facebook like

සුමංගල හිමියන් චිතකයේ දැවෙද්දී හඬා වැටුණු මොහොමඩ් ෆායිස් කතා කරයි

• ඔබේ නම...?
මම අබ්දුල් ලතීෆ් මොහොමඩ් ෆායිස්.
• පදිංචිය...?
රිදීගම, රඹුකන්දන ප්‍රදේශයේ.

• රැකියාව?
කුරුණෑගල නගරයේ තියෙන විදේශ රැකියා ආයතනයක නියෝජ්‍ය කළමනාකරු විදියට සේවය කරනවා.

• අඹේපුස්සේ සුමංගල හාමුදුරුවෝ ඔබට පළමුවරට මුණගැහෙන්නේ කොහොමද?
සුමංගල හාමුදුරුවෝ සහ මම අපි දෙන්නාම දේශපාලනික වශයෙන් හිටියේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. පක්‍ෂය හරහාම තමයි අපි එකිනෙකාව මුණගැහෙන්නෙත්. ඒ 1999දී. අවුරුදු ගාණක් පිටරට රැකියාවක් කරපු මම 1999දී ලංකාවට ඇවිත් පක්‍ෂය සමඟ ක්‍රියාකාරීව වැඩ කළා. එක්තරා දවසක රම්බඩගල්ල ප්‍රදේශයේ තිබුණු උත්සවයක් වෙනුවෙන් සැරසිලි කරමින් ඉඳිද්දී තමයි අපේ ආසන සංවිධායක සුමනදාස සහෝදරයා විසින් හාමුදුරුවන් සහ මම එකිනෙකාට හඳුන්වලා දුන්නේ. එදා ඒ ඇතිවෙච්ච හිතවත්කම මත උන්වහන්සේ අපවත් වුණු පසුගිය 23 වැනිදා දක්වාම අපි දෙදෙනා ඉතා සමීපව ආශ්‍රය කළා.

• භික්‍ෂුවක වුණු සුමංගල හිමියන්ට සහ මුස්ලිම් ජාතිකයෙක් වුණු ඔබ අතර මේ තරම් සමීප ආශ්‍රයක් ගොඩනැඟෙන්නට විශේෂ හේතුවක් තිබුණාද?
අපේ හාමුදුරුවන්ට විශේෂ හේතුවක් තිබුණා. උන්වහන්සේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ උන්වහන්සේගේම කාමරයේ ඉඳගෙන එකට කාලා බීලා, එකට ඉගෙනගෙන තියෙන්නේ 'තස්ලිම්' කියලා මුස්ලිම් සහෝදරයෙක්. අපේ හාමුදුරුවෝ සහ මේ තස්ලිම් සහෝදරයා යන දෙදෙනාම විශ්වවිද්‍යාලය තුළ දේශපාලනයේ නියැළීම නිසා භීෂණ සමයේදී විවිධ වධ බන්ධනවලට පවා ලක් වූ බව උන්වහන්සේ මට කියා තිබෙනවා. මේ වධ බන්ධන නිසාම සුමංගල හිමියන්ගේ දෑස් ඉදිරිපිටදීම ඒ තස්ලිම් කියන මුස්ලිම් සිසුවා මරණයට පත්වෙලා තිබෙනවා. මේ සිදුවීම උන්වහන්සේගේ ජීවිතයට තදින් බලපා තිබුණා. උන්වහන්සේගේ දිනපොත තුළ මේ මුස්ලිම් මිතුරාගේ ඡායාරූපයක් තියාගෙන දවසට වතාවක්වත් ඒ දිහා බැලීමේ පුරුද්දක් සුමංගල හිමියන්ට තිබුණා. උන්වහන්සේ තස්ලිම්ගේ ඡායාරූපය දිහා බලන අවස්ථා මමත් ඕනෑතරම් දැක තියෙනවා. තමන්ගේ ඇස් ඉදිරිපිට මරා දැමුණු ඒ මුස්ලිම් මිතුරාගේ රූපය බොහෝ දුරට මගේ රූපයට සමානයි කියලා තමයි සුමංගල හාමුදුරුවෝ නිතරම කිව්වේ. මම හිතන්නේ උන්වහන්සේ සහ මම අතර මේ තරම් සමීප සම්බන්ධයක් ගොඩනැඟෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති.

• සුමංගල භික්‍ෂුන් වහන්සේ සමීපව ආශ්‍රය කිරීම මුස්ලිම් ජාතිකයෙක් විදියට ඔබට ගැටලුවක් වුණේ නැද්ද?
නෑ, කවදාවත්ම නෑ. මම විතරක් නෙවෙයි මේ අවට තියෙන පානගමුව, රඹුකන්දන ඇතුළු මුස්ලිම් ගම්මානවල ඉන්න මුස්ලිම් මිනිස්සු ඉතාම සමීපව උන්වහන්සේ ආශ්‍රය කළා. උන්වහන්සේ සිංහල මනුස්සයාටත්, මුස්ලිම් මනුස්සයාටත් අයියේ, මල්ලියේ කියලා කටපුරා කිව්වා. උන්වහන්සේ හැම විටකම මුස්ලිම් මිනිසුන්ට ආමන්ත්‍රණය කළේ උඹ, බං කියල සුහදශීලී විදියට. උන්වහන්සේ සෑම විටකම කිව්වේ, අපි මේ ඉන්න විදියට රටේ අනෙක් සිංහල - මුස්ලිම් මිනිසුන්ටත් ඉන්න බැරි ඇයි කියලයි. පසුගිය හලාල් ප්‍රශ්න වගේ වෙලාවල්වල මහ රෑටත් උන්වහන්සේ අපේ මුස්ලිම් මිනිසුන්ගේ දුරකතනවලට කතා කරලා 'උඹලට ප්‍රශ්නයක්ද' කියලා අහපු ඕනතරම් අවස්ථාවන් තියෙනවා. යම් යම් ප්‍රශ්න උඩ උන්වහන්සේ මගේ ගෙදරටත් දෙවතාවකට වැඩිය වැඩම කරලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් ජනතාවත් උන්වහන්සේට අසීමිතව ගරු කළා. ආදරය කළා. උන්වහන්සේ අපවත් වුණාය කියන ආරංචියට සිංහල බෞද්ධ මිනිස්සු වගේම මුස්ලිම් මිනිස්සුත්් රිදීගම රෝහලට වැල නොකැඩී ආවා. උන්වහන්සේගේ මළගම වෙනුවෙන් අපිත් යමක් කරන්න ඕනෑ කියලා පානගමුව පල්ලියේදී යෝජනා වෙලා විනාඩි 5ක් ඇතුළත රුපියල් පනස්දහසකට වැඩි මුදලක් එකතු වුණා.

• සුමංගල හිමියන්ගේ හදිසි අභාවය ගැන ඔබට පළමුවෙන් ආරංචි වුණේ කොහොමද?මම එදා කොළඹ ගිහින් කෝච්චියෙන් ආපහු එන ගමන් හිටියේ. හවස පහහමාරට විතර අපේ සුමනේ සහෝදරයා තමයි මට කතා කරලා සුමංගල හාමුදුරුවෝ අපවත් වුණා කියලා කිව්වේ. මට අදහාගන්න බැරි වුණා. මම ඇහැව්වා විහිළුවක්ද කරන්නේ කියලා. පස්සේ සුමනේ සහෝදරයා මට පැහැදිලි කළා හාට් ඇටෑක් එකකින් හාමුදුරුවෝ අපවත් වුණා, දැන් දේහය රිදීගම ඉස්පිරිතාලේ කියලා. මම කුරුණෑගලින් බැහැලා කෙළින්ම ආවේ රිදීගම ඉස්පිරිතාලෙට. කාමරයක් මැද්දෙ උන්වහන්සේ දෙණ වහලා දාලා තිබුණු රෙද්ද මෑත් කරලා එතැන හිටපු කෙනෙක් උන්වහන්සේගේ මුහුණ පෙන්නුවා. ඒ වෙලාවේ ඇති වුණු හැඟීම මට වචනයෙන් කියන්න අමාරුයි. මම උන්වහන්සේගේ දේහය ළඟ දණගහගෙන ඇඬුවා.

• පසුව සුමංගල හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදීත් ඔබ ප්‍රසිද්ධියේ හඬා වැටෙනවා?
ඔව්. උන්වහන්සේගේ චිතකයට ගිනි තියන වෙලාවේ මට දරාගන්න බැරි වුණා. ඊට කලින් තිබුණු අවමඟුල් උත්සවයේ උන්වහන්සේගේ ගුණකථන සිදුවෙද්දී මට උන්වහන්සේ කළ කී දේවල් මැවි මැවී පෙනුණා. ඒ එක්කම මට උන්වහන්සේ විසින් කී දෙයක් යළි යළිත් මතක් වුණා. උන්වහන්සේගේ මව අභාවප්‍රාප්තවෙලා තුන්මාසයේ දානමය පින්කම තිබුණේ මෑතකදී. මමත් එදා බණ දවසේ උන්වහන්සේගේ මහගෙදර ගියා. ධර්මදේශනාවේ කටයුතු එහෙම ඉවරවෙලා, කෑමත් කාලා අපි පිටත්වෙන්න යද්දී උන්වහන්සේ මගේ ළඟට ඇවිත් මගේ කරට අත දාගත්තා. අත දාගෙන එක්වරම කිව්වා ෆායිස් මල්ලි උඹයි මමයි මේ ආත්මේ ආගම් දෙකක ඉපදුණාට ගිය ආත්මේ එක අම්මගේ කුසින් ඉපදුණු සහෝදරයෝ වෙන්නැති කියලා. මම දන්නේ නෑ උන්වහන්සේ මොකට එහෙම දෙයක් කීවාද කියලා. නමුත් මට ඒක දරාගන්න බැරි වුණා. මගේ ඇස්වලින් කඳුළු කඩා වැටුණා. මේ වචන ටික උන්වහන්සේගේ ආදාහනය වෙලාවේ මගේ කන්වල රැව්පිළිරැව් දිදී තිබුණා. එහෙම ඉද්දී උන්වහන්සේගේ දේහයට ගිනි තියද්දී මොනතරම් වටිනා මනුස්ස ජීවිතයක්ද මේ පිච්චෙන්නේ කියන එක මගේ හදවතට දැනුණා. මට ඒක දරාගන්නම බැරිව ගියා.

• භික්‍ෂුන් වහන්සේගේ ආදාහනයකදී හඬා වැටුණා කියලා ඔබට විවේචන ආවේ නැද්ද
ඒ ෆොටෝ එක වෙබ් සයිට්වල ගියාම සමහර අය නම් අන්තවාදී විදියට බැනලා කමෙන්ට් දාලා තිබුණා. නමුත් බහුතරයක් මේ සිදුවීම දිහා සංවේදීව බලලා තිබුණා. 'මව්බිම' පත්තරේ මුල්පිටුවේ මේ ෆොටෝ එක ගිය දවසේ හුඟ දෙනෙක් මට කතා කළා. ඒ කතා කරපු හැමෝම මේ සිදුවීම ගැන සංවේදීව කතා කළා. හාමුදුරුවන්ගේ චිතකයට ගිනි තියපු මල්ලිලාගෙනුත් මම ඇහැව්වේ මොන හිතකින්ද උඹලා හාමුදුරුවන්ට ගිනි තියන්නේ කියලා. ඇත්තටම මට හාමුදුරුවන්ගේ චිතකය ඇවිළෙද්දී දරාගන්න බැරි වුණා. ඒකට ආගමක්ද, ජාතියක්ද, නෑයෙක්ද, සහෝදරයෙක්ද කියන හැඟීම මට ඒ වෙලාවේ දැනුණේ නෑ. මට දැනුණු එකම දෙය තමයි හාමුදුරුවන්ගේ මනුස්සකම උන්වහන්සේගෙයි අපේ අතරෙයි තිබුණු බැඳීම. එහෙම නැතිව කවුරුත් කියලාවත් ෆොටෝ ගහන්න ඕනෑකමට ඇඬුවා නෙවෙයි. ඇත්තටම මම දන්නෙත් නෑ මගේ ෆොටෝ ගන්නවා කියලා. මගේ ෆොටෝ එක පදනම් කරගෙන ගියපු එක ගුවන් විදුලි වැඩසටහනකදී එක අසන්නෙක් ඒකට සහභාගි වෙලා හිටිය මවුලවිගෙන් අහලා තිබුණා මෙහෙම වෙනත් ආගමක නායකයෙක්ගේ මළ ගමකදී හඬන එක හරිද කියලා. ඒ මවුලවිතුමාත් ඉතා හොඳින් පැහැදිලි කරලා දුන්නා නබිතුමාගේ ඉතිහාසයේ පවා මෙහෙම වෙලා තියෙනවා කියලා. මනුස්සයකුගේ මරණයකදී ශෝක වෙන්න ආගම, ජාතිය, කුලය බලපාන්නේ නෑ කියලා.
• සුමංගල හාමුදුරුවන්ගේ අඩුව ඔබට දැන් දැනෙනවාද?
ඇත්තෙන්ම උන්වහන්සේ ජීවත්ව හිටිය කාලයට වඩා දස දහස් ගුණයකින් උන්වහන්සේ අපට සමීප බව දැන් අපට තේරෙනවා.

සටහන සහ ඡායාරූප:
කුරුණෑගල - අජන්ත බණ්ඩාර රත්නායක

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive