වාරියපොල ප්‍රධාන බස් නැවතුම්පළේදී තරුණියකගෙන් කම්මුල් පහර එල්ල වූ තරුණයා ද වාරියපොල පොලිසිය මගින් 31 දා අත්අඩංගුවට ගන්නා ලදී. පහරදීම සිදුකළ තරුණිය කළ පැමිණිල්ලක් අනුව මෙම තරුණයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ආර්. චන්ද්‍රකුමාර් නොහොත් සෙල්වම් නමැති මෙම තරුණයා පැමිණිලිකාරිය වූ තරුණියට අයුතු යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව සැකපිට මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයාට කම්මුල් පහර දීමේ වරදට එම තරුණිය ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
මෙම තරුණයාට කම්මුල් පහර දීමේ වරදට එම තරුණිය ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

0 comments:
Post a Comment