පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර එහි විභාග කටයුතු සදහා පැමිණි තරුණයකු අනුරාධපුර ළමා කාන්තා කාර්යංශය ඉදිරිපිටදී අධික විෂ සහිත කෘමි නාශක වර්ගයක් පානය කිරීමෙන් බරපතල ලෙස රෝගාතුර වී ප්රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට තිබේ. මෙසේ කෘමි නාශක පානය කිරීම හේතුවෙන් අසාධ්යයව රෝහල් ගත කෙරුණේ මැදවච්චිය පොලිස් වසමේ වහමල්ගොල්ලෑව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක තරුණයෙකි.
තරුණයා වස පානය කරනු දුටු ළමා කාන්තා කාර්යංශයේ පොලිස් සැරයන් (20844) ධනපාල මහතා සහ පොලිස් කොස්තාපල් (48342) රංජිත් මහතා තරුණයා සතුව තිබූ කෘමි නාශක බෝතලය උදුරා විසි කර ප්රතිකාර සදහා ඔහුව ළමා හා කාන්තා කාර්යංශයට අයත් ත්රී රෝද රථයෙන් කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මෙම තරුණයා අනුරාධපුර ජනපද ගම්මානයේ පදිංචිව සිටින 27 හැවිරිදි තරුණියක් සමග විවාහ වී සිටින අතර දෙදෙනා අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් තරුණිය ඉකුත් 31 වැනිදා සැමියාගේ නිවසින් පිටත් වී ඇගේ මවගේ නිවසට පැමිණ තිබේ.බිරිද තමන් සමග අමනාප වී නිවසින් පිටත්ව ගොස් ඇගේ නිවසේ කාළය ගත කරන බව පවසමින් තරුණයා අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයට පසුගිය 31 වැනිදා පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.ඒ අනුව දින කිහිපයක් මෙම ආරවුල විසදීම සදහා දෙපාර්ශවයට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැන්වීම් කළත් තරුණිය එම අවස්ථා කීපයේදීම පොලීසියට පැමිණීම මග හැර තිබේ.ඊයේ(08) දහවල් දෙපාර්ශවයම ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණ ඇති අතර තරුණියත් තරුණයාත් ස්ථානාධිපතිවරිය හමුවට කැදවා පැමිණිල්ල විභාග කිරීමට තිබියදී දෙදනා අතර යම් ආරවුලක් ඇති වී තරුණය විසින් රැගෙන විත් ළමා හා කාන්තා කාර්යංශ භූමියේ සගවා තිබූ අධි විෂ සහිත කෘෂි රසායනයක් පානය කර තිබේ.
ෙමූලස්ථාන පොලීසියේ පිහිටි ළමා හා කාන්තා කාර්යංශය ඉදිරිපිටදී කෘමි නාශක පානය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපත පොලිස් පරීක්ෂක එම්.එම්.ජී.ඩී දීගහවතුර මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක්ද සිදු වන අතර ,ළමා හා කාන්තා කාර්යංශ නිළධාරීන් පවසන්නේ කෘමි නාශක පානය කළ තරුණයා කෘමි නාශක බෝතලයක් හොර රහසේ රැගෙනවිත් ළමා හා කාන්තා කාර්යංශ භූමියේ සගවා මෙම අනතුර සිදු කර ගෙන ඇති බවයි.
අනුරාධපුර -බුද්ධික මහේෂ් විජේසූරිය

0 comments:
Post a Comment