facebook like

ජනාධිපතිවරණ වර්ජනයක්

ජනාධිපතිවරණ උණුසුමෙන් රටම රත් වෙද්දී 1988 දෙසැම්බර් තුන් වැනි සෙනසුරාදා සවස 6ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මවුපිය සංගමය ශ්‍රී ල. නි. ප. අපේක්ෂිකා බණ්ඩාරනායක මැතිනිය හමු වීමට රොස්මීඩ් පෙදෙසට ගියහ.

'සාධාරණ ඡන්දයකින් ඔබතුමියට දිනන්න පුළුවන්. ඒත් සාධාරණ ඡන්දයක් තියන බව පේන්නේ නැහැ. ඔබතුමිය අපේක්ෂකත්වය ඉල්ලා අස් කරගන්න. අනිවාර්යයෙන්ම ඔබතුමියගේ ජයග්‍රහණය වළක්වන්නයි යන්නේ...'
ඔවුහු මැතිනියට කීහ.
'ඔබලා කියන එක මට තේරෙනවා. මම බදාදා වෙනකොට තීරණයක් දෙන්නම්...'
මැතිනිය කීවාය.


මැතිනියට මේ යෝජනාව ආවේ ජ. වි. පෙ. ද එකඟත්වයෙන්ය. මැතිනියව අපේක්ෂකත්වයෙන් ඉවත් කරන්න ජ. වි. පෙ.ට ඕනෑ විය. එවිට ප්‍රේමදාස දින්නත් එය ජයග්‍රහණයක් නොවේ යැයි ජ. වි. පෙ. මතය විය. පොදු ලකුණකින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳ ශ්‍රී ල. නි. ප. - ජ. වි. පෙ. සාකච්ඡා කඩාකප්පල් වීමෙන් පසු ජ. වි. පෙ. යෝජනා කළේ ඡන්ද වර්ජනයකට යමු කියාය. මැතිනිය ඊට එකඟ වූයේ නැත. ජ. වි. පෙ. මැතිනියගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කරන්න පටන් ගත්තේ ඉන් පසුවය. දෙසැම්බර් තුන ජ. වි. පෙ. විශ්වවිද්‍යාල මවුපිය සංගමය පාවිච්චි කොට මැතිනියට එව්වේ අවසන් පණිවුඩය ය. බදාදා තම තීරණය දැනුම් දෙන බව කීවත් මැතිනිය එය බ්‍රහස්පතින්දාට කල් දැම්මාය.
'මේ වැඩේ කරන්න එපා. ඔබතුමියට දිනන්න පුළුවන්...'
මැතිනියගේ උපදේශකයෝ් සහ ජේ‍යාතිර්වේදීහු කීහ.
මේ පරණ කතාව මතක් කළේ ජ. වි. පෙ. පරණ සාමාජිකයෙකි.
'මේ වේලාවේ විපක්ෂයට ගන්න පුළුවන් හොඳම තීරණය ඡන්ද වර්ජනයකට යෑමයි...'
ඔහු කීවේය.


'ඒක මහින්දට වාසි වෙයි...'
විපක්ෂයේ ක්‍රියාකාරිකයෙක් කීවේය.
'මහින්ද මේ ඡන්දය තියන්නේ දිනන්න මිස පරදින්න නෙවේ. හැබැයි විපක්ෂය ඡන්දය වර්ජනය කළොත් මහින්ද ඉවරයි...'
ජ. වි. පෙ. පරණ සාමාජිකයා තර්ක කරයි.
'ලෝකයේ මේ වගේ විපක්ෂය ඡන්ද වර්ජනය කරනකොට ඡන්ද දිනපු රාජ්‍ය නායකයන් අතුගෑවිලා ගිය අවස්ථා වැඩියි...'
ඔහු පෙන්වා දෙයි.


කතාව ඇත්තය. රජයක් හොඳින් හෝ නරකින් ඡන්ද තියා දිනන්න යනවිට විපක්ෂයට තියෙන එකම ආයුධය ඡන්ද වර්ජනයය. එසේ නැතිව විපක්ෂය එම ඡන්දයට තරග කොට රජයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය ශක්තිමත් කරනවා පමණක් නොව ඒ ජයග්‍රහණය සාධාරණීයකරණයට ලක් කරයි.
1988 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල එනවිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගිය මැතිනිය මැතිවරණය අවලංගු කරන ලෙස මැතිවරණ කොමසාරිස්ට බලපෑම් කර තිබිණි. මැතිවරණ කොමසාරිස් එය ප්‍රතික්‍ෂේප කළ විට ඇය ඔහු සමඟ බහින්බස් වී එතැන තිබූ පුටුවකටද පයින් ගසා එළියට ආවේ දැඩි කෝපයකින්ය.
හැබැයි ඇය මුලින් මෙය කල්පනා කොට අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඡන්ද වර්ජනයකට ගියා නම් ලංකාවේ දේශපාලනය මෙයට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි. එයටත් වඩා ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ජනාධිපතිවරණය වර්ජනය කරන බව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න පෙර ප්‍රකාශ කළා නම් ජේ. ආර්.ගේ ආණ්ඩුව බය වී මැතිවරණ කොමසාරිස්් අසරණ වීමට ඉඩ තිබිණි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නම් භාරකාර රජයක් පිහිටුවන්න යැයි ජ. වි. පෙ. ගෙන ආ යෝජනාවට ඇය සහාය දුන්නා නම් ජේ. ආර්.ගේ ආණ්ඩුවට ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රශ්නයක් වීමට ඉඩ තිබිණි. ප්‍රේමදාස ජනාධිපති තරගයට ඒම ගැන දෙවරක් හිතන්න ඉඩ තිබිණි.


1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දින සිට මෙරට ජනාධිපතිවරුන් ඡන්ද තියන්නේ විපක්ෂයට දිනන්න බෑ කියල පෙන්වන්නටය. විපක්ෂයත් ඒ උගුලට හසු වී පරාජය පිළිගනී. එයින් සිදු වන්නේ ආණ්ඩුව තව තවත් ශක්තිමත් වී විපක්ෂය දුර්වල වීමය.
උෟවට පසු මහින්ද පවත්වන්න යන හදිසි ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්ද? ඒ ජනාධිපතිවරණයට මහින්දට ඉදිරිපත් වන්න පුළුවන්ද? යන්න ගැන දැනටම නීතිමය ප්‍රශ්න ගණනාවක් මතු වී ඇත. මේ ප්‍රශ්න මත හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා උසාවි යන්න හදන බව වාර්තා වේ. මේ වෙලාවේ කළ යුත්තේ උසාවි යෑම නොව හැමෝම එක්වී මහජනතාව ඉදිරියට යෑමය. මහජනතාව දැන් ඉන්නේ බඩු මිලෙන් හෙම්බත් වෙලාය. දූෂණය දැක ලේ කෝප වෙලාය. මේ වෙලාවේ ජනතාවට ඕනා ජනාධිපතිවරණයක් නැත. ජනාධිපතිවරණයට විරෝධය හදන්න හොඳම වෙලාව මේකය. ජනාධිපතිවරණය ජය ගත්තත් මහින්දට ඊළඟට එන්නේ හොඳ කාලයක් නොවේ. ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවේ බෙල්ලට තොණ්ඩුව තද වෙන්නේ මාර්තුවලින් පසුවය. ඒ වෙලාවට ජනතාවට වෙන්නේත් බඩ පටි තද කර ගන්නටය.


නියම සටන පටන් ගන්නේ ඒ වෙලාවටය. එයට කලින් මහින්ද ජනාධිපතිවරණයක් පවත්වා දිනන්න යන්නේ ඒ සටනට නායකත්වය දෙන්න බැරි වන ලෙස විපක්ෂය දුර්වල කොට ආණ්ඩු විරෝධය සීතල කොට ආණ්ඩුව ශක්තිමත් කර ගන්නටය. විපක්ෂය මේ ගැටේට අහුවන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත්ය. ජනාධිපතිවරණය ආණ්ඩු විරෝධය ගොඩනඟන වේදිකාවක් කරගෙන මහින්දගේ ජයග්‍රහණයට සහතික නොදී සටන පාරට ගෙන ආවොත් මහින්ද කුමක් කරන්නද? විපක්ෂයෙන් අපේක්ෂකයකු නැති ජනාධිපතිවරණය ජනාධිපතිවරණයක් නොවේ. ඒ ජනාධිපති සටන සටනක්ද නොවේ. ඒ ජයග්‍රහණය හෝ ප්‍රතිඵලය ජනතාවට හිනා නොයන විහිළුවකි. විපක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් නොවුවහොත් මහින්ද ජනාධිපතිවරණයකට යයිද කියන එකද සැක සහිතය. මන්ද මහින්දට ඕනෑ දිනන්නට වඩා
විපක්ෂය පරදවන්නටය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive