facebook like

දියවැඩියාව වැළැක්වීමට නව ශල්‍ය කර්මයක්

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය සහ නිරෝගී බව සුරැකීමේ ජාතික ආයතනය විසින් දෙවන ගණයේ දියවැඩියාව වැළැක්වීමට නව ශල්‍ය කර්මයක් හඳුන්වා දී තිබේ.

දෙවන ගණයේ (Type Two) දියවැඩියාව අන්ධ භාවය, ශරීරයේ කොටස් ඉවත් කිරීමට සිදුවීම, මෙන්ම හෘද ආබාධ ඇති කිරීමට හේතු වේ.

ශරීරයේ අධික බර දියවැඩියාව ඇති කිරීමට එක හේතුවක් ලෙස හඳුනා ගෙන ඇත.

නවතම පරීක්ෂණයකට අනුව ස්ථුල බව පාලනය කිරීමෙන් දියවැඩියාව වැළඳීම වළක්වා ගැනීමට හැකියාවක් පවතින බව ‘නයිස්’ නමැති බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය සහ නිරෝගී බව සුරැකීමේ ජාතික ආයතනය විසින් සොයා ගෙන තිබේ.

‘ගැස්ට්‍රයිටික්ස් බයි පාස්’ නමැති ශල්‍ය කර්මය මගින් අධි බර පාලනය කිරීම සිදු කෙරෙන අතර එමගින් දියවැඩියාව වැළඳීම වැළැක්වීම නයිස් ආයතනයේ නව සොයා ගැනීමයි.

පසුගිය වසර දහය තුළ දියවැඩියා රෝගීන් ලෙස වාර්තා වූ පුද්ගලයන් සියලු දෙනා මෙම ශල්‍ය කර්මයට සුදුසු බවයි ඔවුන් පවසන්නේ.

‘නයිස්’ ආයතනයේ සභාපති ආචාර්ය මාක්ස් බේකර් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ආහාර පාලනය මගින් සහ ව්‍යායාම මගින් අධික බරින් පීඩා විඳින රෝගීන්ගේ ශරීර බර අඩු කර ගැනීමට උපකාර කිරීමට ඔවුන් දිගටම උත්සාහ කරන බවයි.

දියවැඩියාව පාලනය
නමුත් දියවැඩියාව හේතුවෙන් ජීවිත තර්ජන වලට මුහුණ දී සිටින රෝගීන් මෙම ශල්‍ය කර්මයට යොමු කිරීමෙන් ඔවුන් සිටින අනතුරුදායක මට්ටමෙන් ගළවා ගත හැකි බව ඔහුගේ අදහසයි.

රාත්තල් 238ක් පමණ අධි බරැති පිරිමින් සහ රාත්තල් 210ක් පමණ අධි බරැති කාන්තාවන්ට මෙය හඳුන්වා දීම ආයතනයේ බලාපොරොත්තුවයි.

පළමු අවදියේම මේ ශල්‍ය කර්මයට ලක් කිරීම මගින් දෙවන ගණයේ දියවැඩියාව ඉතා පහසුවෙන් පාලනය කර ගැනීමට හැකියාව ඇති බවත් ඔහු පවසයි.

බ්‍රිතාන්‍ය දියවැඩියා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිණිය වන බාබරා යන්ග් සාමිවරිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ දියවැඩියා රෝගීන් අට ලක්ෂයකට මේ ශල්‍ය කර්මය හඳුන්වා දීම සුදුසු බව තමන් නොසිතන බවයි.

මෙම රෝගීන්ට ඉතුරු වී ඇත්තේ විකල්ප දෙක තුනක් පමණක් බව පැවසු ‘ලීඩ්ස් නෆීල්ඩ්’ රෝහලේ ස්ථුල භාවය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ජේම්ස් හොල්ස්ටඩ් කියා සිටියේ වසර ගණනාවක සිට ශරීරයේ බර අඩු කර ගැනීමට, ආහාර පාලනය කරමින් ව්‍යායාම කරමින් මෙම රෝගීන් ගන්නා උත්සාහයට එකතු කළ හැකි තවත් එක ප්‍රතිකාරයක් ලෙස මෙම ශල්‍ය කර්මය හැඳින්විය හැකි බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive