facebook like

වරුණි අමුණුගමගේ නැටුමට දැකලා ජනාධිපතිට පිස්සු හැදිලා.......

ජනාධිපතිතුමා ඉරිදා හවස වාද්දුවට ගියේ මේ රටේ සිටින ප්‍රමුඛ පෙළේ තරුණ ව්‍යාපාරිකයකු විසින් අභිනවයෙන් ඉදිකළ සංචාරක හෝටලයක්‌ විවෘත කිරීමටය. හෝටලය සිට්‌රස්‌ නම් විය. එහි හිමිකරුවා දිලිත් ජයවීය.

දිලිත් මේ හෝටලය විවෘත කිරීමේ උත්සවය සඳහා ජනාධිපතිතුමන් ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් මැති ඇමැතිවරු රාශියකට ආරාධනා කර තිබීම විශේෂත්වයකි. ආරක්‍ෂක
ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ද දෙහිවල නගරාධිපති ධනසිරි අමරතුංග ද ඒ අතර වූහ.

ජනපතිතුමන් ඇතුළු පිරිස පැමිණ උත්සවයේ වැඩ කටයුතුවලට සහභාගි වී විවෘත කිරීමෙන් අනතුරුව ගියේ විශේෂ තේ මේසයකටය. ආරාධිතයන් 1500 ක්‌ පමණ වූ විශාල පිරිසක්‌ සඳහා මේ තේපැන් සංග්‍රහය ද සූදානම් කර තිබිණි. තේ පැන් සංග්‍රහයෙන් පසුව ආරාධිත අමුත්තන් එළියට එන විට වෙනමම තැනක ක්‍රිකට්‌ තරගය බලන්නට පහසුකම් සූදානම් කර තිබිණි. ජනාධිපතිතුමන් එතනට ගොස්‌ වාඩි වූයේ ක්‍රිකට්‌ තරගය බලන්නට හරිබරි ගැසෙමිනි.

ෂහ්.... මෙතන නම් නියම තැන තමයි මැච් එක බලන්න. දිලිප් මේ ඔක්‌කොම නියමෙටම ප්ලෑන් කරලා තියෙනවා කියමින් ජනාධිපතිතුමා තම හිතවතුන්ව ළඟට ගෙන්වා ගත්තේ විනෝදයෙන් මැච් එක බලන්නට සිතාගෙනය...

කවුද ධනසිරි අර එහා පැත්තේ මේසෙ ඉඳල මේ පැත්ත බලන හාදයා... සජිත් වද්ද....

ඔව් සර් සජිත් තමයි... ඔන්න මේ පැත්තට එනවා යෑයි ධනසිරි කීවේය. මේ අතරතුර මැච් එක පටන් ගන්නට පෙර සංගීත කණ්‌ඩායමක්‌ ද සිය වැඩ කිඩ පෙන්වන්නට පටන්ගෙන තිබිණි. එය ජිප්සීස්‌ කණ්‌ඩායමේ ලාල් පෙරේරාගේ පුතාගේ බව අසන්න ලැබිණි. ඔවුන්ගේ සංගීතය අතරතුර සජිත් ජනාධිපතිතුමා ළඟට ආවේය.

කොහොමද සර් ඔබතුමාගේ සැප සනීප.... කියා සජිත් ඇසීය.

මම නම් හොඳින් කොහොමද දැන් ඔබතුමාට. ජනපති එසේ ඇසුවේ ඉඳගන්නට ආසනයක්‌ ද පෙන්වමිනි. ඒ හැරුණු විට ධනසිරි, රෝහිත අබේගුණවර්ධන හා ලක්‍ෂ්මන් යාපා ද මේසය වටේ ඉඳගෙන සිටියහ.

මට තියන ප්‍රශ්න ඉතින් ඔබතුමා දන්නව නේ පක්‍ෂය ඇතුළේ ඒ ඔක්‌කොම මැද මමත් හොඳින් ඔළුව ගහගෙන ඉන්නවා....

මෙතුමාට මෙච්චර ප්‍රශ්න නම් ඉතින් එන්න කියමු මේ පැත්තට... නේද සර්... ධනසිරි කීවේය.

ඔව් ඔව්.... එනව නම් හොඳයි... ජනපති කීවේය.

මම එන්න අවශ්‍ය නැහැනේ... ජනාධිපතිතුමාට දැන් ඕන තරම් කට්‌ටිය ඉන්නව නේ සජිත් කීවේය.

එහෙමනම් ඉතින් හැමදාම ප්‍රශ්න තමයි කියමින් කවුරුත් හිනාවෙන්නට පටන් ගත්හ.

සර්.. මෙයාට දාමුකෝ... සින්දුවක්‌ කියන්න මෙයා ළඟ මරු සින්දුවක්‌ තියෙනවා මේ වගේ තැනක කියන්න..

මොකක්‌ද සින්දුව ජනපති ඇසීය.

දේශපාලනේ මෙන්න නියම සෙල්ලම...

සිනාසිසී බෙල්ල කැපිල්ල....

කියල තියෙන්නේ සර්...

ඔව් ඔව් මම අහල තියෙනවා ඉතින් කියමුකෝ....

ඒක ඔබතුමා වගේ කෙනෙක්‌ ඉස්‌සරහ කියන සින්දුවක්‌ නොවෙයි. ඔබතුමා එහෙම කෙනෙක්‌ නොවෙයිනේ. ඒක කියන්නේ සිනාසිසී බෙල්ල කපන අය ඉස්‌සරහා...

සජිත් එසේ කියන විට මුළු සභාවම හිනාවෙන්නට පටන් ගත්හ. ඒ අතර ක්‍රිකට්‌ තරගය ආරම්භ විය. ජනාධිපතිතුමා ඇතුළු පිරිස මැච් එක බලන්නට පටන් ගනිද්දී ශිරන්ති ආර්යාව ද පැමිණ ජනාධිපතිතුමා ළඟ ඉඳගත්තාය. එදා ඒ සියලුම දෙනා ක්‍රිකට්‌ තරගය ඉවර වනතුරුම නැරඹුවේ වචනයෙන් කියන්නට බැරි තරම් විනෝදයකිනි.

තරගය දිනූ පසු ජනාධිපතිවරයා අත්පොළසන් දුන්නේ සිටි ආසනයෙන් නැගිටය. තරගය දිනූ පසු ජනපති එවෙලේම සනත් ජයසූරියගේ දුරකථනයට කතා කොට තරගයේ නියාමක ක්‍රීඩකයන් වූ මහේලට, සංගාට, ලසිත්ට හා ඇන්ජලෝට සුබපතන්නට ද අමතක නොකළේය.

ඉන්පසුව ඇරඹුණේ රාත්‍රි සාදයයි. ජනාධිපතිවරයා හිතවතුන් අමුත්තන් මිතුරන් සමඟ කතාබහ කරමින් බොහෝ වේලාවක්‌ රැඳී උන්නේය.

මේ අතරතුර සාදයේ වෙනමම තැනක එක්‌තරා රූමත් යුවතියක්‌ අලංකාර නැටුමක නිරතව සිටින අයුරු ජනාධිපතිතුමා දැක්‌කේය.

කවුද අර ලස්‌සන පොඩි කෙල්ලෙක්‌ ලස්‌සනට නටන්නේ. ෂාහ්අ මාර නැටුමක්‌ නේ....

සර් ඒ පොඩි කෙල්ලෙක්‌ නොවෙයි අපේ අමුණුගම ඇමැතිතුමාගේ දුව වරුණි අමුණුගම නේ...

ආ ඇත්තද හරි ලස්‌සනයි.

ඉන් ටික වෙලාවකට පසු වරුණි එතනින් යන්නට පැමිණියේය. ජනාධිපතිවරයා වරුණිට කතා කළේය.

ඔයාගෙ නැටුම හරි ලස්‌සනයි. මම හිතුවෙ වයස 18 ක විතර පුංචි කෙල්ලෙක්‌ නටනවා කියල නේ...

අද නොදාන ඩාන්ස්‌ කවද දාන්නද සර් කියමින් ඕ එතිනන් නික්‌ම ගියාය.

දිලිත් අද මට මෙතනින් යන්න හිතෙන්නේ නැහැ. මම අද මේ හෝටලයේම නතර වෙනවා. මේ හෝටලේ පළමු අමුත්තා විදියට මම මේකේ කාමරයක නතර වෙන්නම් කියමින් ජනාධිපතිතුමා භෝජන සංග්‍රහයෙන් පසු කාමරයකට ගොස්‌ විවේක ගත්තේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive