facebook like

කොබ්බෑකඩුව මියගොස් අවුරුදු 22යි - කොමිසම නැගූ ප්‍රශ්න එහෙමමයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියකුවූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් කණ්‌ඩායමක්‌ 1992 අගෝස්‌තු 8 වැනිදා කයිට්‌ස්‌හි අරාලි තුඩුවේදී ඔවුන් ගමන් කළ ලෑන්ඩ් රෝවර් රිය බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් මරුමුවට පත්වීමේ සිද්ධිය මුළුමනින්ම සැකයට තුඩුදුන් කරුණක්‌ විය.

මේ බෝම්බ පිපිරීම කොටි සංවිධානය විසින් සිදුකළ බවට එක එල්ලේම චෝදනා නැගිණ.

පසුව මේ සම්බන්ධ කොමිසමක්‌ පත්කරනු ලැබුවත් නියම සත්‍යය අනාවරණය වූයේ නැත. ඉන්පසුව කොබ්බෑකඩුව කොමිසම පත්කෙරුණි.

මෙහිදී මෙරට ජනතාවට මෙතෙක්‌ හෙළිනොවූ තොරතුරු රැසක්‌ අනාවරණය විය. කොබ්බෑකඩුව මහතා ඇතුළු හමුදා නිලධාරීහු නව දෙනකු ගමන් කළ ලෑන්ඩ් රෝවර් රිය බෝම්බයට ගොදුරු වීමෙන් පසු එහි සිටි පිරිස ඉවතට විසිවී තිබුණි.

ඒ වන විටත් කොබ්බෑකඩුව මහතා ජීවතුන් අතර හිටි බව වාර්තා විය. බරපතළ තුවාල ලබා සිටි කොබ්බෑකඩුව මහතාව හෙලිකොප්ටරයක්‌ මගින් කොළඹට ගෙන ඒමටද කටයුතු යොදා ඇතැයි වාර්තා විය.

මේ අනුව කොළඹ ජයවර්ධනපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරු හෙදියන් ඇතුළු කණ්‌ඩායමක්‌ කොබ්බෑකඩුව මහතාව විගස ශල්‍යාගාරයට ගෙන යැම සඳහා සූදානම් වී සිටියහ.

එහෙත් එම වෛද්‍යවරු ඇතුළු කණ්‌ඩායම විශ්මයට පත්වූයේ කොබ්බෑකඩුව මහතා රැගත් හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහල අහසේ කීප විටක්‌ම කැරකී ඉවතට යැමයි.

මෙහිදී නැඟුණ ප්‍රශ්නය වූයේ හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහල් භූමියට ගොඩ බෑමට ක්‍රියා නොකළේ මන්ද යන්නයි.

ජයවර්ධනපුර අහසින් ඉවතට ගිය හෙලිකොප්ටරය රත්මලාන ගුවන් තොටුපළට පැමිණියේය. එහිදී කොබ්බෑකඩුව මහතා රැගත් ගිලන් මැස්‌ස ඉවතට ගැනුණි. විනාඩි කිහිපයක්‌ එකී ගිලන් මැස්‌ස අව්වේ තිබූ බව සාක්‌කිවලින් හෙළිවිය.

මේ පසුබිම යටතේ තවත් සිද්ධියක්‌ වාර්තා විය. ඒ අරාලි තුඩුවේදී ලෑන්ඩ් රෝවර් රිය බෝම්බයකට අසුවීමෙන් පසු නැවත හමුදා සෙබළකු විසින් ඡායාරූපය ගැනීමයි.

මේ සෙබළා පසුපස රහස්‌ පොලිසිය හඹා ගිය නමුත් ඔහුව හමුවූයේ නැත. මේ අතර කොබ්බෑකඩුව කොමිසම මෙම ජීප් රිය පිපිරීමට අදාළව බ්‍රිතාන්‍ය බෝම්බ නාශක විශේෂඥයකු වූ ඡේ. ආර්. වයිට්‌ගේ සහය පැතීය. මේ වයිට්‌ නමැති විශේෂඥයා සිදුවීමට අදාළ ඡායරූප විමර්ශනය කළ අරාලි තුඩුවට ආසන්න ස්‌ථානයකදී ජීප් රථ දෙකක්‌ විමර්ශනයට ලක්‌ කළේය.

එක්‌ විමර්ශනයක්‌ වූවේ නිලධාරීන් නව දෙනකුගේ බර යොදා ජීප් රියක්‌ බිම් බෝම්බයක්‌ පිහිටි ස්‌ථානයක්‌ හරහා යෑවීමය. දෙවැනි නිරීක්‍ෂණය වූවේ ජීප් රිය තුළ බිම් බෝම්බයක්‌ ඇටවීමත්ය.

වයිට්‌ගේ නිගමනය වූයේ මෙය බිම් බෝම්බයක්‌ නොවන බවත් ජීප් රියේ අටවා තිබූ බෝම්බයක්‌ බවත්ය.

එසේම කොබ්බෑකඩුව මහතා ගමන් කළ ජීප් රියේ අංකය පවා එම ජීප් රථය ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට පෙර ලියාපදිංචි කර තිබූ බව හෙළිවිය.

එසේම කොබ්බෑකඩුව කොමිසම විසින් මේ කරුණු සොයා ගැනීමත් සමගම යුද හමුදාවේ ඇතැම් ලිපිගොනුද අස්‌ථානගත වී ඇත.

මෙවන් තත්ත්වයන් මත සතරසිංහ නමැති කාන්තාවක්‌ කොබ්බෑකඩුව කොමිසම වෙත පැමිණ සාක්‌කි දීමෙන් කොමිසමේ කටයුතු අවුල් සහගත විය.

කොමිසම විසින් සත්‍යය හෙළිකර ගන්නා විට ඇයව යම්කිසිවෙකු විසින් යොදවනු ලැබූ බව පසුව පැහැදිලි විය.

වඩමාරච්චි මෙහෙයුම දියත් කළේද ඩෙන්සිල් කොබ්බෑකඩුවය. 1987 මැයි සිට ජුනි දක්‌වා මේ මෙහෙයුම සැලසුම් කර තිබුණි. එවකට බ්‍රිගේඩියර්වරයකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් විජය විමලරත්න මෙන්ම වත්මන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද ඊට සම්බන්ධ විය. 1987 මැයි 26 වැනිදා වඩමාරච්චි මෙහෙයුම ආරම්භ විය. ගැමුණු හා ගජබා රෙජිමේන්තුවල භටයන් 8000 ක්‌ ඊට සම්බන්ධ වූහ. මෙය ආරම්භ වීමත් සමගම කොටි කොන්ඩන්ආරු පාලම පුපුරුවා හැරීය. එහෙත් ඉන් අධෛර්යමත් නොවූ භට පිරිස්‌ උඩුප්පිඩි, වැල්වැටිතුරේ තෙල්ලඩි හරහා පේදුරුතුඩුව වෙත පැමිණියහ.

මෙහිදී ප්‍රභාකරන් කොටුවිය. ඉන්දීය රෝ ඔත්තු සේවාවට එය වාර්තා විය. ඉන්දියාව විසින් වහාම එම මෙහෙයුම නතර කරන ලෙස ශ්‍රී ලංකාවට නියෝග කිරීමෙන් ප්‍රභාකරන් බේරුණි.

අලිමංකඩ නැවත අල්ලා ගැනීම සඳහා දියත් කළ බලවේගය මෙහෙයුමද කොබ්බෑකඩුව මහතාගේ ක්‍රියාදාමයක්‌ය. 1991 ජුනි මස අලිමංකඩ හමුදා කඳවුර වෙත කොටි ප්‍රහාර එල්ලකර එය අල්ලා ගත්හ. එහෙත් යුධ ටැංකි සහ බර අවි නැතිව අලිමංකඩ කඳවුර යළි අල්ලා ගැනීමට කොබ්බෑකඩුව ඇතුළු හමුදා බලසේනාවට හැකිවිය.

එහෙත් 1992 අගෝස්‌තු 8 වැනිදා අරාලිතුඩුවේදී සිදුවූ විපත නිසා විශිෂ්ටතම සෙන්පතියා ඇතුළු හමුදා නිලධාරීන් නව දෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්විය. මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියාර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් ආරියරත්න, ඒ. පළිපහන, එම්. ආර්. ස්‌ටීවන්, අසංග ලංකාතිලක, සී. බී. විඡේපුර, එන්. එස්‌. අල්විස්‌ යන නිලධාරීන්ද මෙම සිද්ධියේදී මියගියහ.

එවකට මේ සිද්ධිය සම්බන්ධව මෙරට සිටි ප්‍රබල දේශපාලකයකුටද චෝදනා එල්ල විය. එසේම එදා යුධ හමුදාවේ සිටි මේජර්වරයකුද එකී ක්‍රියාදාමයට සම්බන්ධ යයි ජනාධිපති කොමිසමක්‌ විසින් තීරණය කෙරුණි.

එහෙත් කොබ්බෑකඩුව කොමිසම හමුවේ නැඟුණු ප්‍රශ්නවලට අද වන තෙක්‌ ප්‍රතිචාර ලැබී නැත.


1. කොබ්බෑකඩුව මහතා ගෙන ආ හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහලට ගොඩ නොබෑවේ මන්ද?

2. කොබ්බෑකඩුව ඇතුළු කණ්‌ඩායම අරාලි තුඩුවට එන බව කොටි දැන ගත්තේ කෙසේද?

3. විපතට පත් ජීප් රියේ ඇන්ජිම ගලවා වෙනත් වාහනයකට සවි කළේ මන්ද?

කීර්ති වර්ණකුලසූරිය
( දිවයින)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive