facebook like

මටත් පරචින්ත විජානන ඥානය තිබෙනවා....බුදුහාමුදුරුවන් තරමටම නෑ

බුදුහාමුදුරුවන් තරමටම නොවුණත් තමන්ටත් පරචින්ත විජානන ඥානය තිබෙන හෙයින් අනුන්ගේ සිත් කියැවීමේ හැකියාවක් ඇති බවත්, එම නිසා තමාට කිසිවකු බොරුවක් කරද්දී එය මුහුණෙන් තේරෙන බවත් පවසමින් බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා තම අමාත්‍යධුරයේ වැඩභාර ගනිමින් අමාත්‍යංශ නිලධාරීන් හා සේවකයන්හට තමාට
බොරු නොකරන ලෙස ප්‍රකාශ කෙළේය.

බොරුවක් කරන්නේ නම් අහු නොවන ලෙස බොරුවක් කරන ලෙසට පැවැසූ අමාත්‍යවරයා නමුත් අමාත්‍යංශ නිලධාරීන්ට හා සේවකයන්ට එහි අවදානම නොගන්නා ලෙසද කීය.
කොළඹ, ශ්‍රාවස්ති මන්දිරයේදී පෙරේදා (7දා) උදය ගම්මන්පිල මහතා සිය අමාත්‍යධුරය වන කෘෂිකර්ම ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ වැඩභාරගනිමින් අනතුරුව පැවැති විශේෂ උත්සවයකදී මේ බව සඳහන් කෙළේය.
ගම්මන්පිල අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

මා කලිනුත් සේවය කළ මේ අමාත්‍යංශය රටේ හොඳම පළාත් අමාත්‍යංශය බවට පත් කළා. ඒ තැනට එන්නට අපිට ශක්තිය ලැබුණේ අමාත්‍යංශයේ අපි හැමෝම පවුලක් විදියට සෑම කටයුත්තකදීම වැඩ කළ නිසා.
අපේ අමාත්‍යංශය ඉදිරි වසර 05 ඇතුළතදී ජාත්‍යන්තරයේම අවධානයට යොමුවන අමාත්‍යංශයක් බවට පත්කිරීමට අපි කටයුතු කළ යුතුයි.

අමාත්‍යංශයේ සේවකයන්ව දඬුවමට හුරු කරනවා වෙනුවට නව තාක්‍ෂණය හරහා මුසුවී මානව සම්පත ස්වේච්ඡාවෙන් කැපවී උනන්දුවෙන් ක්‍රියාකරන අමාත්‍යංශයක් බවට අපි මේ අමාත්‍යංශය පරිවර්තනය කළ යුතුයි. මම මෙදාපාර අමාත්‍යංශයේ වැඩභාර ගනිද්දී පොඩි පුවරුවක් ගෙනාවා. ජීවිතේ කළමනාකරණ උපක්‍රම වැඩියෙන්ම මම කියලා දීපු ඩී.එස්. සේනානායක විදුහලේ නිර්මාතෘ විදුහල්පති ආර්.අයි.ටී. අලස් ගුරු පියාගේ මේසය උඩ තිබුණු පුවරුව ඒ පුවරුවම නොවෙයි ඒකේ කියලා තිබුණු දේ ලියාගෙන මමත් පුවරුවක් ගෙනවා. ඉන්දිරා ගාන්ධි මැතිනිය කළ ප්‍රකාශයක් තමයි ඒකේ තිබුණේ. එම පුවරුවේ තිබුණු ප්‍රකාශවලින් අදහස් වෙලා තිබුණේ වැඩ කරනවාට වඩා ලකුණු දාගන්න බොහෝ දෙනෙක් කටයුතු කිරීම පිළිබඳව.

වැඩකරන අය ටික දෙනයි ලෝකයේ ඉන්නේ. තමුන් ලකුණු දාගන්නඅය ගොඩක් හිටියා. අපි කළ යුත්තේ ටික දෙනෙක් සිටින වැඩකරන පිරිස වැඩිකරගෙන ලකුණු දාගන්න පිරිස අඩුකර ගැනීමයි.
මිනිස්සු අතින් වැරැදීම්, අතපසුවීම් සිදුවෙනවා. ඒකට තමයි කියන්නේ මිනිස් ස්වභාවය කියලා. නමුත් සිදුවන වැරැදීම, අඩුපාඩුව පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් පැවැසිය යුතුයි. නැතිනම් අපිට වැරැද්ද අඩුපාඩුව හදා ගන්න බැරිවෙනවා. බොරුවෙන් ජීවත් වුණොත් අපිට වැඩිකල් ජීවත් වෙන්න බැහැ. ටික දෙකෙක් ටික කලකට රවට්ටන්න පුළුවන්. නමුත් හැමකල් ගොඩ දෙනෙක් රවට්ටන්න බැහැ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive