90 දශකයේ මුල් භාගය කියන්නේ එවකට පැවැති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට අවුරුදු 15ක් විතර වයස කාලයය. 77දී බලයට ආ ජේ.ආර්. ජයවර්ධනගේ යූ.ඇන්.පී. ආණ්ඩුව 90 දශකයේ මුල් භාගය වන විට සිටියේ සෑහෙන්න පිරිහිලාය. හැබැයි යූ.ඇන්.පී. ආණ්ඩුව කොච්චර පිරිහිලා තිබුණත් යූ.ඇන්.පී. ආණ්ඩුව පරාජය කරලා බලය අල්ලා ගන්න තරම් විපක්‍ෂය ශක්තිමත් වෙලා තිබුණේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂයේ තිබුණු මත ගැටුම් නිසාත්, මැතිනියගේ නායකත්වය යල් පැන ගිහින් තිබුණු නිසාත් යූ.ඇන්.පී. එකේ කොච්චර අඩුපාඩු, දුර්වලතා තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පක්‍ෂය පරද්දන තැනට එන්න තරම් ශක්තියක් තිබුණේ නැත.
එහෙම උකටලී වෙලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පණ ගහලා ආවේ පිටරට ඉඳලා චන්ද්‍රිකා ලංකාවට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නායකත්වය දෙන්න පටන් ගත්තාට පසුවය. චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලොකු පිබිදීමක් ඇති වුණේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් 94දී බලයට එන්නේ ඒ පිබිදීමේ ප්‍රතිඵලයක් විදියටය. 62%ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන චන්ද්‍රිකා ජනාධිපති පුටුවට පත් වෙන්නේ ඒ පිබිදීමේ ප්‍රතිඵලයක් විදියටය.
එදා ඒ විදියට චන්ද්‍රිකා නෑවිත් මැතිනියගේ නායකත්වයෙන් 94 මහ මැතිවරණයට තරග කළා නම් සහ 94 ජනාධිපතිවරණයට මැතිනි ඉදිරිපත් වුණා නම් සමහර විට 94දී පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් බිහි නොවන්න ඉඩ තිබිණි. ඒ වාගේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති කෙනකු පත් නොවෙන්න ඉඩ තිබිණි.
ඒත් චන්ද්‍රිකා පිටරට ඉඳන් ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දුන් ඒ නැවුම් නායකත්වය නිසා 17 අවුරුදු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු පාලනය නිමාකර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට රටේ බලය අල්ලා ගන්න පුළුවන් විය.
එදා 94දී චන්ද්‍රිකා සහ පොදුජන එක්සත් පෙරමුණ ලැබූ ජයග්‍රහණයට මුල් වූයේ 93 පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ලැබූ ජයග්‍රහණයය. එසේම බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ විපක්‍ෂය ලැබූ ජයග්‍රහණය 94දී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පෙරළන්න ප්‍රබල දායකත්වයක් සැපයුවේය.
එදා දකුණෙන් හා බස්නාහිරින් විපක්‍ෂය ලැබූ ජයග්‍රහණය තරම්ම නොවුණත් සැලකිය යුතු ජයග්‍රහණයක් මෙදා දකුණෙන් හා බස්නාහිරින් ලබන්න විපක්‍ෂය සමත්වෙලා තිබේ. හැබැයි ඇත්තම කිව්වොත් විපක්‍ෂය ලැබූ මේ ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයත් විනා එක්සත් ජාතික පක්‍ෂය නම් නොවේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ දකුණෙන් හා බස්නාහිරෙන් ලැබූ ජයග්‍රහණය වාගේ ජයග්‍රහණයක් මෙදා දකුණෙන් හා බස්නාහිරෙන් අත්කර ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයය.
එදා චන්ද්‍රිකා පිටරට ඉඳන් ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නැවුම් නායකත්වයක් දුන්නා වාගේ මෙදා අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වෙලා ජේ.වී.පී. එකට නැවුම් නායකත්වයක් දීලා තිබේ. ඒ වාගේම එදා ලලිත් හා ගාමිණී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ හදලා විපක්‍ෂයට අලුත් නායකත්වයක් දුන්නා වාගේ සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය හදලා විපක්‍ෂයට අලුත් නායකත්වයක් දීලා තිබේ.
එදා ඒ විදියට චන්ද්‍රිකා, ලලිත් හා ගාමිණී විපක්‍ෂයට නායකත්වය දෙන විට ප්‍රේමදාසගේ යූ.ඇන්.පී. ආණ්ඩුව හෙල්ලිලා ගියේය. එදා ඒ විදියට චන්ද්‍රිකා, ලලිත් හා ගාමිණී විපක්‍ෂයට නායකත්වය දෙන විට ප්‍රේමදාසගේ ආණ්ඩුව හෙල්ලිලා ගියා වාගේ මෙදා අනුර දිසානායක හා සරත් ෆොන්සේකා විපක්‍ෂයට නායකත්වය දෙන විට මහින්දගේ ආණ්ඩුවත් හෙල්ලිලා ගිහින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණ 300%කින් තමන්ගේ මන්ත්‍රි ධුර ගණන වැඩි කර ගනිද්දී සහ ෆොන්සේකා අලුතෙන්ම මන්ත්‍රි ධුර 12ක් දිනා ගනිද්දී මහින්දගේ ඡන්ද ගණන ලක්‍ෂ ගණනින් අඩු වෙන්නේ ඒ නිසාය.
93දී දකුණෙන් හා බස්නාහිරෙන් පටන් ගත්ත රැල්ල 94දී මුළු රට පුරාම ව්‍යාප්ත වුණා වාගේ 2014දී දකුණෙන් හා බස්නාහිරෙන් පටන් ගත්ත රැල්ල 2015දී රට පුරාම ව්‍යාප්ත නොවෙයි කියලා කොහොමද කියන්නේ?
එදා දකුණෙන් හා බස්නාහිරෙන් පටන් ගත්ත රැල්ල රට පුරාම ව්‍යාප්ත වුණේ මැතිනියගේ කල් පැනපු නායකත්වය වෙනුවට චන්ද්‍රිකාගේ නැවුම් නායකත්වය රටට අලුත් බලාපොරොත්තුවක් එකතු කළ නිසාය. විපක්‍ෂයට අලුත් බලාපොරොත්තුවක් එක් කළ නිසාය.
ඉතින් එදා විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට චන්ද්‍රිකාගේ නායකත්වය අලුත් බලාපොරොත්තුවක් ගෙන දුන්නා වාගේ මෙදා විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයට අලුත් නායකත්වයක් ලැබුණොත් එදා 94දී සිද්ධ වෙච්ච පෙරළිය මෙදා 2015දී සිද්ධ නොවෙයි කියලා කියන්න බැරිය. මොකද විපක්‍ෂය කියන ළිපේ ගල් තුනෙන් දෙකක් දැන් කෙළින් වෙලා ඉවරය. දැන් තියෙන්නේ යූ.ඇන්.පී. එක කියන ගල කෙළින් කරන්න විතරය. ජේ.වී.පී. ගලත් ෆොන්සේකා ගලත් දැන් තිතට කෙළින් වී තිබේ. ඒත් කෙළින් වී නැත්තේ යූ.ඇන්.පී. ගලය. යූ.ඇන්.පී. ගලත් හරියට කෙළින් වුණා නම් ගල් තුනම හරිය. එහෙනම් විපක්‍ෂය කියන ළිප් ගල් තුන උඩ ආණ්ඩුව කියන කැඳහැළිය තබා හොඳට රත් කරන්න පුළුවන්ය. උණුවෙලා පිච්චිලා වාෂ්ප වෙලා යනකම්ම රත් කරන්න පුළුවන්ය.
හැබැයි ගල් දෙකක් කෙළින් වෙලා තියෙද්දී ඉතිරි ගල කෙළින් කරනවා වෙනුවට රනිල් කළේ ගල අරන් රට පැනීමය. ආණ්ඩුව රත් කරන්න, පුච්චන්න තිබ්බ චාන්ස් එක රනිල් නැති කළේ අන්න ඒ විදියටය. ජනතා විමුක්ති පෙරමුණයි, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි එකට එකතුවෙලා මේ වෙලාවේ රාජපක්‍ෂ ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න කටයුතු කළා නම් 2015දී මහින්දට තීරණාත්මක අවුරුද්දක් වෙන්න ඉඩ තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ අලුත් නායකයකු පත්කර ගත්තා වාගේ එක්සත් ජාතික පක්‍ෂයත් අලුත් නායකයකු පත් කර ගත්තා නම් මහින්දගේ බමරය වැල්ලේ කැරැකෙන එක නතර වෙන්න ඉඩ තිබිණි. හැබැයි රනිල් රට පැනීම නිසා සිද්ධ වෙලා තියෙන්නේ මහින්දගේ බමරයට තවත් කාලයක් වැල්ලේ කැරැකෙන්න අවස්ථාව උදා වීමය. ඇත්තම කිව්වොත් අවස්ථාව උදා කරලා දීමය. 93න් 94න් පාඩමක් ඉගෙන ගන්නවා නම් යූ.ඇන්.පී. එකට කරන්න තියෙන්නේ තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනෑ යැයි සිතා අලුත් වෙනසක් සිද්ධ කිරීමය. හැබැයි රොටි පුච්චන එක පැත්තකින් තියා යූ.ඇන්.පී. එක කරන්නේ රත්වූ තැටියට වතුර දමා තැටිය කූල් කිරීමය.
ඇත්තම කිව්වොත් ඇමැති මණ්ඩලයෙන් තියෙන තරමේ කරදරයක්වත් මහින්දට රනිල්ගෙන් නැත. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා රටේත් නැති නිසා මහින්දට දැන් පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැත. දැන් මහින්දට තියෙන්නේ තමන්ගෙන් වෙච්ච අඩුපාඩු ටික අකාමකා දමා පොඩ්ඩක් හැදෙන්නය. මොකද 93දී දකුණ හා බස්නාහිර දිනලා 94දී රටෙහි බලය ඇල්ලුවා වාගේ රටේ බලය අල්ලන්න රනිල්ට වුවමනාවක් නැත. ඒ වුවමනාව තියෙන්නේ අනුර දිසානායකටත්, සරත් ෆොන්සේකාටත් විතරය.
ඉතින් එහෙම බලනකොට රණසිංහ ප්‍රේමදාසට වඩා මහින්ද රාජපක්‍ෂ හරිම වාසනාවන්තය. රණසිංහ ප්‍රේමදාසට රණසිංහ ප්‍රේමදාසගේ නොවන රණසිංහ ප්‍රේමදාසගේම විපක්‍ෂනායකයකු සිටියේ නැත. හැබැයි මහින්ද රාජපක්‍ෂට මහින්ද රාජපක්‍ෂගේ නොවන මහින්ද රාජපක්‍ෂගේම විපක්‍ෂ නායකයෙක් සිටියි. වෙනස ඇත්තේ එතැනය. මහින්දගේ ජයග්‍රහණයේ රහස ඇත්තේද එතැනය.
සඳුන් ජීවන්ත

0 comments:
Post a Comment