සේරුවිල රජ මහා විහාරස්ථානයට අයත් අක්කර 84 ක රක්ෂිතයේ තැන තැන පස් කපා විකිණීමේ ජාවාරමක් පසුගිය දින කිහිපය තිස්සේ සිදුකෙරෙන බවය. සේරුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අනාවරණය කර ඇත්තේ එම විහාරස්ථානයේ සිට කිලෝමීටරයක පමණ දුරක් ඇතුළත භූමියේද බැකෝ යන්ත්‍ර මගින් අඩි 20-25 ප්‍රමාණයේ විශාල වළවල් කපා ටිපර් රථ යොදාගෙන පස් ගෙන යන බවය. මේවා මෙසේ සිදුවන්නේ කෙසේද? බැකෝ, ටිපර් වැනි යන්ත්‍ර සඟවා රහසේ ක්‍රියාත්මක කළ හැකි ඒවා නොවේ. එළි පිට ඒවා හොර වැඩට යොදාගැනීමට නම් නියත වශයෙන්ම ඊට බලවතෙකුගේ හෝ ආරක්ෂක අංශයේ රැකවරණය තිබිය
යුතුය. එසේ නම් මෙම විනාශයද සිදුවන්නේ සේරුවිල ෙචෙත්‍යයේ පාදම විනාශ කළ අත්වලින්ම වීමටද බැරි නැත.
ත්‍රිකුණාමල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා හරහා මධ්‍යම පරිසර අධිකාරිය කිසියම් පුද්ගලයෙකුට සේරුවිල සුමේධංකරපුර ඉඩමක බොරළු කැපීමට නිකුත් කළ අවසර ලිපියක් මෙම පස් ජාවාරම සඳහා යොදා ගෙන ඇතැයිද කියති. වගකිව යුතු ආයතන හා නිලධාරීන් කිසිදු වග විභාගයකින් තොරව මෙවන් ලිපි නිකුත් කිරීමද සැලකිය යුතු කරුණකි. එක්කෝ මෙම ලිපිය නිකුත් කර ඇත්තේ ඉහළ අණකට විය යුතුය. නැත්නම් ඔවුන්ගේම හිතවතකුට, ඥාතියකුට විය යුතුය. කෙසේවුවත් එම ලිපිය මෙම පස් කැපීමට අදාළ වුවද නොවුනද එය පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් වී ඇති බව නම් පැහැදිලිය. පස් ටිපර් එකක් රුපියල් 8600 ක් වැනි මුදලකට විකුණන බවත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඊට සම්බන්ධව කටයුතු කරන බවද මේ පිළිබඳව තවදුරටත් කියැවේ. ව්‍යාපාරිකයකු සිටී නම් එතැන දේශපාලකයකු වැනි බලපුළුවන්කාරයකුද නැතැයි විශ්වාස කළ හැකිද?
කෙසේවුවත් මෙම මහා අපරාධය පිටිපස සිටින පුද්ගලයන් කවර තරාතිරමේ වුව ඔවුන් හෙළිදරව් කිරීමටත් නීති මගින් කටයුතු කිරීමටත් ත්‍රිකුණාමලයේ පුරාවිද්‍යා හා පොලිස් බලධාරීන් අප්‍රමාදව කටයුතු කළ යුතුය. එසේ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුව ඇත්තේ විශේෂයෙන් මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු බොහෝ වෙහෙර විහාර, රක්ෂිත අද හොරුන්ගේ මංකොල්ලකරුවන්ගේ ජාවාරම්කරුවන්ගේ වාසභූමි බවට පත්ව තිබෙන අයුරුද රහසක් නොවන නිසාය. එහෙත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් ඒ කිසිදු අංශයකින් යොමු නොවීම බරපතළ අවාසනාවකි. මේ විනාශ වන්නේ සේරුවිල පුද බිම පමණක් නොව රටේ සංස්කෘතියය. ශිෂ්ටාචාරයය. රටේ අනාගත පරපුරට මේ එකදු ඓතිහාසික පුද බිමක හෝ වෙහෙරක විහාරයක සලකුණක්වත් ඉතිරි නොකර ඒවා සහමුලින්ම කාබාසිනියා කරන තුරු කවුරු කවුරුත් ඇස් කන් පියාගෙන සිටීම ඉමහත් ජාතික අපරාධයක් වන්නේ එහෙයිනි. පුරාවිද්‍යා අණපනත් හා නීති රීති පොත්පත්වල කොතෙක් ඇතත් ඒවා ප්‍රායෝගික වශයෙන් පවත්වාගත නොහැකි නම් එයින් රටට කවර ඵලක්ද? ත්‍රිකුණාමල දිසාපතිවරයා, පොලිසිය ඇතුළු අදාළ අනෙකුත් වගකිවයුතු නිලධාරින්ට සේරුවිල පුදබිම අවට සිදුවන මෙම පස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හෙළිදරව් කිරීමට නොහැක්කේ නම් කළ යුත්තේ ඒ ආයතනද සොරුන්ටම පවරා නිලධාරීන් ගෙදර යෑමය.

0 comments:
Post a Comment