කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක සිටි බව කියන ඇලි කැස්බෑවෙකු හදිසියේ අතුරුදහන් වීම කාගේත් කතාබහට ලක්වූ කාරණයක් විය. විවිධ පුද්ගලයින් එම සත්වයාගේ වටිනාකම විවිධ පරිමාණයෙන් සඳහන් කළද අපගේ වැටහීම නම් එම කැස්බෑවා මිල කළ නොහැකි තරම් වටිනා බවයි.chelonia inydas යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොළ කැස්බෑ විශේෂයට (Green turtile) අයත් මෙම සත්වයා ඇලි භාවයට පත්වීම නිසා (Albinism) එම සත්වයාගේ සිරුරේ ස්වාභාවික වර්ණය වෙනස් වී සුදු
පැහැවී තිබිම මෙහි ඇති එක් සුවිශේෂත්වයකි. මව් සහ පිය පරම්පරාවන්ගේ පැවැති නිලීන ජානයක් ප්‍රමුඛ වීමෙන් ඕනෑම සත්ව පරම්පරාවක් තුළ මෙවැනි ඇලි සතුන් හට ගැනීමේ හැකියාවක් පවතී. (biological inheritance of genes) එසේම ජානවල අහම්බෙන් සිදුවන විකෘති නිසාද මෙවැනි ඇලි සතුන් ඇතිවීම සිදුවේ. (genetic mutations)
තවද උරගයින් අතර ඇලි සතුන් ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපෑ හැකි තවත් කාරණයක් වන්නේ Axanthism යන අවස්ථාවයි. එහිදී සිදුවන්නේ සිරුරේ ඇති වන රසායනික ප්‍රතික්‍රියාවල අසමතුලිතතාවයකි. එනම් xanthophore පරිවෘතීය ඉහළ ගොස් එමගින් මෙලනින් ඇතිවීමට බලපෑම් ඇතිකර එමගින් ඇති කරන වර්ණ යටපත්වීමයි.
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පිහිටා ඇති බොහෝ කැස්බෑ අභිජනන මධ්‍යස්ථානවල මෙවැනි ඇලි කැස්බෑවුන් විරල නැත.
නමුත් කොස්ගොඩින් අතුරුදහන් වූ කොළ කැස්බෑවාගේ ඇති එකම වෙනස ඇලි බව පමණක් නොවන බව නිරීක්ෂණය කළ හැකිය.
කොළ කැස්බෑවාගේ පෘෂ්ඨිය පැත්තේ කටුවේ ඇති කොරල පිහිටීම සලකා බැලීමේ දී මෙම ඇලි කැස්බෑවාගේ කොරල පිහිටීම සාමාන්‍ය රටාවෙන් වෙනස් වී ඇති බව පහසුවෙන්ම හඳුනාගත හැකිය. දේහයේ මධ්‍ය රේඛාව ඔස්සේ පිහිටා ඇති කොළර පේළිය කොළ කැස්බෑවුන්ගේ සරල රේඛාවක පිහිටයි. නමුත් මෙසේ අතුරුදහන් වූ බව කියන කොළ කැස්බෑවාගේ එකී කොරළ පේළියේ සිරසේ සිට පහළට ඇති පස්වැනි කොරළය පසෙකට වී ඇත. එබැවින් මෙම කොළ කැස්බෑවා විරල වන්නා සේම මිල කිරීමද කළ නොහැක්කක් බව අපගේ වැටහීමයි.
සාමාන්‍යයෙන් කැස්බෑ බිත්තර දහසකින් සුහුඹුල් කැස්බෑවන් ඇති වන්නේ එකෙකු තරම් ඉතා සීමිත ප්‍රමාණයකි. ඒ අතරින්ද ඇලි කැස්බෑවෙකු හමුවන්නේ දස දහසකට හෝ ලක්ෂයකට එකෙකු තරම් විරලවය. ඒ අතින් ගත් කල මෙම කැස්බෑවාගේ වටිනාකම පිළිබඳව අපට සිතාගත හැකිය.
ශ්‍රී ලංකාවේ වෙරළ වෙත බිජු ලෑම සඳහා පැමිණෙන කැස්බෑවන් විශේෂ ගණන පහකි. ඒ හැර ලෝකයේ තවත් වාර්තා වන්නේ කැස්බෑ විශේෂ තුනක් පමණි. කොළ කැස්බෑවා, පොතු කැස්බෑවා, දාර කැස්බෑවා, බටු කැස්බෑවා සහ ඔළුගෙඩි කැස්බෑවා ශ්‍රී ලංකාවේ වෙරළ වෙත පැමිණෙයි. ඒ අතරින් කොළ කැස්බෑවා හමු වන්නේ ඉඳුරුව, කොස්ගොඩ , අතුරුල්ල , මාවැල්ල , අම්බලන්ගොඩ , බූන්දල හා යාල යන වෙරළවල පමණි. ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින (Endangered) සත්ව විශේෂයක් වන කොළ කැස්බෑවා මෙන්ම සෙසු සෑම කැස්බෑ විශේෂයක්ම සංරක්ෂණය කරගැනීම අද වන විට ගෝලීය අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.
කැස්බෑ බිත්තර එක් රැස් කර පැටවුන් අභිජනනය කරනු ලබන ස්ථාන ගණනාවක් මෙරට වෙරළ තීරයේ දැකගත හැකි නමුත් ඒ ආකාරයෙන් පෞද්ගලික පාර්ශ්වවලට වනජීවීන් අභිජනනය කිරීමට හෝ වනජීවීන් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව බලයක් නැත. නමුත් මෙරට වෙරළ තීරය වෙත පැමිණෙන කැස්බෑවුන්ගේ බිත්තර ආරක්ෂා කර අභිජනනය කර පැටවුන් බිහි කිරීමට අවශ්‍ය පිරිස් බලය හා යටිතල පහසුකම් ප්‍රමාණවත් පිරිදි දෙපාර්තමේන්තුව සතුව නැත. එබැවින් සහභාගිත්ව සංරක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ මෙවැනි ආයතන වඩාත් වගකීම් සහගතව පවත්වාගෙන යෑමට අදාළ පාර්ශ්වවලට බල කිරීම වනජීවී දෙපාර්තමේන්තුවේ යුතුකමය.
මෙරට කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යනු ලබන ස්ථානවල මිස පෙරද මෙවැනි දූෂිත සිදුවීම් සිදු නොවුණා යැයි කීම අපහසුය. නමුත් පසුගිය කාලයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මැදිහත් වීම නිසා එය සීමාවිය. තවද මෙම කැස්බෑවා අතුරුදහන් වීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව , පොලීසිය , රහස් පොලීසිය ආදී පාර්ශ්ව දැඩිව පරීක්ෂණ පවත්වමින් සිටින නිසාද වරාය හා ගුවන්තොටුපොළ රේගු බලධාරීන්ද මෙම සොරකම සම්බන්ධයෙන් තම උකුසු ඇස යොමු කරගෙන සිටීම නිසාද කොල්ලකරුවන්ට වැඩි කලක් මෙම දුර්ලභ ඇලි කැස්බෑවා සඟවාගෙන සිටීමට නොහැකිවනු ඇත.
තවද මෙම සිදුවීමත් සමග වනජීවීන් අසවල් මිල යැයි මිල නියම කිරීමට කටයුතු කිරීමද කනගාටුවට කරුණකි. මිහි පිට සිටින කිසිවෙකුටත් කවරෙකුගේ හෝ ජීවිතය මිල කිරීමට අයිතියක් නැත. වනජීවීන් පිළිබඳවද එසේය. එබැවින් අප සිදු කළ යුත්තේ වනජීවීන්ට මිලක් නියම කිරීමට උත්සාහ කිරීම නොව එම අමිල සොබා උරුමයන්ට නිදහසේ දිවි ගෙවීමට අවශ්‍ය අවසරය ලබාදීම පමණි.
සුපුන් ළහිරු ප්‍රකාශ්

0 comments:
Post a Comment