facebook like

මර්වින් සිල්වාගේ අන්තිම කැමති පත්‍රය සහ සොහොන් කොතේ ලියන සින්දුව

සොහොන් කොතේ ලියන සින්දුව ගැනත් ඇමැති මර්වින් හෙළි කරයි
කැබිනට් මණ්ඩලයේ දුසිම් ගණනක් ඇමැතිවරුන් සිටියද ඒ සියලු දෙනාට වඩා රටේ පුවත් මවන ආන්දෝලනාත්මක චරිතය වන්නේ මර්වින් සිල්වා ඇමැතිවරයාය. ඔහු කරන කියන කිසිදු දෙයකට ඉකුත් කාලයේ බාධාවක් ඇති නොවූවේ  ඒ ඔහු රජ ගෙදර පරවියා මෙන් සිටි නිසා බව කියවිණි. එනමුත් ඉකුත් කාලයේ මර්වින් සිල්වා ඇමැතිවරයා
ගත කළේ බොහෝ නිශ්ශබ්ද දිවියකි. ඒ පිළිබඳ දේශපාලන ලෝකයේ කතන්දර පැතිර ගියේ රජ ගෙදර පරවියාගේ තටු කපා ඇති බවය.
මේ අතර මර්වින් සිල්වා ඇමැතිවරයා යළිදු වරක් ගිය සතියේ කරළියට ආවේය. ඒ දේශපාලන පෙරළියක් කරමින් නොව තමාගේ වළ තමා විසින්ම කපාගෙනය. පසුගිය කාලයේ කැලණියේ වූ දේශපාලන ප්‍රශ්න මධ්‍යයේ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් නම් බොහෝ දෙනා ආවේ මර්වින් සිල්වා ඇමැතිවරයාට වළ කැපීමටය. ඒ අතරේ ඇමැතිවරයාත් තමාට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට වළ කපන්නට උත්සාහ කළේය. කෙසේ නමුදු මේ වළ කැපීමට දේශපාලන අර්ථයක් තිබුණද මර්වින් සිල්වා ඇමැතිවරයා ගිය සතියේ වළ කපා ගත්තේ සිය දේශපාලන ගමනට නොවේ. ඔහු වළ කපා ගත්තේ තම අවසන් ගමනට ලෑස්ති වීමටය.
අවසන් ගමන් යාමට ලකලෑස්ති වී දිවි ගමනේ සදා සුවය විඳින ඇතැමුන් තමන්ගේ අන්තිම කැමැත්තේ තම අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ලියා තැබිම සාමාන්‍ය සිද්ධියකි. එනමුත් මේ ආකාරයට ඇමැතිවරයකු තමන්ගේ අවසන් කටයුතු සඳහා වළ කපා ගන්නේ මුල්වරටය.
ඔහු වළ කපා ගන්නට සූදානම් වන්නේ ලංකාවේ ප්‍රසිද්ධම සුසාන භූමිය වන බොරැල්ල කනත්ත තුළය. බොරැල්ල කනත්තේ කුඩා බිම් තීරුවක් මුදලට ලබා ගැනීම ‍ලේසි පහසු කටයුත්තක් ද නොවේ. අමාත්‍යවරයා කියන හැටියට බොරැල්ල කනත්තේ බිම් අඟලක් ගැනීම ඔහුට සුළු දෙයකි.
වර්ග අඩි හතරක බිම් කොටසක් වෙන්කර ගැනීමට තමාට රුපියල් විසිපන්දහසක් පමණ මුදලක් වැය වූ බව ඇමැතිවරයා පවසයි. මේ සොහොන් කොත තැනීමේ කටයුතු සම්බන්ධීකරණය කරන කොළඹ නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන කියන්නේ සොහොන් කොත තැනීමට ලක්ෂ හතක පමණ මුදලක් වැය වන බවය. කෙසේ නමුදු මෘත දේහය යළි වළ දැමීමට හෝ
භෂ්මාවශේෂ තැන්පත් කිරීමට බොරැල්ල කනත්තේ ඉඩ කොටසක් වෙන්කර ගැනීමට අපහසුය. ඒ දැන් දැන් කනත්තේ ඉඩ නැති බැවිණි. එනමුත් මර්වින් සිල්වා ජීවතුන් අතර සිටියදී කනත්තේ ඔහුට ඉඩක් ලැබෙන්න ඇත්තේ ඔහු ඇමැතිවරයකු නිසා වෙන්නැතිය. මර්වින් සිල්වා ඇමැතිවරයා කියන හැටියට මෙවැනි දෙයක් කිරීමට ඔහුට අදහසක් ආවේ බොරැල්ල කනත්තේ පැවැති දිවංගත ජනප්‍රිය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලගේ විසි තුන්වන ගුණසමරුවට පැමිණි දවසේය. එදින ඇමැතිවරයාද කනත්තට ගියේ එච්.ආර්. ජෝතිපාල ඔහුගේ ප්‍රියතම ගායකයා බැවිණි. එම ගුණ සමරුවට සහභාගි වූ ඇමැතිවරයා ජෝතිපාලගේ සොහොන්කොත ළඟින්ම බිම් කොටසක් තමාට දෙන ලෙස කොළඹ නගර සභාවෙන් ඉල්ලීමක් කළේය.
“එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියා මගේ හිතවතෙක්. ඔහුගේ ගීතවලට මම ආදරය කරනවා. මේ සොහොන් කොත්වල අළු තැන්පත් කර ඇත්තේ සුවිශේෂී සමාජ මෙහෙවරක් කරපු අයගේයි. මගේ සොහොන අසල කලාකරුවෝ, උගත් බුද්ධිමත් අය වගේම විද්වතුන්, දානපතියොත් සිටිනවා. හුඟ දෙනකුගේ හිත ඇතුළේ කුහකකම් තිබුණත් කලාකරුවන් ඇතුළු මේ පිරිසට කුහකත්වයක් නැහැ. ඒ නිසයි මේ තැන තෝරා ගත්තේ යැයි ඇමැතිවරයා කීවේය.
මේ අතර ඇමැතිවරයාගේ හැත්තෑ වැනි උපන් දිනය යෙදී තිබුණේ ඉකුත් මාර්තු විසිපස් වැනිදාය. එදින ඔහු පැමිණියේ බොරැල්ල කනත්තටය. ඒ සිය උපන්දිනය වෙනුවෙන් බොරැල්ල කනත්තේ පැවැති උත්සවයට සහභාගි වීමටය. එච්.ආර්. ජෝතිපාලගේ සොහොන් කොත අසලින් බිම් කොටසක් වෙන් කරගෙන එහි සිය සොහොන් කොත සඳහා මුල්ගල තැබුවේය. ඔහු මුල්ගල තැබූ ස්ථානය සමීපයේ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනගේ සොහොන් කොතද ඇත්තේය.
ඉක්බිතිව තිබුණේ මර්වින් සිල්වා ඇමැතිවරයා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කර පැන් වඩා ආගමික වත්පිළිවෙත් ඉටු කිරීමය. එය කරනු ලැබුවේ සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර, ‍‍‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරුවල ධම්මරතන, මහාචාර්ය පාතේගම ඤාණිස්සර, පිටිදූවේ සිරිධම්ම යන භික්ෂුන් වහන්සේය.
කලකට ඉහතකදී අභාවප්‍රාප්ත වූ ඇමැතිවරයාගේ මවගේ භෂ්මාවශේෂ වෙනත් තැනක සිට මෙම ස්ථානයට ගෙනවිත් තැන්පත් කෙරුණි. ඇමැතිවරයා එය කරනු ලැබුවේ දෙනෙතින් වැටෙන කඳුළු පුරවාගෙනය.
මේ අවස්ථාවේදී අනුශාසනාවක් කරමින් මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ මෙසේ වදාළෝය. “අමාත්‍යවරයා මේ අවස්ථාවේ ජීවත් වෙන එකත් මැරෙන එකත් පෙන්වාදී තියෙනවා. කවුරු මොනවා කිව්වත් එතුමා දන්නවා එතුමාගේ හදවත පිරිසිදුයි කියා. උපරිම ශක්තියෙන් මර්වින් ඇමැතිතුමා රටට ජනතාවට සේවයක් කරනවා” උන්වහන්සේ අනුශාසනාවෙන් පසු ඇමැතිවරයා කීවේ, කුඹුරුගමුවේ වජිර හිමියෝ පැවැසුව දේ මා මියගිය පසු පැවසුවානම් මට ඇහෙන්නේ නැහැ මට මගේ සොහොන් කොත ඉදිරියේම එය සැබවින්ම ඇසුනා. එය මගේ හිතට ලොකු සතුටක්, මම ජීවත් වෙමින් මරණයත් දකිනවා.
මේ වැඩේට නොයෙක් විවේචන එයි. ඒවාට පිළිතුරු දෙන්න මම ලැහැස්තියි. මේවා විවේචනය කරන්නේ මරණය ගැන නොසිතන අය යැයි අමාත්‍යවරයා කීවේය.
ඇමැතිවරයා සිය අවසාන කැමැත්තෙන් සඳහන් කර ඇති ආකාරයට ඔහු මියගිය පසු සිරුර ආදාහනය කර භෂ්මාවශේෂ කොටස් තුනට බෙදීමට උපදෙස් දී තිබේ.
පළමු කොටස ඔහු උපන් බෙලි අත්ත ප්‍රදේශයටත්, තව කොටසක් කැලණි විහාරය ඉදිරිපිටින් කැලණි ගඟේ පාකර හැරීමටත්, තුන්වන කොටස බොරැල්‍ලේ කනත්තේ තැන්පත් කරන ලෙසටත් අමාත්‍යවරයා ඥාතීන්ට හා හිතවතුන්ට පවසා තිබේ.
කෙසේ නමුදු ඇමැතිවරයා දැන් සිය භෂ්මාවශේෂ තැන්පත් කිරීමට බිම්කඩක් මිලදී ගෙන තිබේ. එබැවින් අපි ඔහුගෙන් ඇසුවේ මිනී පෙට්ටියක්ද වෙන්කරගෙන තිබෙනවාදැයි යනුවෙනි.
“මිනී පෙට්ටිය සඳහා අවශ්‍ය මුදල් දීලා ඒකත් වෙන්කරගෙන රිසිට් එක මා ළඟ තියනවා” යැයි අමාත්‍යවරයා කීවේය.
ඇමැතිවරයා අප ඇසූ ප්‍රශ්නවලට මෙසේද පිළිතුරු දුන්නේය.
ගායකයන්ගේ සොහොන් කොත්වල මෙන් ඔබගේ සොහොන් කොතෙත් සින්දු ලියනවාද?
“නැහැ. ඒකෙ ලියන්නේ එකම දෙයයි,
“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙළ රන් දෙරණේ
ජනපති මහින්ද රාජපක්ෂ සිටින තුරු
යළි උපදින්නට හේතු වාසනා වේවා
මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් සඳහා වෙනම සුසාන භූමියක් හදන්න බැරිද?
පුළුවන්. අපි සොහොන් කොත් හදපුවහම ජනතාව ඒවා කඩලා දාලා මුත්‍රා කරලත් යයි.
සොහොන් කොතේ වැඩ කටයුතු වලින් පසු ඇමැතිවරයා උත්සවයට පැමිණි සිටි සියලුදෙනාටම උපන් දිනය සමරමින් කැවුම්, කිරිබත්, කෙසෙල්ගෙඩිවලින් සංග්‍රහ කළේ කනත්තේදී මේ වගේ සංග්‍රහයක් කරපු එකම එක්කෙනා මම වෙන්නැති යැයි කියමිනි.

අජිත් පුෂ්පකුමාර
ඡායා :- නාලක කළුවිතාරණ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive