facebook like

වෛද්‍යවරියක් වන්නට අයර්ලන්තයට යද්දී අතුරුදන් වූ ශ්‍රී ලාංකික තරුණිය වසර දෙකකට පසු හමුවේ

ඕමානයේ පිහිටි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිනියක් ලෙස සේවය කරන ඇය කුරුණෑගල ‍පොලීසියට පැමිණ මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මුණගැසෙන්නේ වසර දෙකක් තිස්සේ ආගිය අතක් නැති සිය දියණිය සොයා ගන්නට උදව් කරන ලෙස ආයාචනයක් කරමිනි. කුරුණෑගල පදිංචිකාරියක වූ ඇය ඕමානයේද පුරවැසිභාවය ලබා සිටින්නියකි. කුරුණෑගල මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපතිවරයා මුණ ගැසෙන්නේ නිවාඩුවකට මෙරටට පැමිණි
අවස්ථාවකදීය. ඒ මෙයට මාසයකට පමණ ඉහත දිනකදීය.ඇගේ සැමියා විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහුද සිටින්නේ ඕමානයේය. මේ දෙදෙනා වසර තිහක තිස්පහක කාලයක් තිස්සේ ජීවත් වන්නේ ඕමානයේය. මේ යුවළට දරුවන් තිදෙනෙකි. තිදෙනාම දියණිවරුන්ය. ඕමානයේදීම උපත ලැබූ ඔවුන් තිදෙනාත් ඕමාන පුරවැසියන්ය.
මේ අයගේ වැඩිමහල් දියණියද විශේෂඥ වෛද්‍යවරියකි. අයර්ලන්තයේ රෝහලක ඇය සේවයේ නිරතව සිටින බව සඳහන් වේ. ඉතිරි දියණියන් දෙදෙනාමද වෛද්‍යවරියන්ය. මේ තිදෙනාම වෛද්‍ය උපාධිය හිමිකර ගෙන ඇත්තේ හංගේරියානු විශ්ව විද්‍යාලයකිනි. වැඩිමහල් දියණිය අයර්ලන්තයට යන්නේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස ඉගෙන ගන්නටය. එරට විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය ලබා විශේෂඥ වෛද්‍යවරියක් වන ඇය    එහිම නතරවන්නේ අයර්ලන්තයට ඇගේ සිත බැඳෙන බැවිනි.
ඇය අයර්ලන්තයට යන විට ඇගේ අනෙක් සොහොයුරියන් දෙදෙනා සිටියේ  හංගේරියාවේය. දෙවැනි දියණිය ඒ වන විට වෛද්‍ය උපාධිය ලබා ගත්තා පමණි. බාල දියණිය එකල වෛද්‍ය ශිෂ්‍යාවකි. මේ තිදෙනාම නතර වී සිටියේ ඔවුන්ගේම කියා ඇති නිවසකය. ඕමානයේ සිටි දෙමාපියන් තම දියණිවරුන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කිරීම සඳහා එම නිවස මිලදී ගෙන තිබුණේ වැඩිමහල් දියණිය වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස හංගේරියාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්වූ මුල් කාලයේදීමය.
වැඩිමහල් දියණියගෙන් පසු දෙවැනි දියණියටද හංගේරියාවේ සිට අයර්ලන්තයට යාමට අවශ්‍ය විය. ඒ ඇයටද විශේෂඥ වෛද්‍යවරියක් වන්නට උවමනා වූ බැවිනි. ඇය ඒ බව ඕමානයේ සිටින තම දෙමාපියන්ට පැවැසුවාය. ඔවුන් ඇයටද අයර්ලන්තයේදී විශේෂඥ වෛද්‍යවරියක් ලෙස අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය පහසුකම් සියල්ල සලසා දුන්නේය.
ඒ අනුව ඇය හංගේරියාවේ සිට අයර්ලන්තය බලා ගුවන්ගත වන්නේ හරියටම මෙයට වසර දෙකකට පමණ පෙරය. ඇයව ගුවන්තොටුපළට රැගෙන ගොස් ඇරලවන්නේ බාල දියණිය වන ඇගේ නැගණියය. ඇය අයර්ලන්තයේදී පිළිගැනීමට සැදී පැහැදී සිටියේ විශේෂඥ වෛද්‍යවරියක් වූ වැඩිමහල් සහෝදරියය.
