපු නිසයි.
එතකොට විශ්වවිද්‍යාල වරම් ලැබුවේ?
දෙවැනි වතාවේ උසස් පෙළ විභාගයෙන් මම සමත් වුණා. මම රුහුණු විශ්ව විද්‍යාලයට ඉල්ලුම් කළා. අපේ කණ්ඩායමෙන් තමයි රුහුණු විශ්වවිද්‍යාලය පටන් ගත්තේ.
මුල්ම දවසේ මොකක්ද ඇඳගෙන යන්නේ කියලා තාත්තාගෙන් ඇහුවාම තාත්තා කිව්වා “ඔයා ජාතික ඇඳුම ඇඳගෙන යන්න” කියලා. එදා මාතර නගරෙ ඉඳන් විශ්වවිද්‍යාලයට පෙරහරකින් ගියා. ජාතික ඇඳුම ඇඳගෙන ඇවිත් තිබුණු නිසා මට තමයි ජාතික කොඩිය අරගෙන ඉස්සරහින්ම යන්න ලැබුණේ. කොහොම වුණත් ටික දවසකින් රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හමාර කරන්න මම තීරණය කළා.
රුහුණු විශ්වවිද්‍යාලයට සමු දෙන්න වුණේ ඇයි?
බෝඩිම් ගාස්තු ගෙවාගන්න පුළුවන්කමක් මට තිබුණේ නැහැ. ඒ දවස්වල රුහුණු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර තිබුණේ නැහැ.
මම නැවතිලා හිටියේ අඳුරන කෙනෙකුගේ ගෙදරක. ඉතින් ඔය හේතුව නිසා මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඉල්ලුම් කරලා ඒ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.
ප්‍රේමය ගැන ලබපු පළමු අත්දැකීම?
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවැනි අවුරුද්දේ ඉගෙන ගනිද්දී මට හිතුණා ගෑනු ළමයෙක් හිටියා නම් හොඳයි කියලා. ඒ දවස්වල විශ්වවිද්‍යාලෙට මාතර ඉඳන් පුංචි ගෑනු ළමයෙක් ඇවිත් හිටියා. මම ඇගෙන් ඇහුවා මට කැමතිද කියලා. මුලදි ඇය අකමැති වුණා. ඉතින් ගෑනු ළමයි යාළු කරගන්න එක අමාරු වැඩක් කියලා හිතලා එදා මම ජීවිතයේ පළමුවැනි සහ අන්තිම වතාවට සිගරට් එකක් බිව්වා. එහෙම කලකිරීමෙන් ඉන්න කොට ඇගේ යෙහෙළියක් මට ඇවිත් කිව්වා ඇය මට කැමතියි කිව්වා කියලා. හැබැයි අපි දෙන්නා අතර පරතරයක් තිබුණා. මම හැදෑරුවේ කලා විෂයන්. ඇය හැදෑරුවේ විද්‍යා විෂයන්. විද්‍යා පීඨය කියන්නේ හරියට Medical faculty එක වගේ. කලා පීඨය ඒකේ අනික කෙළවර. එකම පිඨයේ අය අතරේ ඇරෙන්න වෙන වෙන පීඨවල තරුණ තරුණියන් අතරේ ආදර සබඳතා ඇතිවෙනවා අඩුයි. අදටත් ඒක එහෙමමයි. ඉතින්, ඔය හේතුව නිසා අනෙක් ශිෂ්‍යයන් මට ඒ කාලෙ සැලකුවේ වීරයෙකුට වගේ. අපේ ආදර සම්බන්ධය නිසා විශ්ව විද්‍යාලයේ විශාල කෝලහාලයක් ඇතිවුණා.
ඒ මොකද?
ඒ සිදුවීම වුණේ විශ්ව විද්‍යාලයේ තිබුණු “වර්ණ රාත්‍රිය” දවසේයි. මගේ පෙම්වතියත් එදා ඇවිත් හිටියා. මමත් ඒ කාලෙ ක්‍රීඩා කරපු නිසා මටත් එදා වර්ණ තිබුණා. එදා අපි දෙන්නා ඩාන්ස් කරද්දී ශිෂ්‍යයෙක් ඇවිත් ඇගේ අතින් ඇද්දා. මම මොනවත් කිව්වේ නැහැ. හැබැයි ඒක බලාගෙන හිටපු විද්‍යා පීඨයේ වෙනත් ශිෂ්‍යයෙක් මැදිහත් වීම නිසා වර්ණ රාත්‍රිය ගුටි කෙළියක් වුණා. පසුව ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාලයට කඩු,පිහි, පිස්තෝල පවා ගෙනාවා. එතැන ලොකු ගැටුමක් ඇතිවුණා. අන්තිමේදී උපකුලපතිතුමා ශිෂ්‍යයන් අමතලා කිව්වා “අද දවල් 12ට විශ්වවිද්‍යාලය වහනවා. ජයවර්ධනපුර සහ විදේයා්දය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ගෑනු ළමයෙක් නිසා විශ්ව විද්‍යාලයක් වසා දමන ප්‍රථම වතාව මේකයි“ කියලා. ඒ සිදුවීම නිසා දවස් 3-4ක් විශ්ව විද්‍යාලය වසා තැබුණා. කොහොම හරි අන්තිමේදී ඒ පෙම්වතියම තමයි මගේ ජීවන සහකාරිය වුණේ.
තරුණ කාලෙදි වඩාත්ම දුෂ්කරතාවයට පත්වුණු අවස්ථාව?
මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දී දේශපාලනය නිසා තාත්තාගේ රැකියාව අහිමි වුණා. තාත්තා එතකොට වැඩ කළේ ලේක් හවුස් එකේ.
ඒ හේතුව නිසා මුදල් අඟහිඟකම් හරියට ඇති වුණා. ඒ අඟහිඟකම් නිසා ඒ දවස්වල මම උදේට කෑවෙත් නැහැ.
ප්‍ලේන්ටි එකක් බිව්වා විතරයි. විශ්ව විද්‍යාලයට එද්දි දවල්ට කන්න විතරයි සල්ලි ගෙනාවේ. ඒ දවස් වල මගේ යාළුවෙක් හැමදාම ගෙදරින් අලගෙඩි 3ක් තම්බාගෙන ගෙනාවා. මම ළඟ පාතක හිටියොත් “මාත් එක්ක කමු මචං” කියලා ඔහු මටත් කන්න කතා කරනවා. එහෙම වෙලාවට මම ඒ අලගෙඩියකින් බාගයක් කාලා වතුර වීදුරුවක් බිලා ඉන්නවා. තව යාළුවෙක් හැමදාම විශ්වවිද්‍යාලෙ ඉස්සරහ කඩෙන් පරිප්පු වඩේ එකකුයි උළුදු වඩේ දෙකකුයි උදේ කෑමට ගන්නවා. සමහර දවස්වලට ඔහුත් මටත් කන්න කතා කරනවා. මම ඒකෙන් උළුදු වඩේ බාගයක් විතරක් කනවා.
ඒ කාලෙ සමහර දවස්වලට මට දේශනවලට කෝච්චියෙන් එන්න සල්ලි නෑ. ඒත් සමහර දේශනවලට එන්නම ඕන. ඒ එහෙම වෙලාවට මම පාන්දරම ගම්පහ ස්ටේෂමෙන් කෝච්චියට නැගලා මරදානට ඇවිල්ලා මරදානෙදි ගේට්ටුවෙන් නොයා දෙබුක්කාවෙන් රිංගලා රේල් පාර දිගේ ගොඩක් දුර ඇවිදගෙන ගිහිල්ලා ලී වැට පැනලා මහ පාරට වැටිලා මරදානට පයින් ඇවිදගෙන ඇවිල්ලා එතැනින් බස් එකේ විශ්ව විද්‍යාලයට ආපු දවසුත් තිබුණා. ඒ හැමදේම කරන්න වුණේ අඟහිඟකම් නිසා.
මුලින්ම තමන්ටම කියලා මුදලක් උපයා ගත්තේ?
විශ්වවිද්‍යාලෙ යන කාලෙ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලෙ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත්පත වුණු “දිනකර” පුවත්පතේ සංස්කාරකවරයෙක් සහ කාටුන් ශිල්පියා විදියට සම්බන්ධ වුණා. ඒ නිසා මගේ තිබුණු අගහිඟකම් ටිකක් අඩු වුණා. ඒ දවස්වල මම උදේට විශ්වවිද්‍යාලයේ දේශනාවලට සහභාගි වෙලා, හවසට දිනකර පත්තරේ වැඩට යනවා. පසු කාලයක මම රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාව සිටියදී චන්ද්‍රිකා ජනාධිපති ඒ දේවල් උපහාසයට ලක් කරලා රැස්වීම් ගණනාවකදී මා ගැන සඳහන් කරල කිව්වා “ඒ කාලේ ඔය මනුස්සයාව මමයි හදලා ගත්තේ. එයා ඒ කාලේ “ස්ට්‍රින්ගර්” කෙනෙක් (ලියන ගාණට මුදල් ලබන, කවුරුවත් ගණන් නොගන්නා කෙනෙක්.) අද ඔහොම මට සැලකුවාට ඒ කාලෙ එයා මගේ පත්තරේ තමයි වැඩ කළේ. මමයි එයාට ඉගැන්නුවේ” කියලා. හැබැයි එතුමිය ඒ විදියට මට විරුද්ධව කරපු හැම ප්‍රකාශයක්ම ඒ කාලෙ මම රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් ප්‍රචාරය කෙරෙව්වා.
තරුණ කාලේ මුහුණ දීපු විශේෂිතම සිදුවීම?
අද හැරිලා බලද්දී ඒ වගේ සිදුවීමක් වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා. මොකද ඒක තරමට අදහාගන්න බැරි සිදුවීමක්. විශ්ව විද්‍යාලයේ අන්තිම විභාගෙට ලියලා ප්‍රතිඵල පිටවෙන්න කලින් මම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන නිලධාරී තනතුරට ඉල්ලුම් කළා. මට ප්‍රථම පන්තියේ සාමර්ථයක් තියෙනවා කියලයි මම ඒ ඉල්ලුම් පත්‍රයේ සඳහන් කළේ.
සතියකින් ඊට පිළිතුරක් ලැබුණා සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා. හැබැයි මට ඒකට යන්න විදියක් නෑ ප්‍රතිඵල පිටවෙලා නැති නිසා. ඉතින් මම ගියා විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඒ.වී. සුරවීර මුණගැහෙන්න ගිහිල්ලා මම මගේ ප්‍රශ්නය ඔහුට කිව්වා. ඒ වෙලාවේ මහාචාර්ය සුරවීර දුරකථන ඇමතුම් කිහිපයක් අරගෙන, “ඉක්මනට ප්‍රතිඵල පිට කරන්නම් හෙට එන්න” කියලා කිව්වා. ඒ කිව්ව විදිහටම පහුවදා ප්‍රතිඵල නිකුත් කෙරුණා. මට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් තිබුණා.
හැම විෂයටම ඒ තිබුණු නිසා ප්‍රතිඵලය Super first class එකක් වුණා. ඊට කලින් ඒ වගේ සමත්වෙලා තිබුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න විතරයි. ඒත්, ප්‍රතිඵල නිකුත් වුණේ එදා හවස 3.00ට. මගේ සම්මුඛ පරික්ෂණය තිබුණේ පහුවදා උදේ 10ට. ප්‍රථම පන්තියේ සාමාර්ථයක් තිබුණට උපාධි සහතිකයක් නැති නිසා මට ඒක ඔප්පු කරන්න විදියක් නෑ. විශ්ව විද්‍යාලයේ සුමංගල ගොඩනැගිල්‍ලේ දැන්වීම් පුවරුවේ තමයි ඒ ප්‍රතිඵල ලේඛනය අමුණලා තිබුණේ. ඉතින් එදා හවස 4.30 විතර වන තුරු විශ්වවිද්‍යාලය වටේ කැරකී කැරකී හිටපු මම කවුරුවත් නැති වෙලාවක් බලලා දැන්වීම් පුවරුවේ තිබුණු ප්‍රතිඵල ලේඛනය ගලවාගත්තා. ගලවාගෙන පහුවදා ඒකත් අරගෙන සම්මුඛ පරීක්ෂණයට ගියා.
සම්මුඛ පරීක්ෂණයේ දී මොකද වුණේ?
ජන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ ඇතුළු හතර දෙනෙක් සම්මුඛ පරික්ෂක මණ්ඩලයේ හිටියා.
ඒ අය ඇහුවා කෝ උපාධි සහතිකය කියලා. ඇත්තටම මගේ ළඟ උපාධි සහතිකයක් නැහැනේ. ඉතින් මම “ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ඇතියි කියලා හිතාගෙනයි ඉල්ලුම් කළේ. ප්‍රතිඵල පිටවුණේ ඊයේ. ඒ නිසා මට තවම උපාධි සහතිකයක් ලැබිලා නෑ. හැබැයි දැන්වීම් පුවරුවේ දාපු ප්‍රතිඵල ලේඛනය නම් තියෙනවා” කියලා සාක්කුවේ දමාගෙන හිටපු ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කළා. ඒ පාර මගෙන් ඇහුවා “කෝ පළපුරුද්ද” කියලා. දිනකර පුවත්පතේ සංස්කාරකවරයෙක් සහ කාටුන් ශිල්පියා විදියට වැඩ කරලා තියෙනවා කියලා මම දිනකර කර්තෘතුමාගේ ලිපිය ඉදිරිපත් කළා. පරීක්ෂණ මණ්ඩලය මගේ ලිපි සහ කාටුන් පරීක්ෂා කළා. ආණ්ඩු විරෝධී පුවත්පතක් වුණු දිනකර පුවත්පතේ මම ඇඳලා තිබුණු කාටුන්වලින් 80 කට වැඩියෙන් තිබුණේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට විරුද්ධ ඒවා. ඉංගිරිසියෙන් වැඩ කරන්න පුළුවන් ද කියලා ඇහුවාම මම කිව්වා මට තියෙන්නෙ සිංහල ගෞරව උපාධියක්, මට ඉංග්‍රීසියෙන් වැඩ කරන්න බෑ කියලා. එවෙලාවෙම මම දැනගත්තා මට කවදාවත් ඒ රස්සාව ලැබෙන්නේ නෑ කියලා. මොකද මට ඒ වෙන කොට උපාධි සහතිකයක් තිබුණේ නැහැ. තිබුණේ ප්‍රතිඵල තියෙන කඩදාසි කෑල්ලක් විතරයි. මගේ පළපුරුද්ද තිබුණේ ආණ්ඩු විරෝධී පත්තරේක සංස්කාරකවරයෙක් විදියට. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව රජයේ දෙපාර්තමේන්තුවක්. ඒක අයිති ජනාධිපතිට. මම ලිපි ලියලා තිබුණේ ජනාධිපතිට විරුද්ධව. ඒත් එහෙම තිබියදීත් දවස් දෙකකින් මාව කැඳවලා ටෙලිග්‍රෑම් එකක් ආවා. එදා ගියාම ජන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ මට කිව්වා මාව ඒ රැකියාවට තෝරාගත්තා කියලා.
කිෂාන් කනංකෙ

0 comments:
Post a Comment