මින් ඉදිරියට සියලු පුරාවිද්‍යා ගවේෂණවලින් ඉවත්වීමට පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණශූරී එල්ලාවල මේධානන්ද හිමියන් තීරණය කර ඇත. විවිධ ඓතිහාසික ස්ථානවල සිදුවන විනාශකාරී ක්‍රියාවන්ට එරෙහිව වගකිවයුත්තන් නිසි පියවර නොගැනීම නිසා දැඩි කලකිරීමට පත්වීමෙන් මෙලෙස සියලු ගවේෂණ කටයුතුවලින් ඉවත්වන බව එල්ලාවල මේධානන්ද හිමියෝ ‘ලක්බිම’ට පැවැසූහ.
ඓතිහාසික පුරාවිද්‍යා භූමිවල
පුරාවස්තු මත කොන්ක්‍රීට් ප්‍රාසාද ඉදිකිරීම හා සේරුවිල දියතිල්ල වැවකන්ද ආදී පුරාවිද්‍යා භූමිවල සිදුවන විනාශයන් නිසා ජාතික උරුමයන් දැයට අහිමි වී යන බවත් ඒවා වළක්වා ගැනීමට කුමන පියවර ගත්තත් දිගින් දිගටම ඒ විනාශයන් සිදුවන බවත් උන්වහන්සේ පවසති.
වසර 46ක් පුරා උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුරාවිද්‍යා ගවේෂණවල යෙදුණු එල්ලාවල මේධානන්ද හිමියෝ සිය ගවේෂණ තුළින් ඉතිහාසයට නව සොයා ගැනීම් රැසක් එක් කළහ.
තමන් වහන්සේ සියලු පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවලින් ඉවත් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දැනුවත් කළ බව එල්ලාවල මේධානන්ද නාහිමියෝ පැවැසූහ.

0 comments:
Post a Comment