සෞදි අරාබියේ නිවසක හොර රහසේ වසර 18 ක් සිරකරගෙන බරපතළ ලෙස වැඩ ගනිමින් සිටි ගෘහ සේවිකාවක් එයින් මිදී සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ සිටියදී ඇයට සාධාරණය ඉටුකර ලංකාවට එවනවා, වෙනුවට වසර 2 කට අසන්න කාලයක් එහි රඳවා ගෙන සිටිමින් අවසානයේ එම නිලධාරීන් නැවතත් එම කාන්තාව ඇය සිරකරගෙන සිටි එම නිවසට බාරදී ඇතැයි ඇගේ දරුවෝ ප්‍රකාශ
කර සිටිති.
ඇයට සිදු වූ අසාධාරණය මෙරට මාධ්‍ය මගින් පෙන්වූ පසු එම කාන්තාව හට මෙම නිලධාරීන් බැණ වැදී ඇති බවද මෙම දරුවෝ සඳහන් කරති.
වසර 18 ක් පුරා ඇගේ අතුරුදන්වීම පිළිබඳව සොයා නොබැලූ නිලධාරීන් ඇය තමා විඳි අපායෙන් මිදී ආ විට එම නිවැසියන් සම්බන්ධයෙන් නීතිමය පරීක්‌ෂණයක් සිදු කොට වසර 18 ක වැටුප් රැගෙන දී ඇය ලංකාව වෙත එවනවා වෙනුවට වසර 2 කට ආසන්න කාලයක් තානාපති කාර්යාලයේ රඳවා සිට නැවතත් ඇය එම නිවසටම බාර දීමෙන් ඇගේ ජීවිතය පිළිබඳව දැඩි අවදානමක් මතුව තිබෙන බව මෙම කාන්තාවගේ දරුවෝ සඳහන් කරනුයේ එම කාන්තාව දුරකථනයෙන් පැවසූ තොරතුරු අනුවය.
තිදරු මවක වන මානවඩුගේ ඉන්ද්‍රdණි නැමැති මෙම කාන්තාව ගම්පොල ඇත් ගාල ප්‍රදේශයේ පදිංචිව සිටියදී 1995 නොවැම්බර් 19 වැනිදා ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ රැකියාවකට ගොස් ඇති අතර එදින සිට වසර 18 ක් ගතවන තුරු ඇය පිළිබඳ කිසිම තොරතුරක් නොලැබුණු බව ඇගේ පුතෙකු වන අජන්ත මනෝජිත් පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ අජන්ත මනෝජිත් - අම්මා සෞදි යන්න කලින් ඩුබායි ලෙබනන් වගේ රටවලත් ගෘහ සේවිකාවක් විදිහට වැඩ කරලා තිබෙනවා. අපගේ නිවසේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කළා. ඒ තාත්තාටවත් අපටත් ස්‌ථිර ආදායමක් නැති නිසා. අම්මා 1995 අවුරුද්දේ ආයෙත් සෞදි අරාබියට ගියා. එදා ඉඳලාම අම්මා ගැන කිsසිම තොරතුරක් නැතුව ගියා. මේ නිසා අම්මාගේ අතුරුදන්වීම ගැන විදේශ සේවා එකට පැමිණිලි කළා. ඒත් වැඩක් වුණේ නෑ. පස්‌සේ අපි දන්වන්න ඕනෑ හැමතැනටම කීවත් ඒ අය කීවේ අම්මා ගැන තොරතුරක් නෑ කියලයි.
එක දිගට අවුරුදු 7-8 ක්‌ම අම්මා හෙව්වත් වැඩක් වුණේ නෑ. මේ විදිහට අවුරුදු 18 ක්‌ම ගියා. ඒ අතර ගම්පොළ ඇත්ගාල පොලිස් මුරපොලේ දැන්වීමක් ගහලා තිබුණ අපේ අම්මගේ තොරතුරු දාලා ඇය එරට තානාපති කාර්යාලයේ ඉන්නවා කියලා. අපි පොලිස් මුරපොළේ ලොකු මහත්තයා වන අක්‌බාර් මහත්තයාට මේ ගැන කීවා. එතුමාගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට අපට පුළුවන් වුණා අම්මාට කතා කරන්න.
පස්‌සේ ඒ මහත්තයා ස්‌කයිප් තාක්‌ෂණයෙන් අපට අම්මා මුණ ගස්‌වා කතා කරන්න සලස්‌වලා දුන්නා. එතකොටයි අපි දැනගත්තේ වසර 18 ක්‌ම අම්මා හිරකරගෙන හිටිය අය එයාට දීලා තිබුණ වධ බන්ධන ගැන.
