පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් මන්ත්‍රීවරු කාලය ගත කළේ තරමක් විවේකීවය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නොසිටි නිසා විපක්‍ෂ මන්ත්‍රීවරු ද වැඩ කටයුතු හා රාජකාරි අඩු බැවින් නිදහසේ කතාබහ කරමින් හා ඇවිදිමින් සිටියහ. මේ අතර සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරළ, රෝසි සේනානායක, අකිල විරාඡ් කාරියවසම් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ආලින්දයේ වෙනම කතාබහ කරමින් සිටියේ ඉදිරි වැඩ කටයුතු ගැනය. විපක්‍ෂ නායක රනිලුත් මාසයක්‌ම ලංකාවේ නැති අතරතුර සජිත්ට ලොකු වගකීමක් පැවරී තිබෙන බව පෙන්වමින් මන්ත්‍රීවරියෝ විහිලු කළහ. අකිල සාමාන්‍යයෙන් රනිල්ට පක්‍ෂපාත දැඩි රනිල්වාදියකු ලෙස ප්‍රකට බැවින් ඔහු ඒ විහිලුවලට සම්බන්ධ වූයේ තරමක් පරිස්‌සමිනි.
මේ අතර තලතාගේ දුරකථනයට ඇමතුමක් පැමිණියේය. එහි රිඟින් ටෝන් එක ලෙස ඇසෙන්නට වූයේ මෑතදී ජනප්‍රිය වූ එක්‌තරා ගීතයක අනුවාදනයකි. ඒ වූ කලී දයාසිරි ජයසේකර ගැයූ "ආලවන්ත නෙත් විදා" ගීතයයි.
මේ ගීතය ඇසුණු විට අකිල හා රෝසි තරමක් විපිලිසර වූයේ දයාසිරි සමඟ ඔවුන් දෙදෙනාම දේශපාලන විරසකයකට වඩා වෙනත් අමනාපයක් තිබූ බැවිනි.
මොනවද තලතා ඔයා ඔය දාගෙන ඉන්න රිඟින් ටෝන්... ඔයත් ඕව අහනවද... යෑයි මේ දෙදෙනා නොමනාපය පළ කළේය.
අනේ මේ ඔයාලගේ තරහ මරහා ඔයාල වෙනම තියාගන්න. මම නම් දයාසිරිත් එක්‌ක තරහා දේශපාලන ප්‍රතිපත්ති අනුව විතරයි. ඒත් එයාගේ කලාව එක්‌ක මගේ තරහක් නෑ. මම ඒ සින්දුවට ආසයි. ඒක නිසා මම දාගෙන ඉන්නවා. එච්චරයි.
සජිත් ද තලතාගේ ප්‍රකාශය අනුමත කළ බැවින් ඒ සංවාදය එතනින් එහාට ඇදී ගියේ නම් නැත.

0 comments:
Post a Comment