තම දරුවන් දෙදෙනා නිවෙසක් තුළ සිටියදී දොර ජනෙල් වසා අනියම් සැමියා සමඟ පලාගොස් සිටීමේ වරද මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කාන්තාවක සහ පුරුෂයකු පෙරේදා (9දා) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අප්‍රේල් මස 22 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අම්පාර අතිරේක මහෙස්ත්‍රාත් ස්ටෙලා ප්‍රිම්කි මහත්මිය නියෝග කළාය.
මාස නවයක දරුවකු සහ වසර පහක දැරියක නිවෙසක් තුළ
තනිකර දමා ඔවුන්ගේ මව වෙනත් පුරුෂයකු සමඟ පලාගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ පැවැත්වූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ අනුව ඔවුන් සිටි නිවෙසේ පිටුපස ෙදාරක් විවරකොට බලද්දී පැදුරක් මත දරු දෙදෙනා අඳුරේ සිටි බවත් එම ළමයින් සැකකාර මවගේ මවුපියන් භාරයට පත්කොට ඇති බවත් පොලිසිය 'බී' වාර්තාවක් මඟින් කරුණු දක්වා සිටියේය.
මෙම සැකකාරිය විවාහ වී සිටි පුරුෂයා අතහැර එම පුරුෂයාගේ මවගේ මල්ලී කෙනකු වන මාමා සමඟ මෙසේ පලාගොස් ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඒ අනුව සැකකාර කාන්තාව සහ පුරුෂයා මෙසේ අප්‍රේල් මස 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
උහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමල ගුණසේකර මහතාගේ උපදෙස් මත එහි නිලධාරීහු පැමිණිල්ල වෙනුවෙන් මහෙස්ත්‍රාත්වරියට කරුණු ඉදිරිපත් කළහ.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ ලාතුගල හිඳුඟල නෑල්ල ගමේ පත්මිණි රාජකරුණා සහ ඇයගේ අනියම් සැමියා බව කියන ප්‍රියන්ත වීරරත්න නමැති උහන පොලිස් වසමේ දෙදෙනෙකි.

0 comments:
Post a Comment