නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින විලියම් කමරු සහ කේට් කුමරිය පසුගිය දා එහි පැවති ක්‍රිකට් තරගයකට සහභාගී වූහ.
ඔවුන් එලෙස සහභාගී වී ඇත්තේ, 2015දී නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රචාරණය වෙනුවන් පවැත් වූ ක්‍රිකට් තරගයකට ය.
තරගය අතර තුර විලියම් කුමරුගේ පන්දුවකට මුහුණ දුන් කේට් කුමරිය එම පන්දු පහරින් සිය හිස බේරා
ගෙන ඇත්තේ, අනුනමයෙනි.
අඩි උස පාවහන් පැළඳ තණ තීරුවට පිවිසි කේට් කුමරිය විලියම් කුමරුට නොදෙවෙනි ලෙස ක්‍රීඩා කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ දිනවල නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින කේම්බ්‍රිජ්හි ආදිපාද විලියම් කුමරු, කේට් කුමරිය මෙම සංචාරය සඳහා මාස 8ක් වයසැති සිඟිති ජෝර්ජ් කුමරු ද කැටුව ගොස් තිබේ.
0 comments:
Post a Comment