අයර්ලන්තයට යන්නට හංගේරියාවෙන් ගුවන් යානාවට ගොඩවුවත්, නියමිත ගුවන් යානය අයර්ලන්තයට ගොඩබෑවත්, මේ කියන තරුණිය එම ගුවන් යානයේ සිටියේ නැත. එදා මුළු දවසම තම නැගණිය එනතුරු වැඩිමහල් සහෝදරිය බලා සිටියත් ඇයට සහෝදරිය දකින්නට ලැබුණේද නැත. ඇය ආපසු ගොස් ඇමතුමක් දෙන තුරු ඕමානයේ බලා සිටි දෙමාපියන් ද සිය දෙවැනි දියණියගේ අබිරහස් අතුරුදන්වීම ගැන කිසිවක් දැන සිටියේ නැත.
එදා සිට වසර දෙකක් තිස්සේ අයර්ලන්තයේත්, හංගේරියාවෙත්, ඕමානයේත්, එංගලන්තයේත්, ඇමරිකාවේත් සැරිසරමින් එම රටවල ‍පොලීසි ගානේ යමින් සිය දියණියට සිදුවූයේ කුමක්දැයි ඒ දෙමාපියන් සොයා බැලුවත් ඇය ගැන කිසිදු හෝඩුවාවක් ඔවුන්ට දැන ගන්නට ලැබුණේ නැත.
හංගේරියානු බලධාරීන් ඇගේ ගුවන් ගමන් විස්තර  නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබිම නිසා ඇය ගුවන් යානාවට ගොඩවුණිදැයිවත් සොයා ගන්නට ඔවුන්ට නොහැකි විණි. අයර්ලන්තයෙන් දැනගන්නට ලැබුණේ  ඇය එරටට එම ගුවන් යානාවෙන් නොපැමිණි බව පමණි.
තමන් දන්නා කියන විවිධ තරාතිරම්වල පුද්ගලයන් මගින්ද මේ යුවළ තම දියණියට සිදුවූයේ කුමක්දැයි ලෝකයේ බොහෝ රටවලින් විමසා බැලුවද ඒ කිසිවකින් කිසිදු ප්‍රතිඵලයක් අත්වූයේ නැත. අවසානයේදී ලංකාවටත් පැමිණ නිකමට ඇය ගැන සොයා බලන්නට තීරණය කරන්නේ ඇගේ පියාය. ඒ ඔහු ලද නිවාඩුවද මෙරට ගත කරන්නට බලාගෙනය.
ඒ පැමිණි ඔහු කුරුණෑගල නගරයේ පිහිටි නිවසේ රැඳෙමින් දන්නා කියන අය හරහා දියණිය මෙරට සිටින්නේ දැයි සොයා බැලුවද ඉන් පලක් නොවූ තැන ඒ උත්සාහයද අතහැර දමා නැවත ඕමානය බලා යන්නේ සියලු බලා‍පොරොත්තු බිඳගෙනය. වසර දෙකක් තිස්සේ අතුරුදන්ව සිටින  දියණිය ගැන දැඩි සිත් වේදනාවෙන් තැවෙමින් සිටි මව මෙරටට පැමිණෙන්නේ සැමියා නැවත ඕමානයට ගිය පසුවය. කුරුණෑගල මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති අජිත් වංශනාථ මුණගැසෙන්නට ඇය පැමිණෙන්නේ ඒ පැමිණි විටදීය.
ඇගේ මුළු කතාවටම සාවධානව ඇහුම්කන්දුන් අජිත් වංශනාථ කල්පනා කළේ හංගේරියාවේදී අතුරුදන් වූ තරුණියක් සොයා දෙන්නට කුරුණෑගල ‍පොලීසියට කළ හැක්කේ කුමක්දැයි කියාය. සිය ඉහළ නිලධාරීන් වන වයඹ පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය ‍පොලිස්පති සරත් කුමාර, කුරුණෑගල කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජන්ත සමරකෝන් සහ සහකාර ‍පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස්ද ලබා ගත් අජිත් වංශනාථ මුලින්ම කරනුයේ ඇගේ පැමිණිල්ල ‍පොලිස් ‍පොතේ ලියා ගැනීමය. ඒ පැමිණිල්ලක් නොමැතිව විමර්ශනයක් පටන් ගන්නට බැරි බැවිනි.
වසර දෙකකට පෙර හංගේරියාවේදී අතුරුදන් වූ වෛද්‍ය දියණිය සොයා අජිත් වංශනාථ සිය විමර්ශනය පටන් ගන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළෙනි. ඔහුගේ අදහස වූයේ තරුණිය හංගේරියාවේදී අතුරුදන් වූ බව සඳහන් දිනයෙන් පසු කිසියම් දිනෙක ඇගේ නමින් මෙරටට ගුවන් මගියෙකු පැමිණ ඇත්දැයි පරීක්ෂා කිරීමය. ඕමානයේ විදෙස් ගමන් බලපත්‍රයක් අත දරන ඇය එදා අයර්ලන්තයට නොගොස් හංගේරියාවේදී අතුරුදන් වන්නේ කිසිවෙකුටත් නොකියා ශ්‍රී ලංකාවට පැමිණීම නිසා බව හෙළිවන්නේ එවිටය. ඒ පැමිණි ඇය නැවත ලංකාවෙන් පිටවී ඇති බවක් ගුවන් ගමන් දත්ත අනුව පෙනෙන්නට නොතිබුණු බැවින් අජිත් වංශනාථ තම ඊළඟ පියවර තබන්නේ ඇගේ විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු මෙරට ජංගම දුරකථන සමාගම් වෙත අධිකරණ නියෝගයකින් ලබාදී එකී තොරතුරුවල සඳහන් අයෙකු ජංගම දුරකථන සම්බන්ධතාවක් ලබාගෙන තිබේදැයි විමසා බැලීමටය. එකී විදෙස් ගමන් බලපත්‍ර අංකයට ඕමාන ජාතික තරුණියක් දුරකථන සම්බන්ධතාවක් ලබා ගෙන ඇති බව මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සමාගමක් විසින් තහවුරු කරනුයේ ඒ අනුවය. එහි සඳහන් නම ඇගේය. ඇය එම දුරකථන සම්බන්ධතාව ලබාගෙන ඇත්තේ බොහෝ කලකට පෙරය. ඒ ඇය මෙරටට පැමිණ කෙටි කාලයකට පසුවය.
දුරකථන සමාගමේ තොරතුරුවලට අනුව ඇගේ ලිපිනය ලෙස සඳහන් වනුයේ කොළඹ පිහිටි සුපිරි තට්ටු නිවාස සංකීර්ණයකි. එකී නිවසට ගොස් ඇය සිටීදැයි එකවර පරීක්ෂා කරනවාට වඩා ඇය එසේ සැඟවුණ ජීවිතයක් ගත කරන්නේ ඇයි දැයි සොයා බලන්නට අජිත් වංශනාථට සිත්විය. එබැවින් ඔහු ඇගේ දුරකථනයේ විශ්‍ලේෂණ වාර්තාවක් ලබාගෙන ඇය වැඩියෙන් කතාබහ කරන්නේ කා සමගදැයි සොයා බැලුවේය. මහනුවර කුණ්ඩසා‍ලේ සිටින තැනැත්තියක් ගැන කරුණු අනාවරණය වන්නේ එවිටය. ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කොට නිවසට වී සිටින තැනැත්තියකි. ඇය හදාරා ඇත්තේ සමාජ විද්‍යාවය. ඔවුන් මුණගැසී ඇත්තේ නිබන්ධනයකට අවශ්‍ය තොරතුරු ගවේෂණයකදී කොළඹ පුස්තකාලයකදීය. කුණ්ඩසා‍ලේ තරුණිය දන්නා හැටියට ඒ වන විට අපේ කතානායිකාව කොළඹ පුද්ගලික රෝහලක වෛද්‍යවරියක ලෙස සේවය කරන්නීය. ඊට අමතරව ඇය වෛද්‍ය විද්‍යාවට අදාළ ‍පොත් ලියමින් සිටින්නීය. ඒ අන්වර්ථ නමකිනි. වෛද්‍ය සඟරාවලටද ඇය ඒ අතර ලිපි ලියන බව කුණ්ඩසා‍ලේ මිතුරිය දැන සිටියාය.
එම තොරතුරු ඔස්සේ අජිත් වංශනාථ ඇගේ මවද කැටුව ඉකුත් දිනක යන්නේ කොළඹ පුද්ගලික රෝහලකටය. ඒ සිය දියණිය මුණ ගස්වන්නටය.
රෝහ‍ලේ ආලින්දයේදී දියණියව දකින මව ගල්ගැසී ඒ දෙස බලා සිටියදී දියණිය සිය මව දැක පුදුම වී කරකියා ගත හැකි කිසිවක් නොමැතිව බිම බලාගෙන ඇය අසලට එන්නට වූයේ වෙන කරන්නට කිසිවක් නැති තැනය. මොහොතක් තුෂ්ණිම්භූතව හුන් දෙදෙනා ඉන්පසු කමෛන් පියවි තත්ත්වයට පත්ව ආ ගිය තොරතුරු කතා කරන්නට වූහ.
“ඔයා මෙහෙ ඉන්නේ සතුටින්ද?” මව වසර දෙකක් අබිරහස් ලෙස අතුරුදන්ව සිට හමු වූ තම දියණියගෙන් ඇසුවාය.
“ඔව් අම්මේ” ඊට දියණිය දුන් පිළිතුර එය විය.
විශේෂඥ වෛද්‍යවරියක් වන්නට අයර්ලන්තයට යන්නට ගිය ඇය ඒ ගමන අතහැර ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඇයට තවදුරටත් වෛද්‍යවරියක ලෙස ජීවිතය ගත කරන්නට තිබුණු අකමැත්ත නිසාය. වෛද්‍යවරියක ලෙස ගත කරන ජීවිතය ඇය සැලකුවේ ඒකාකාරී, නීරස ජීවිතයක් ලෙසිනි. මේ වනවිට ඇය පෞද්ගලික රෝහ‍ලේ රැකියාව කළේද ජීවත් වීම සඳහා කිසියම් ආදායමක් සොයාගන්නට පමණි.  ඇය පෞද්ගලික රෝහ‍ලේ වෛද්‍යවරියක ලෙස සේවය කළාට වැඩි කාලයක් ගත කර ඇත්තේ වෛද්‍ය ‍පොතපත ලියන්නට බව අජිත් වංශනාථ මහතාට පවා අවබෝධ වූයේ මවත් දියණියත් අතර කෙරුණු සංවාදයේදීය. සුරූපී තරුණියක වූ ඇයට අඩුම තරමින් පෙම්වතෙකුවත් නොවීය. ඇය තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි කුලී නිවසේ සිටියේද තනිවමය. ගමන් බිමන් යන්නේද බස් රථයේය. ඒ බව දැන ගත් ඇගේ මව  බෙහෙවින් කනගාටු වූයේ විශාල ධනපතියන් වූ ඔවුන්ගේ දියණිය මෙවැනි ජීවිතයක් ගත කිරීම ඇයට දරාගත නොහැකි වූ නිසාය. ඇයට මෝටර් රථයක් මිලදී ගෙන දෙන්නට මව සූදානම් වුවද  තරුණිය එයද ප්‍රතික්ෂේප කරනුයේ තමා බස් රථවල ගමන් බිමන් යන්නේ කැමැත්තෙන් බව සඳහන් කරමිනි.
මව්පියන්ගෙන් උරුම වූ සැප සම්පත් සියල්ල අතහැර වසර දෙකක් පුරා ඇය ඒ ගත කළ සැඟවුණු, සරල ජීවිතයට ඇගේ මව ඉන් එහාට බාධා කරන්නට නොගියාය. ඇයට අවශ්‍ය වූයේ සිය දියණියට කුමක් වීදැයි දැන ගන්නටය. දියණිය නිරුපද්‍රිතව සිටින බව දැනගත් ඇය යළි ඕමානය බලා පිටත්ව යන්නේ මතෛක් කලක් සිය දියණිය ගැන තොරතුරක් නැති වීමෙන් සිත් වේදනාවෙන් හුන් තමාට පිහිට වූ  ශ්‍රී ලංකා ‍පොලීසියට හදපත්ලෙන්ම ස්තූතිය පුද කරමිනි.

ගයාන් කුමාර වීරසිංහ

1 comment: Leave Your Comments

  1. එක අතකට ඇය හරි.... වෙන අය ජීවිතය කලකිරුනම යන්නේ මහන වෙන්න ඒත් ඇය.....ජිවත් වෙන්න සරලවම හොදම ක්‍රමය තෝරා ගත්තේ කාටවත් බරක් නොවන්නටය..... හරියට අර අම්පාරේ පැත්තේ ජිවත් වෙන විශ්‍රාම ගිය ළමා රෝග වයිද්‍යවරිය වගේ..... තමන්ගේ කැමැත්ත තෝරා ගෙන ඇත.

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive