බදාදා (09) පස්වරුවේජාතික බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් කොම්පඤ්ඤවීදියපොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කැර තිබේ. බදාදා (09) දහවල් කොළඹ හෝටලයකදී ජාතික බල සේනා සංවිධානය මාධ්‍යහමුවක් පැවැත්වීමට ගිය අවස්ථාවේ එහි පැමිණි බොදුබල සේනා සංවිධානය සමඟ උද්ගත වූ නොසන්සුන්තාවයේදී තමන් බොදුබලසේනා සංවිධානයෙන් සමාව ගත්තේ මරණ බිය හේතුවෙන්
බව පූජ්‍ය වටරැක විජිතහිමියන් කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
තමා කපා කොටා ගඟේ දමන බවට බොදුබල සේනා සංවිධානය තර්ජනය කළ බවට පැමිණිළි කරන වටරැක හිමි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තිහක පමණ පිරිසක් තමන් වහන්සේ වටකැර ගෙන බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබා ගන්නට කටයුතු කළ බවයි.
ජාතියෙන් සමාව ඉල්ලන්නට තමන් වරදක් නොකළ බව කියන වටරැක හිමි තමා ඒ මොහොතේ ජාතියෙන් සහ සමස්ත භික්ෂු පරම්පරාවෙන් සමාව ඉල්ලා සිටියේ බොදුබල සේනාව තමන්ට ජාතියෙන් සමාව ගන්නා ලෙස කියමින් එල්ල කළ මරණ තර්ජනය හේතුවෙන් හටගත් භීතිය නිසා බවද පවසති.
කෙසේ වෙතත් වටරැක හිමි ඊයේ (09) මහා සංඝරත්නයෙන් හා ජාතියෙන් සමාව ගත්තේ කිසි විටෙක එම සමාව ඉල්ලීම ඉල්ලා අස්කැර නොගන්නා බවට සහතික වෙමිනි.
මේ අතර වටරැකවිජිත හිමියන් නීත්‍යානුකූලව උපැවිදි කර මුස්ලිම් පල්ලියක ලෙබ්බේ තනතුරක් ලබාදීමටකටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාරි හිමියෝ පවසති. උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ ඇතැම් මුස්ලිම්වරුන් රටපුරාකි‍්‍රයාත්මක කරන අන්තවාදී ව්‍යාපාරවලට ශ‍්‍රමණ වේෂධාරීන් ද සම්බන්ධ වී ඇතිබවයි. ජාතියෙන් ප්‍රසිද්ධියේ සමාව ගත් වටරැක භික්ෂූන් වහන්සේ නැවත එය ප්‍රතික්ෂේප කිරීම තක්කඩිකමක් බව පවසන ඥානසාර හිමි වැඩිදුරටත් පවසන්නේ උන්වහන්සේ නීත්‍යානුකූලව උපැවිදි කොට පල්ලියේ ලෙබ්බේකමක් ලබාදීමට කටයුතු කරන බවය.

0 comments:
Post a Comment