facebook like

කුඩු රජා කටුනායකින් පනින්න යද්දී අල්ලයි.....දුමින්ද සිල්වාගේ දුරකතනය වැඩ නෑ

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රාගම රෝහලේ සිටියදී පසුගිය ජුනි 29 වැනිදා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැනගොස් මාස 1 1/2ක් තිස්සේ සැඟවී සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන දේවගේ තුෂිත චාමර නොහොත් 'නිලාන්' නමැති සැකකරු ඊයේ අලුයම ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍යයට පැනයෑමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු දිසානායක ධනපාල ආරච්චිගේ සාගර තරිඳු යන ව්‍යාජ නමකින් ලබාගත් විදේශ ගමන් බලපත්‍රයකින් රටින් පැනයෑමට තැත් කරද්දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

පසුගිය ජුනි 20 වැනි දින තලංගම මුත්තෙට්ටුගොඩ පාරේදී රුපියල් 45 ලක්ෂයක් වටිනා හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කොට මහර බන්ධනාගාරයට යවා තිබිණි.
පසුව මේ සැකකරු ජුනි මස 28 දින මහර බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මත රාගම රෝහලට ඇතුළත් කර සිටියදී එම මස 29 දින රාත්‍රි 8.15ට රෝහලේ වැසිකිළියට රැගෙන ගිය අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබිණි.
මේ සැකකරු ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන කොළඹ ත්‍රස්ත විමර්ශන අංශයට ගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයද ඒකාබද්ධව සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

මේ අතර මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලායෑම සම්බන්ධයෙන් ඔහුගේ ආරක්ෂාව භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබූ අතර ඔහු පැනගිය අන්දම ගැන සෙවීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක්ද ආරම්භ කොට තිබේ.
ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන උසස් නිලධාරියකු සඳහන් කෙළේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රෝහලේ සිට පැනයෑමට කිසියම් බන්ධනාගාර නිලධාරියකුගේ සහාය ලැබී ඇද්ද යන්න ගැන සහ පැනගියදා සිට සැඟවී සිටීමට සහාය දුන් පිරිස් සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය සකස් කර දීමට උදවු දී ඇති පිරිස් පිළිබඳ සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යන බවයි.

නිලාන් නමැති සැකකරු බස්නාහිර පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාගේ ආධාරකරුවකු බවට ආරංචි පැතිර යමින් තිබුණේ ඔහු යළි අත්අඩංගුවට පත්වීමෙන් පසුවය.
ඒ සම්බන්ධයෙන් 'මව්බිම' දුමින්ද සිල්වා මහතාගේ ජංගම දුරකතනයට විනාඩි 45ක් තිස්සේ කතා කරමින් මන්ත්‍රිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරූ නමුදු අසාර්ථක විය.


මන්ත්‍රිවරයාගේ ජංගම දුරකතනයට ප්‍රතිචාර දැක්වූ අයකුගෙන් ඒ ගැන විමසීමේදී ඔහු සඳහන් කෙළේ අසන ප්‍රශ්නය මන්ත්‍රිවරයාගේ ෆැක්ස් අංකයට ෆැක්ස් කර එවන්නේ නම් ඊට පිළිතුරු දිය හැකි බව මන්ත්‍රිවරයා පවසන බවයි.

mawbima -

1 comment: Leave Your Comments

  1. parissamen hitapan thila ..

    meeta,
    Dubai wala ube yaluwo

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive