ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් වටගල මහතා ගැන පසුගිය දිනවල කතාබහට ලක් වූයේ වනාතමුල්ලෙ නිවාස කැඩීමේ සිද්ධියත් සමගිනි. නාගරික සංවර්ධන අධිකාරිය වෙළෙඳ දැන්වීම් පළකරනු ලබන්නේ “ඉඩදෙන්න” කියාය. මේ ගැන සුනිල් වටගලගේ හිතවතෙක් අපූරු කතාවක් කියා තිබිණ. “සුනිල් අර නාගරික සංවර්ධන අධිකාරියේ ඇඩ් එකක් දානවා ඉඩදෙන්න කියලා. ඒ නොකියා කියන්නේ ඉඩම දෙන්න කියලා නේද ? මට න්ම ඒ ඇඩ් එක යනකොට මතක් වෙන්නේ සුනිල් වටගලමයි“
හෙතෙම කීවේය.
කොළඹ කොටුව ඕල්කට් මාවතේ වෙළෙන්දන් පිරිසක් පසුගිය 09 වෙනිදා සුනිල් වටගල හමුවීමට පැමිණ තිබුණේ එවැනිම අසාධාරණයකට ලක්වී සිටි නිසාය. මේ පිරිසට ඇතුළත් වූයේ ඕල්කට් මාවතේ කඩ 68ක වෙළෙන්දන් පිරිසකි. “මන්ත්රීතුමා අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. අපේ හොඳ කඩවලින් අපිව ඉවත් කරන්න යනවා. අපි මෙතනින් අයින් කරලා බේරේ වැව අයිනේ හදල තියෙන අලුත් කඩ කාමරවලට (පාවෙන කඩ නමින් හඳුන්වන) යවන්නයි හදන්නේ. අපිට එහෙ බිස්නස් නැහැ. අපි දැන් ඉන්න ඕල්කට් මාවතේ කඩ නගර සභාවනේ අවසර දුන්නු ඒවා. අපි හැටගණන්වල ඉඳන් මේවල ඉන්නේ” එක් වෙළෙන්දෙකු කියා සිටියේය.
“ඕව් මන්ත්රීතුමා අපි ණය වෙලා තමයි බඩු ගෙනත් බිස්නස් කරන්නේ. ඒ මදිවට මේ දවස්වල බිස්නස් වැටිලා. දැන් අපිට ඉන්න තැනත් නැති කරන්න යනවා. හමුදාවෙන් ඇවිත් අපට බලපෑම් කරනවා. අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, විමල් ඇමැතිතුමාට හැමෝටම මේ ගැන ලිව්වා. කවුරුත් අපි ගැන බලන්නේ නැහැ” එක් වෙළෙන්දෙක් තමන්ගේ දුක කීය.
“ඔබ තුමාලා විතරයි අපිට විශ්වාස වනාතමුල්ලේ සිද්ධිය අපි දන්නවා. අනුර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේ කතා කරලා ඒ ප්රශ්නේ විසඳුවා. මේ ප්රශ්නෙත් අපිට විසඳල දෙන්න ඕනෑ ජේවීපී එක අපිට වෙන කියන්න කවුරුත් නැහැ.අනික මේ බේරේ වැව අයිනේ තියෙන ඉඩම් නගර සභාවට අයිති නැහැ. ඒවා අයිති සී.ජී.ආර්. එකට කඩ විතරයි නගර සභාවට අයිති. නගර සංවර්ධන අධිකාරියෙන් තමයි අපිට යන්න කියන්නේ. මේක මහ අවුලක්” තවත් වෙළෙන්දෙක් කියා සිටියේය.

0 comments:
Post a Comment