එක්තරා තරුණියක්, සැමියාටද සොරෙන් සිය මව වෙත ගියේ සිය ජීවිතය පිළිබඳ දැඩි කලකිරීමෙනි.
“මගේ ජීවිතේ දුෂ්කරතාවලින් පිරිලා. මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ අම්මේ. එක ප්‍රශ්නයක් ඉවරවෙනකොට තව එකක් එනවා” තරුණිය සිය මවගේ දෙපා මුල හිඳ මහත් දුකින් කීවාය.
මොහොතක් නිහඬව සිටි මව, සිය දියණියද කැඳවාගෙන මුළුතැන්ගෙය වෙත පියනැගුවාය.
ළිප් තුනක් දැල්වූ මව ඒ මත වතුර පිරවූ භාජනය බැගින් තැබුවාය. ඉන්පසු බිත්තරයක්, කැරට් අලයක් සහ කෝපි ඇට ස්වල්පයක් ගෙන
භාජන තුන තුළට වෙන වෙනම දැමුවාය. විනාඩි විස්සකට පමණ පසු, කැරට් අලයද, බිත්තරයද, කෝපිද මේසය මත වෙනත් භාජන තුනකට දැමූ ඇය සිය දියණියගෙන් මෙසේ ඇසුවාය.
“ඔබ ඉදිරියේ ඇත්තෙ මොනවාද?”
“කැරට් අලයක්, බිත්තරයක්, කෝපි ටිකක්.”
“අතින් අල්ලලා බලන්න.”
දියණිය මේසයට ළංව ඒ මත ඇති භාජන තුළට නැඹුරුව බැලුවාය.
ඉන්පසු තැම්බුණු කැරට් අලයද, බිත්තරයද ඇඟිලි තුඩුවලින් ඇල්ලුවාය. කෝපි සුවඳ හමන භාජනය අතට ගෙන ඉන් බිඳක් පානය කළාය.
කුහුලින් යුතුව බලා සිටින දියණිය දෙස මද සිනාවක් පෑ මව මෙසේ කීවාය.
“එකම විදිහට තම්බපු ද්‍රව්‍ය තුනක් වෙනස් වෙනස් විදිහට ප්‍රතිචාර දක්වල තියෙනවා ඔබට පේනවා ඇති. තැම්බුණාට පස්සෙ කැරට් අලය මෘදුවෙලා. බිත්තරය තැම්බුණාට පස්සෙ ඝන වෙලා. කෝපි තැම්බුණාට පස්සෙ වතුරෙ පාට වෙනස් වෙලා, සුවඳකුත් හමනවා.”
“ඔව් ඉතින්, මොනවද ඒකෙන් අදහස් වෙන්නෙ?”
“බිත්තරය ඇතුළෙ තිබුණේ, ඕනෑම මොහොතක බිඳිලා විසිරෙන්න පුළුවන් ද්‍රව්‍යයක්. ඒත්, ගිනි රස්නෙ මැද්දෙ, කැකෑරෙන උණු වතුරෙදි ශක්තිමත් වුණා.
කැරට් අලය ඒ රස්නෙන් මෘදුවෙලා ශක්තිය නැතිකර ගත්තා. දැන් ඒක ලේසියෙන්ම දෙකඩ කරන්න පුළුවන්. කෝපි ඇට ටික තැම්බෙද්දී, සුවඳවත් වුණා. වතුර පැහැයත් වෙනස් කළා. සීනි හෝ හකුරු සමග එය ප්‍රණීත පානයක් කරගත හැකියි.”
දියණිය තවමත් මව දෙස බලා සිටී. ඇගේ දෑසෙහි ප්‍රශ්නාර්ථවත් පෙනුමකි. මව, දියණියගේ හිස මෘදු ලෙස පිරිමදිමින් මෙසේ කීවාය.
“දුෂ්කර අවස්ථාවකදී ද්‍රව්‍ය තුනක් ප්‍රතික්‍රියා කරන හැටි තමයි ඔබ දුටුවේ. අපි කාටත් දුෂ්කර අවස්ථා තිබෙනවා. ඔබ ඒවාට මුහුණ දෙන්නේ කෙසේද? කැරට් අලයක් වගේද? බිත්තරයක් වගේද? කෝපි ටිකක් වගේද?”
දියණිය, මොහොතක් කල්පනා කරන්නට වූවාය. කැරට් අලය, දුෂ්කරතාවකදී දුර්වල වෙයි. බිත්තරය ශක්තිමත් වෙයි. කෝපි ඇට අවට පරිසරයද තමන්ට අවනත කරගනිමින් සුවඳවත් වෙයි. අනුනටද ප්‍රයෝජනවත් වෙමින් රසයක් ලබා දෙයි.
ජීවිතය පුරා විසිර ඇත්තේ, දුෂ්කරතාවන්ටමය. ජීවත්වීම යනු අප ඊට මුහුණ දීමම නොව, බාධා ජයගන්නා ආකාරයය. ජීවිතයෙන් හරි අඩක් මුළුතැන්ගෙයි ගත කළ මවකගෙන්, දියණියට ලැබුණු පිළිතුරෙහි සැඟවී තිබුණේ ඒ අරුත නොවේද?
කපිල කුමාර කාලිංග -

0 comments:
Post a Comment