රනිල්ට පුළුවන් නම් අපේ තාත්තත් එක්ක කළු කෝපි බොන්න ඇයි හරීන් අයියට මාව හම්බවෙලා තේ එකක් බොන්න බැරි? හරීන් අයිය මාව හම්බවුණේ රහස් සාකච්ඡා තියන්න නෙවෙයි. දකුණු පළාත් සභා ඡන්දය තිබ්බ දවස්වලත් හරීන් අයියයි මායි හම්බ වුණා. අපි හම්බවෙලා කතා කළාම මොකද්ද ඒකෙ තියෙන වරද? අපි හම්බ වුණේ රහස් සාකච්ඡා තියන්න නෙවෙයි. රහස් සාකච්ඡා තියන්න නම් හම්බ වෙන්න ඕන තරම් තැන් තියෙනවා. මේ සිද්ධිය අල්ලාගෙන හරීන් අයියට මඩ ගහනවා.'
හරීන් - නාමල් රහස් හමුව ගැන පත්තරවල විස්තර පළවුණාම හරීන් අයියාට වඩා රිදුණේ නාමල් මල්ලීටය. හරි නම් මේ රහස් හමුව ගැන තොරතුරු ලීක් වුණාම වැඩියෙන් කේන්ති යන්න ඕනෑ හරීන් අයියාටය. හැබැයි හරීන් අයියාටත් වඩා එක්සත් ජාතික පක්ෂයටත් වඩා හරීන් අයියාගෙයි නාමල් මල්ලීගෙයි මේ රහස් හමුව ගැන පත්තරවල තොරතුරු පළ වුණාම රිදුණේ නාමල් මල්ලීටය. ඉතින් නාමල් මල්ලී ඔන්න ඔය විදියට හරීන් අයියාව සුද්ද කළේය.
'ඇත්තටම එහෙම වෙන්නේ ඇයි?'
දේශපාලනයේ හතර කොන දන්නේ නැති කෙනකු නම් කියනු ඇත්තේ 'එහෙම වෙන්නේ ඇයි අයි ඩෝන්ට නෝ වයි' කියලාය. ඒත් ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා දන්න අයට නම් කියන්න තියෙන්නේ 'එහෙම වෙන්නේ ඇයි වී නෝ වෙරි වෙල්' කියලාය.
'හරීන් කියන්නේ තරුණ, දක්ෂ, ජනප්‍රිය නායකයෙක්.'
මෙහෙම කියන්නේ යූ.ඇන්.පී. එකේ කවුරුවත් නොව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ය. බලන් යනකොට හරීන්ගේ ගුණ වයන්නේ යූ.ඇන්.පී එකේ කට්ටිය නොව සන්ධානයේම කට්ටියය. සන්ධානයේත් එසේ මෙසේ අය නොව ජනාධිපතිගේ පුත්‍රයාය. කැබිනට් ඇමැතිවරුන්ය.
'හරීන් හා හිරුණිකා අතර කොළඹ නයිට් ක්ලබ් එකක රහසිගත හමුවක්.'
පහුගිය දවස්වල පත්තරවල පළවී තිබුණු තවත් ප්‍රවෘත්තියක් එසේය. හිරුණිකා අයිස් බකට් නාලා ඉවර වෙලා අයිස් බකට් නාන්න යෝජනා කරපු තුන් දෙනා අතර හරීන්ද සිටියි. ඉතින් එහෙම බලනකොට හරීන් මේ කන්න හදන්නේ කොයි පොල් පැළේද කියලා හිතාගන්න එක ඒ තරම් අමාරු නැත. ආණ්ඩු පක්ෂයත් එක්ක හරීන්ගේ තියෙන මිතුරුකමේ රහස අනාවරණය කරගන්න කලින් හරීන් වාගේම එක්සත් ජාතික පක්ෂයෙන් මහ ඇමැතිකම්වලට ඉල්ලපු දෙතුන් දෙනකුට ආණ්ඩුව සලකපු විදිය ගැන අවධානය යොමු කරන්න ඕනෑය.
එහිදී අපට මුලින්ම මතක් වෙන්නේ උතුරු මැද පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉල්ලපු ජානක පෙරේරාය. ජානක පෙරේරා කියන්නේ යුද වීරයෙකි. හැමෝගේම ආදරය දිනාගත් හිත හොඳ මිනිසෙකි. හැබැයි ආණ්ඩුව ජානක පෙරේරාට දෙන්න පුළුවන් උපරිම වධ දුන්නේය. කරන්න පුළුවන් උපරිම කරදර කළේය. ජානක පෙරේරාට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තර්ජන තියෙනවා කියලා දැන දැනත් ඔහුට ආරක්ෂාව දුන්නේ නැත. ජානක පෙරේරා උතුරුමැද ඡන්දය කළේ කිසිම ආරක්ෂාවක් නැතිවය. ජානක පෙරේරා ආණ්ඩුවෙන් ආරක්ෂාව ඉල්ලුවාම ආණ්ඩුව කිව්වේ ජානකට ජීවිත තර්ජනයක් නැහැ කියලාය. ජීවිත තර්ජනයක් නැහැ කියපු ජානක පෙරේරා අවසානයේදී කොටින්ගේ බෝම්බයකින් අවසන් ගමන් ගියේය. ඇත්තම කිව්වොත් ජානක පෙරේරාගේ මරණයට එල්.ටී.ටී.ඊ. එක වාගේම සන්ධාන ආණ්ඩුවත් වගකියන්න ඕනෑය. මොකද ජානක පෙරේරා කියන විරුවා රැකගැනීමේ වගකීම පක්ෂ භේදයකින් තොරව අප හැමෝටම තිබිණි. අද නාමල්ලා හරීන්ව ආරක්ෂා කරන්න දඟලන දැඟලිල්ලෙන් 1%ක ප්‍රමාණයක් එදා ජානක පෙරේරා ආරක්ෂා කරගන්න දැඟලුවා නම් ඔහු අදටත් ජීවතුන් අතරය.
අනෙක් කෙනා රන්ජන් රාමනායකය. රන්ජන් කියන්නේ මුළු රටේම ආදරය දිනාගත් දක්ෂ කලාකරුවෙකි. රන්ජන් දේශපාලනයට ආපු වෙලාවේ ආණ්ඩුව රන්ජන්ට පළුයන්න ගැහුවේය. ගෑනු හුටපට පටලවා රජයේ මාධ්‍ය යොදාගෙන රන්ජන්ට මඩ ගැහුවේය. රන්ජන්ට නිදහසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න ආණ්ඩුව ඉඩ දුන්නේ නැහැ. සබරගමුවේ මහ ඇමැති ධුර අපේක්ෂකයා ලෙස රන්ජන් රාමනායක ඉදිරිපත් වුණ වෙලාවේ ආණ්ඩුව හැසිරුණේ භූමිතෙල් ගෑවුණු ගැර¾ඩියකු වාගේය.
හැබැයි පුදුමෙ කියන්නේ හරීන් යූ.ඇන්.පී. එකේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණාම ආණ්ඩුව අංශක 180ක්ම හැරිලා හරීන් රකින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. හරීන්ට ගහන්න පුළුවන් තැන්වලදීත් හරීන්ව ආරක්ෂා කිරීමය.
ආණ්ඩුව හරීන්ව මේ විදියට ආරක්ෂා කළත් ආණ්ඩුවේ ඒ දයානුකම්පාව ජනතා විමුක්ති පෙරමුණට නැත. ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමැති ධුර අපේක්ෂක සමන්ත විද්‍යාරත්නට නැත. සන්ධානයේ මැරයෝ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල කුඩුපට්ටම් කරති. හැබැයි හරීන් කිසි අවුලක් නැතිව යෙහෙන් වැජඹෙයි.
'ඇත්තටම මොකක්ද ආණ්ඩුව ගහන මේ ගේම් එක?'
හරීන්ට ආණ්ඩුව දෙන සපෝට් එක දැකලා කවුරු හරි එහෙම අහන්න පුළුවන්ය. එහෙම අහන කෙනකුට දෙන්න තියෙන්නේ උදිත ලොකුබණ්ඩාර දුන්න උත්තරයය.
උදිත පහුගිය දවසක අඟහරුවාදා මව්බිම පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කිව්වේ හරීන් ඊළඟ ඡන්දය ඉල්ලන්නේ සන්ධානයෙන් කියලාය. වි.ජ.මු. ලොකු බණ්ඩාරගේ පුතා උදිත ලොකුබණ්ඩාර නිකම්ම එහෙම කිව්වා වෙන්න බැරිය. උදිතගේ කටින් හදිසියේ එළියට ආවේ හරීන් හා ආණ්ඩුව අතර තියෙන ඒ ඇයි හොඳයිකමය. නාමල්ලාගේ, ජනකලාගේ කතාවලින් අද සනාථ වෙන්නේ හරීන් හා ආණ්ඩුව අතර තියෙන ඒ ඇයිහොඳයිකමය.
ඇත්තම කිව්වොත් අද ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙන්නේ හරීන් බදුල්ලේ ජනප්‍රිය නායකයකු කරන්නය. හරීන්ට බදුල්ලෙන් වැඩිම මනාප ගණනක් අරන් දීලා හරීන් බදුල්ලේ වීරයකු කරන්නය.
'ආණ්ඩුව මොකටද හරීන්ව වීරයෙක් කරන්නේ? ආණ්ඩුවට පිස්සුද?'
ආණ්ඩුව හරීන්ව වීරයකු කරන්න හදන්නේ ආණ්ඩුවට පිස්සු නිසාවත් වෙන මොකක්වත් නිසාවත් නොව දයාසිරි එක්ක ගහපු ගේම හරීන් එක්කත් ගහන්නය. ආණ්ඩුව දයාසිරිව සන්ධානයට එක් කරගත්තේ දයාසිරි යූ.ඇන්.පී. එකේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ ඉද්දීය. ආණ්ඩුවට වැඩි වාසියක් තියෙන්නේ විපක්ෂයේ පීක් එකේ ඉන්න නායකයන් ආණ්ඩුවට එකතු වෙන කොටය.
ඉතින් දැන් ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙන්නේ හරීන්වත් පීක් එකට ගේන්නය. හරීන්ව පීක් එකට ගෙනැල්ලා ඊළඟ ජනාධිපතිවරණය වෙලාවේදී හරීන්ව ආණ්ඩුවට සම්බන්ධ කර ගන්නය. නාමල් හරීන් සුද්ද කරන්න මේ තරම් දඟලන්නේ අන්න ඒ නිසාය.
ඊළඟ ජනාධිපතිවරණය කියන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ පසු ආණ්ඩුවෙන් එළියට බහින්න ඇමැතිවරුන් කිහිප දෙනෙකු සූදානමින් සිටින බව ආණ්ඩුව දනියි. ඒ නිසා ඒක බැලන්ස් කර ගන්න යූ.ඇන්.පී. එකේ සෙට් එකක් ආණ්ඩුවට ගන්න ආණ්ඩුව මේ දවස්වල ප්ලෑන් කරමින් සිටියි. ඒකට අවශ්‍ය ඩීල් එක දැනටමත් දාලා ඉවරය. හරීන් අද වැඩ කරන්නේ ඒ ඩීල් එකේ විදියටය. හරීන්ට නාමල්ලාගේ උදවු ලැබෙන්නේ ඒ ඩීල් එකේ විදියටය. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකුද ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට යන ලිස්ට් එකේ උඩින්ම සිටියි.
ඉතින් මේ දේශපාලන සූදුව තේරුම් ගන්න බැරි උෟවේ අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයෝ හරීන්ව උඩ දම දමා යති. හැබැයි ඔවුන්ගේ පස්ස බිම ඇනෙන දවස වැඩි අෑතක නොවේ.
සඳුන් ජීවන්ත

0 comments:
Post a Comment