මිළඟ විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායමේ නිත්‍ය නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හෝ ලසිත් මාලිංගට ස්‌ථිර වශයෙන් ලබාදීම පිළිබඳව වගකිවයුතු බලධාරීන් අතර සාකච්ඡාවට බදුන්ව ඇති බව 'දිවයින' ට වාර්තා වේ.
ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායමේ නිත්‍ය නායක ලෙස දිනේෂ් චන්දිමාල් පත්කර තිබුණද ඔහුගේ පිතිකරණයේ ලද පසුබැසීම හේතුවෙන්
ඉකුත් විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරග ත්‍රිත්වය මෙහෙයවන ලද්දේ උපනායක ලසිත් මාලිංග විසිනි. ඒ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය නායකයාට මීළඟ විස්‌සයි විස්‌ස නායකත්වය ලබාදිය යුතුද නැතහොත් දිගු අනාගතයකට හිමිකම් කියන දිනේෂ් චන්දිමාල්ව නායකත්වයේ තබනවාද යන්න ක්‍රිකට් තේරීම් කමිටුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් වී තිබේ.
මේ වසරේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට සහභාගි වීමට ඇත්තේ එක් විස්‌සයි විස්‌ස තරගයක් වන අතර එම තරගය ලබන මසදී එංගලන්තය සමග පැවැත්වේ. චන්දිමාල් තවමත් විස්‌සයි විස්‌ස තරගවලදී ලකුණු අතරට නොපැමිණීම නිසා එම තරගයේදීද ලසිත් මාලිංගට නායකත්වය ලබාදීමේ වැඩි අවස්‌ථාවක් නිර්මාණය වී තිබේ.
මාලිංග විසින් නායකයකු ලෙස සහ පන්දු යෑවීමේදී දක්‌වන ලද දක්‍ෂතාව සහ ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගාවලියේදී දැක්‌වූ දක්‍ෂතා සැලකිල්ලට ගෙන මාලිංගට නායකත්වය ලබා දීමට කටයුතු සම්පාදනය වන බවද විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තා වේ. එසේ වුවහොත් දිනේෂ් චන්දිමාල් විස්‌සයි විස්‌ස උපනායකත්වයට පත්කරන බවද වැඩිදුරටත් වාර්තා වේ. එහෙත් ටෙස්‌ට් සහ එක්‌දින අංශවල උපනායකත්වය දිගටම දිනේෂ් චන්දිමාල්ට ලබාදෙන අතර මෙය බලපාන්නේ විස්‌සයි විස්‌ස තරග අංශයට බව සැලවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ 2016 දී ඉන්දියාවේ පැවැත්වෙන මීළඟ විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලිය තෙක් නිත්‍ය නායකයකු පත්කිරීම වේ. ලසිත් මාලිංග මෙහෙයවූ විස්‌සයි විස්‌ස තරග තුනම ජයග්‍රහණය කර ඇති අතර දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන ලද තරග 12 කදී තරග 8 ක් ජයගෙන තරග හතරක් පරාජය වී තිබේ. ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස ශ්‍රේණිගත කිරීම්වල අංක එක රැක ගැනීමටද සමත් විය.
දිනේෂ් චන්දිමාල් විස්‌සයි විස්‌ස තරග 26 කදී එක් අර්ධ ශතකයක් සමග ලබා ඇත්තේ ලකුණු 266 ක් වන අතර එහි සාමාන්‍ය 13.30 ක් ලෙස සටහන් වේ. එහෙත් ටෙස්‌ට් සහ එක්‌දින තරගවලදී පිතිකරුවකු ලෙස සාර්ථක වීමට චන්දිමාල් සමත්ව තිබේ. එහිදී ටෙස්‌ට් තරග 12 කදී ශතක තුනක් සහ අර්ධ ශතක පහක් සමග චන්දිමාල් ලකුණු 875 ක් ලබා තිබේ. එහි සාමාන්‍ය 51.47 ක් වේ. එක්‌දින තරග 80 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 11 ක් සමග ලකුණු 1875 ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 31.25 ක් ලෙස සටහන් වේ.
අසේල විතාන

0 comments:
Post a Comment