facebook like

විජිත හිමියෝ ‘බොදුබල සේනාවට’ වැඳ සමාව ගනිති

වටරැක විජිත හිමියන්ගේ මූලිකත්වයෙන් "ජාතික බල සේනාව" නම් වූ සංවිධානයක්‌ ඊයේ (09 වැනිදා) කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක කැඳවා තිබූ මාධ්‍ය හමුවකට බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා වැඩම කර ප්‍රශ්න කිරීමත් සමඟ උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගත විය. ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවමින් ‘ජාතික බල සේනාව’ නැමැති සංවිධානයකියා සිටියේ රට තුළ හිස ඔසවන ජාතිවාදී සංවිධානවලට එරෙහිව මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවූ බවයි.
වටරැක විජිත හිමියන් නායකත්වය ලබා දෙන ‘ජාතික බලසේනාව’ නැමැති සංවිධානය මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට මුස්ලිම් ජාතිකයින් පිරිසක් ද කැඳවා තිබුණි.
මෙය ආවරණය කිරීමට මාධ්‍යවේදීන් ද පැමිණ සිටියහ. ඒ අතර පූජ්‍ය ගලගොඩ අත්තේඥානසාරහිමියන් ප්‍රමුඛ ‘බොදුබල සේනා’ නියෝජිතයින් එම ස්ථානය වෙත පැමිණියහ. ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් හටගත්හ.
බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරහිමියන් ප්‍රමුඛ භික්‍ෂුන් වහන්සේලා අදාල ප‍්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටි වටරැක විජිත හිමියන්ගේ පාර්ශ්වයේ භික්‍ෂුන් වහන්සේලාගෙන් දීර්ඝලෙස ප‍්‍රශ්න කිරීම් කරනු ලැබූහ. තම සංවිධානයටත් පුවත්පත් සාකච්ඡාවේ දී අදහස් පළ කරන්නට අවසර ලබා දෙන ලෙස බොදුබල සේනාව ඉල්ලා සිටියහ. එහෙත් ඊට අවසරයක් නොලැබිණ.
 මෙහිදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතු`ථ හිමිවරුන් වටරැක හිමියන්ගේ පාර්ශවයේ භික්‍ෂුන් වහන්සේලාගෙන් බෞද්ධ කරුණු පිළිබඳ විමසා සිටියද උන්වහන්සේලාට එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිවී නිරුත්තර වී තිබේ.

උන්වහන්සේලාගේ විහාරස්‌ථාන පිළිබඳව කළ විමසීමේදී ඊටද නිසි පිළිතුරු දීමට අපොහොසත් වීම විශේෂත්වයක්‌ විය.
තමන් සිදුකරන වැරදිවලට ජාතියෙන් සමාව ගතයුතු බව මෙහිදී බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා වටරැක හිමියන්ට දන්වා සිටියහ.
එහිදී වටරැක හිමියන් තමන් වහන්සේගෙන් සිදුවූ වැරදිවලට සමාව ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

තමන් වහන්සේ අන්‍ය ආගමික පූජකවරුන් සමඟ එක්‌වී සිදුකළ එම ක්‍රියාව තවදුරටත් සිදු නොකරන බව උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ. තමන් වහන්සේ කිසිසේත් නැවත මෙවැනි කටයුතු නොකරන බවත් වටරැක හිමියෝ බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලාට පොරොන්දු වූහ.
ජාතික බල සේනාවේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථාන පිළිබඳ බොදුබල සේනා සංවිධානය එහිදී විමසා සිටි නමුත් ඇතැම් භික්‍ෂුන්ට තමන් වහන්සේලා වැඩවාසය කරන විහාරස්ථානයක් ප‍්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ. ඉන් අනතුරුව බොදුබල සේනා සංවිධානය ඔවුන්ට ධර්ම ගැටළු කිහිපයක් ඉදිරිපත් කළ අතර ඒවාට ද ලබාදුන් පිළිතුරු පිළිබඳව බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා සතුටු වුයේ නැත.
අවසානයේ ජාතික බල සේනාව නැමැති සංවිධානය විසුරුවා හරින බවත්, තමන් වහන්සේට සමාව දෙන ලෙසත් පූජ්‍ය වටරැක විජිත හිමියන් සියලූ මාධ්‍යවේදීන් ඉදිරියේ බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලා සිටියහ.
 උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් පොලිසියද එහි පැමිණ තිබූ අතර වටරැක හිමියන් ඇතුළු පිරිස පොලිස්‌ ආරක්‍ෂාව මධ්‍යයේ පිටව ගියහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive