facebook like

නාරම්මල මයුරපාද විදුහලට 1,24,000ක අරක්කු බිලක්..... විදුහල්පති පොඩි පාටියක් දාලා

නාරම්මල නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකින් නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය වෙත රුපියල් එක්ලක්ෂ විසිහතර දහසක් වටිනා මත්පැන් බිල්පතක් නිකුත් කර තිබේ.
අදාළ හෝටලයට අයත් ලිපි ශීර්ෂයක මුද්‍රණය කර එම හෝටලයෙහි නිල මුද්‍රාව තබා සහතික කිරීමෙන් අනතුරුව 2013 ඔක්තෝබර් 13 වැනිදා දාතමින් යුතුව නිකුත් කර ඇති
මේ බිල්පතෙහි අමුත්තාගේ නම ලෙස මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය සඳහන් කර ඇත.


අදාළ හෝටලයේ තැබෑරුමෙන් මිලදීගත් මත්පැන් සඳහාත්, එම අවන්හලෙන් මිලදීගත් කටගැස්ම ඇතුළු ආහාර ද්‍රව්‍ය සඳහාත් වැය වූ මුදල වෙන් වෙන් වශයෙන් බිලෙහි දක්වා ඇති අදාළ වියදම්වල සමස්ත එකතුව බිල්පත අවසානයෙහි දක්වා ඇත.
උක්ත බිලට අනුව මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය නමින් රුපියල් හතළිස්අටදහස් හයසිය පනස්තුනක් වටිනා (48,653) අරක්කු, බ්‍රැන්ඩි සහ බීර ඇතුළු දේශීය විදේශීය මත්පැන් තොගයක් අදාළ හෝටලයේ තැබෑරුමෙන් මිලදී ගෙන තිබේ.


මීට අමතරව බැදපු කුකුළු මස්, බැදපු උෟරුමස්, බැදපු මාළු සහ බිත්තර ඔම්ලට් ඇතුළු කටගැස්ම මෙන්ම සෝඩා, කෝලා ඇතුළු මෘදුකාරක රැසක් එම හෝටලයේ අවන්හලෙන් ලබාගෙන ඇති බවත් ඒ සඳහා රුපියල් හැට එක්දහස් දෙසිය පහළොවක් (61,215) අයවිය යුතු බවත් අදාළ බිල්පතෙහි සඳහන්ය. මත්පැන් සහ කටගැස්ම වියදමට අමතරව රුපියල් දාහතර දහස් පන්සිය අනූවක (14,590) ණය මුදලක්ද අදාළ බිල්පතට එකතු කර බිලෙහි සමස්ත එකතුව වශයෙන් රුපියල් එක්ලක්ෂ විසිහතර දහස් හාරසිය පනස්අටක (1,24,458) මුදලක් දක්වා තිබේ.


අත්තිකාරම් ලෙස ගෙවූ රුපියල් හතළිස් දහසක් (40,000) අදාළ බිල්පතෙන් අඩු කිරීමෙන් අනතුරුව රුපියල් අසූහතර දහස් හාරසිය පනස්අටක (84,458) හිඟ මුදලක් පවතින බව එම බිල්පතෙහි දක්වා තිබේ.
2013 දෙසැම්බර් 04 වැනිදා රුපියල් තිස් එක්දහස් දහ නවයක (31,019) මුදලක් පියවීමෙන් අනතුරුව රුපියල් පනස්තුන් දහස් හාරසිය තිස්නවයක (53,439) හිඟ මුදලක් තවදුරටත් ඉතිරි වී ඇති බව එම බිල්පතෙහි පෑනකින් සටහන් කර තිබේ.


මේ පිළිබඳ 'මව්බිම පුවත්පතට' ට අදහස් දක්වන නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයෙහි නම හෙළි කිරීමට අකැමැති වූ ආදි ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු පැවැසුවේ විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම විසින් පසුගිය වසරේදී සංවිධානය කළ බළකා දිනය සැමරීම සඳහා විදුහලේ වත්මන් විදුහල්පතිවරයා ඇතුළු කණ්ඩායමක් නාරම්මල නගරාසන්නයේ පිහිටි මේ හෝටලයට ගොස් මත්පැන් සාදයක් පවත්වා ඇති බවයි. එම සාදයට අදාළ බිල්පත විද්‍යාලයේ නමට නිකුත් කරගැනීමට වත්මන් විදුහල්පතිවරයා විසින් අත්තනෝමතිකව කටයුතු කර ඇති බවද හෙතෙම පැවැසීය.


දිවයිනේ කීර්තිමත්ම පාසලක් වන නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නමට මත්පැන් බිල්පත් නිකුත්වීමෙන් වත්මන් විදුහල්පතිවරයා විසින් අද වන විට පාසල කුමන දිශානතියකට ගමන් කරවමින් සිටින්නේ දැයි අධ්‍යාපන බලධාරීන් විසින් වටහා ගත යුතුව ඇතැයිද ආදි ශිෂ්‍ය ක්‍රියාකාරිකයා වැඩිදුරටත් පැවැසීය.
ප්අඉසප් -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive