ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් ප්‍රදර්ශනය කර තිබූ "ඔළු සෝදමු" යන පෝස්ටරයේ "ඔළු" යන වචනයට උඩින් ශරීරයේ වෙනත් කොටසක නමක් මුද්‍රණය කොට ඇලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් යූ. එස්. කළංසූරිය මහතා ඔහු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක්
කැඳවීමටද නියම කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ඩබ්ලිව්. රවීන්ද්‍ර වික්‍රමතුංග නමැති පුද්ගලයෙකි.
දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගාල්ල මැතිවරණ කොට්ඨාසය පරාජයට පත්වීමෙන් පසු "දැන් ඉතින් ඔළු සෝදමු" යනුවෙන් සඳහන් පෝස්ටර් මනුෂ නානායක්කාර මහතාගේ ඡායාරූපය ද සහිතව ප්‍රදේශය පුරා අලවා තිබිණ.
එම පෝස්ටර්වල ඔළු යන වචනයට උඩින් ශරීරයේ වෙනත් කොටසක නමක් අලවමින් සිටියදී මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මොහු අල්ලා ගෙන පොලිසියට භාරදී ඇත.
සැකකරුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පෝස්ටර් ඇලවීම නීතිවිරෝධී වන අතර මෙය අසභ්‍යය වචනයක් නොවන බවය. මෙම වචනය ශබ්දකෝෂයේ පවා අර්ථ දක්වා තිබෙන බවත් ශරීරයේ මෙම කොටසට වෙනත් තනි වචනයක් නොමැති බවත් නීතිඥවරයා කියා සිටියේය.
ඒ නිසා මෙය අසභ්‍ය වචනයක් නොවන බවත් මෙය සභ්‍යය ද අසභ්‍යය ද යන්න පිළිබඳව සිංහල භාෂා විශාරඥයෙකුගෙන් සහතිකයක් ලබාගත යුතු බවත් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය කියා සිටියේ මෙය ශරීරයේ කොටසක් බව පිළිගන්නා නමුත් එය සභ්‍යය ද අසභ්‍යය ද කියා පැහැදිලි වන්නේ එම වචනය භාවිත කරන ක්‍රියා කලාපය අනුව බවය.
මෙම වචනය ශබ්දකෝෂයේ තිබෙන බව පිළිගන්නා නමුත් පුද්ගලයන් එම වචනය ප්‍රකාශ කරන ආකාරය අනුව ද සභ්‍ය හෝ අසභ්‍ය යන්න පැහැදිලි වන බවත් පැවසූ පොලිසිය සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට ද ඉල්ලා සිටියේය.
සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැර වැඩිදුර විභාගය ජුනි 6 වැනිදාට කල් තැබීය.
ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ. ඒ. උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පාලිත රාමසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ බුද්ධි ජයවර්ධන මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

0 comments:
Post a Comment