අම්මා ඒ ගෙදර හිරකරගෙන වැඩ ගන්නවා දැක්‌ක ලංකාවේ කෙනෙක් නිසයි එයාට එතැනින් එන්න පුළුවන් වෙලා තියෙන්නේ.
ඊට පස්‌සේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් දැන් තානාපති කාර්යාලයේ ඉන්නවා. එයාගේ අවුරුදු 18 ක පඩි සල්ලිත් නෑ. අසරණ වෙලා විදේශ සේවා එකේ නිලධාරීන් කිව්වලු සල්ලි එපා කියලා ලියුමකට අත්සන් කරලා දෙනවානම් ඉක්‌මනට ලංකාවට යන්න පුළුවන් කියලා. මේ නිලධාරීන් ලංකාවේ අය වෙනුවෙන් මේ විදිහට ඒ අයට සාධාරණය ඉටු කරන්නෙ නැති නිසා අපි මේ ගැන අපේ පත්තරවලට කීවා.
ඒවා පළ වුණාට පස්‌සේ අම්මට ඒ අය හොඳටම බැනලා. ඊට පස්‌සේ මාස 2 ක් විතර යනකන් අම්මා ගැන අපට තොරතුරක් සොයා ගන්න බැරි වුණා. පස්‌සේ අම්මා අපට හිටිය ගමන් කෝල් එකක් දීලා කීවා තානාපති කාර්යාලයෙන් ආයෙත් මම වැඩ කළ ගෙදරටම බාර දුන්නා කියලා. මේ අය දැන් කොයි වෙලාවේ හරි මාව මරනවා. ඒ ගැන ඒ අය කිය කියා ඉන්නේ. මාව බේරා ගන්න කියලා.
අපි මේ ගැන ලංකා විදේශ සේවා එකට කතා කර කියන්න උත්සාහ කළත් ඒ අය ඒ ගැන කතා කරන්නේ නෑ. ඒ අය මුලින් කීවේ හිඟ වැටුප් ලැබෙනකල් ඇය ලංකාවට එවීමට නොහැකි බවයි. ඒත් දැන් ආයේත් මේ අය අම්මා බිල්ලට දීලා.
අම්මා දැන් ඒ ගෙදර ඉන්න අතර තුර ඇත්ගාල පොලිසියේ අක්‌බාර මහත්තයා නැවතත් බොහෝ මහන්සිවෙලා කෝල් කළා. එතකොට අම්මා විඳින දුක කීවා. පොලිසියේ මහත්තයා ඒවා රෙකොඩ් කරලත් තියෙනවා.
අජන්තගේ බිරිඳ වන ඉරේෂා නෙළුම් කුමාරි මෙසේ කීවාය.
අම්මාට අපි කෝල් කරාම එයා විස්‌තරේ කීවා. හැමදාම එයාට ගෙවල් 3 ක වැඩ කරන්න වෙලා මේ අයගේ බැටළු ගාලක වැඩ කරන්නත් වෙලා. ඒකෙදි අම්මාගේ අත් කකුල් පවා කුණුවෙලා තිබෙනවා. රටඉඳි කපන්නත් ඕනෑලු. ඒ වගේ බර වැඩ තමයි මෙයාගෙන් අරගෙන තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් මෙම දරුවන් ජනාධිපතිවරයා, විදේශ සේවා අමාත්‍යවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මෙන්ම විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය වෙත පැමිණිලි කර ඇය ලංකාවට ගෙනවිත් දෙන ලෙස ඉල්ලා ඇතත් එය ඉටු වී නොමැති බව පවසයි.
අප මීට පෙර පළ කළ ලිපියේදී විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් විමසීමේදී ඉන්ද්‍රdණි මහත්මියගේ හිඟ වැටුප් රැගෙනදී ලංකාවට එවීමට කටයුතු කරන බව පැවසුවත් මෙවර ඇය නැවතත් එම නිවසට ලබාදීම ගැන විමසීමේදී පවසා සිටියේ එවැන්නක් වී ඇද්ද සොයා බලන බවයි.
කෙසේ නමුත් ඇගේ දරුවන් පවසනුයේ වසර 18 ක් පුරාවටම මව ගැන සොයා බලා කටයුතු නොකළ මේ නිලධාරින් ඇය හමුවී වසර 2 ක් ගතවන මේ අවස්‌ථාවේදීද ඇය ගැන සාධාරණය ඉටුකරනවා වෙනුවට නැවතත් ඇය පිළිබඳව නිසි ලෙස කටයුතු නොකිරීම නිසා ඇය දුක් විඳින බවයි.
ාසඩ්සබ් -

0 comments:
Post a Comment