බඩු මිල වැඩිවීම ලොකු ප්‍රශ්නයක් නොවේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ දිනපතා පුවත් පතකට ආර්ථික සංවාද සටහනටක ප්‍රතිචාර දක්වමිණි.
ඉන් උපුටාගත් කොටස් පහත පළ වේ.
"මාස 62ක් තිස්සේ මේ රටේ උද්ධමනය පැවතියේ තනි ඉලක්කමකය. 10% වඩා අඩු අගයක උද්ධමනය
පැවතී තිබේ. මීට පෙර කිසිඳු දිනෙක මෙවැනි සිදුව නැත. මෙරට උද්ධමනය මීට පෙර තනි ඉලක්කමක පැවත ඇත්තේ මාස 23ක් පමණී. එහෙත් දැන් මාස 62කි. එනිසා නගන චෝදනාවලට විද්‍යාත්මක පසුබිමක් නැති බව පැහැදිලිය. පොල්ගෙඩිය, බිත්තරය, මාළු මිල වැඩි වූ විට මෙන්න මිල වැඩි යැයි කෑ ගැසූවද මිල අඩු වූ විට නිහඬව සිටීම කනගාටුදායකය. භාණ්ඩ 340ක් පමණ තිබෙන පැසක එකක දෙකක මිල වැඩිවීම ස්වාභාවික තත්වයකි. එනිසා මේවා මහා ලොකු ප්‍රශ්න වශයෙන් දකින්නට පුළුවන් කමක් නැත."
"බඩු මිල වැඩිවීම ලෝකයේ සූම රටකම සිදුවන්නකි. ක්‍රම ක්‍රමයෙන් බඩුමිල ඉහළ නොයන්නේ නම් ආර්ථික ක්‍රියාවලියට අලුත් එකතුවක් නැම්මක් එන්නේ නැත. මෙය බොහෝ දෙනෙකු දන්නා කරුණකි."
ජනතාවගේ පසුම්බියේ මුදල් නැතිව යන්නේ උද්ධමනය නිසා නොව ජනතාව වියදම් කිරීමට පෙළෙඹී ඇති නිසා යැයිද ඒ මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබේ.
කෙසේ නමුත් රටේ උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනීම සහ රටට ඉදිරිපත් කළ ආර්ථික දත්ත ව්‍යාජ ඒවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.

ඔව් ඉත්න් ලැප්ටොප් මොබයිල් එක් EXAM කලාම ඔහොම වෙනවා....
ReplyDelete