ජනප්‍රිය ගායන ශිල්පීන් යුවළක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා යන දෙදෙනාට වද දෙමින් ඔවුන්ට ප්‍රැට්‍රල් දමා ගිනි තබන්නට සැරසුන බවට චෝදනා ලැබ සිරිදඬුවම් නියම වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ආරක්ෂක ඒකකයේ සෙබලුන් 11දා ජනාධිපති සමාව ලබා බන්ධනාගාරයෙන් නික්මී යන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.
2000 වසරේ ජනවාරි මස 24 වැනිදා මෙම අපරාධය මත්තේගොඩ පිහිටි රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළට අයත් නිවසේ දී රාත්‍රි
කාලයේ දී සිදු වී ඇතැයි නඩු විභාගයේ දී අනාවරණය විය. දීර්ඝ නඩු විභාගයකින් පසු පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය විසින් විත්තිකරුවන්ට වසර හතරහමාර බැගින් සිර දඬුවම් නියම කෙරිණ. නඩු තීන්දුවෙන් පසු රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළ ජනමාධ්‍යයට පවසා සිටියේ විත්තිකරුවන්ට නිදහස ලබා දෙන ලෙසට තමන් ඉල්ලා සිටින බවයි.
එවැනි නිදහසක් ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටින්නේ නම් එම ඉල්ලීම ඇතුළත් පෙත්සමක් ජනාධිපතිවරයා වෙත ලබා දෙන ලෙස අධිකරණ අමාත්‍යංශය විසින් රූකාන්ත හා චන්ද්‍රලේඛා යුවළ වෙත දැනුම් දෙනු ලැබීය. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ රූකාන්ත හා චන්ද්‍රලේඛා යුවළ තමන් ඝාතනය කරන්නට උත්සාහ කොට සිර දඬුවම් නියම වූ විත්තිකරුවන්ට නිදහස ලබා දෙන ලෙස සඳහන් පෙත්සම ඉදිරිපත් කළහ.
එම පෙත්සම අනුව 11 දින මොවුන්ට ජනාධිපති සමාව හිමිවිය.
බන්ධුල මධුෂාන් කුමාර, නිහාල් විජේසිරි, සරත් කුමාර වීරසිංහ, ආර්.බී.කරුණාසේන, ලෙස්ලි චන්ද්‍රසිරි, අතුල සේනාරත්න, ආර්. ධර්මසේන, බී. ලලින්ද රාජරත්න, සම්පත් රණසිංහ සහ උපාලි ආරියදාස යන සිරකරුවන්ට නිදහස හිමිවිය.

0 comments:
Post a Comment