facebook like

ජනතාවට වේල පිරිමහගන්න බැරිවුනත් ජනාධිපතිගේ දවසේ වියදම කෝටි 2ත් පැනලා

"ජනතාව වේල පිරිමහගන්න බැරිව දහදුක් විඳිනවා. එහෙම තියෙද්දී වත්මන් ජනාධිපතිවරයාගේ දවසක වියදම රුපියල් දෙකෝටි 34 ලක්‍ෂයයි.

රජයේ සේවක සේවිකාවන්ගේ පඩිපතට වැඩිවුණේ රුපියල් 40.00යි. රුපියල් 40.00ට පොල් ගෙඩියක් ගන්නත් බැහැ. විශ්‍රාමික සේවකයගෙ සේවිකාවගෙ පඩිපතට වැඩිවුණේ රුපියල් 11.00යි ඒකට පාන් කාලක්වත් ගන්න බැහැ. රටේ මුල් පුරවැසියගේ දිනෙක වියදම රුපියල්
දෙකෝටි 34 ලක්‍ෂයයි. වසරක වියදම රුපියල් කෝටි 836ක්. මේකෙන් පෙනෙනවා රටේ ජනතාව කොතරම් පරතරයකද ජීවත්වෙන්නේ කියලා" යැයි බස්නාහිර පළාතේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි සුනිල් වටගල මහතා දිනපතා පුවත්පතකට පවතා තිබේ.

"රුපියල් දෙකෝටි 34 ලක්‍ෂයක් මුල් පුරවැසියා වියදම් කරනකොට මේ රටේ ජනතාව ලක්‍ෂ තුනක ණයකාරයන් බවට පත්වෙලා තිබෙනවා. ඇකයෙහි සිටින දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා ලක්‍ෂ තුනේ ණයකාරයන් බවට පත්වෙලා තියෙනවා. මෙන්න මේ සමස්තය අල්ලලා තමයි අපි කිව්වේ මේ ආණ්ඩුව යන්නේ රටේ සාමාන්‍ය ජනයාට ප්‍රතිලාභ අත්කරදෙන ගමනක් නොවෙයි, කියලා. සල්ලි නැතිවුණාට හම්බන්තොට වරායක් හැදුවා. ඒකට නැව් එන්නේ නැහැ. මෙගා ප්‍රොජෙක්ට් කියලයි හැදුවේ. මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා එන්නේ නැහැ. අතිමහත් ලෙස ගුවන් තොටුපොළවල් හැදුවම ඒවා ක්‍රියාත්මක නැහැ. ඊට පසුව නොරොච්චෝලේ බලාගාරය සුදු අලියෙක් වුණා. ඒ වගේ මෙගා ප්‍රොජෙක්ට්වලින් කිසිදු ප්‍රතිලාභයක් මෙතෙක් ජනතාවට අත්කර දීල නැහැ.

රට පුරාම අධිවේග මාර්ග හදනවා. පුරසාරම් ‍දොඩනවා. නමුත් අධිවේගී මාර්ගය හැදුවයි කියලා පෙන්වන නාළිකාව තුළම මොනරාගල මිනිස්සු ගමට යන්න පාරක් ඉල්ලලා කෑගසනවා පෙන්වනවා. එම ප්‍රදේශයේ පාරවල් කොතරම් අබලන්ද කියනවා නම් මොනරාගල මිනිස්සු යන පාරවල්වල හබුරුගස් සිටුවා විරෝධය පළකරමින් සිටිනවා. අධිවේගී මාර්ගය ගැන පුරසාරම් ‍දොඩනකොට තවත් මේ රටේම සහෝදර ජනකොටසක් ගමට යෑමට පාරක් ඉල්ලා විරෝධතා දක්වනවා. ගම්වල පාරවල්වල කිසිදු නඩත්තු කාර්යයක් සිදු වෙන්නේ නැහැ.

සංවර්ධනයේ රටේ පරතරය එන්න එන්නම වැඩිවෙලා. රටේ ජාතික ආදායමෙන් 47.5%ක් යන්නේ රාජපක්‍ෂවරුන්ටයි. කල්පනා කරලා බලන්න රටේ සුවහසක් ජනතාව බුක්ති විඳින්නේ රටේ ජාතික ආදායමෙන්  52.5%ක ගණනක්.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive