බදුල්ලේ හරීන් ප්‍රනාන්දු හා පඬුවස්‌නුවර දයාසිරි ජයසේකර යන දෙදෙනා මේ රටම හඳුනන්නේ පැහැදිලි දේශපාලන අනාගතයක් සහිත අති දක්‍ෂ දේශපාලනඥයන් දෙදෙනකු ලෙසය. කලකට ඉහත එකම දේශපාලන අරමුණක් ඇතිව එකම අතකට ගමනක් ගිය මේ දෙදෙනා අද දෙපසට හැරී ප්‍රතිවිරුදධ දේශපාලන අන්ත දෙකකට යමින් සිටිති.
මේ නිසා කලක් හොඳ දේශපාලන මිතුරන් දෙදෙනකු ලෙස ප්‍රකටව සිsටි හරීන් හා දයාසිරි අද අංක එකේ ගණයේ දේශපාලන සතුරන් දෙදෙනකු බවට පත්ව අවසන්ය.
මේ සතුරුකම කොතෙක්‌දැයි කියා පසුගිය සතියේ අඟහරුවාදා (08) රාත්‍රියේ දෙරණ රූපවාහිනිය ඔස්‌සේ ප්‍රචාරය වූ (වාද පිටියේ) අලකලංචියෙන් මුළු රටම දැන ගත්තේය. දෙරණ සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් නරඹන රූපවාහිනියක් නොවූවත් එම අලකලංචියට බ්‍රහස්‌පතින්දා දිනයේ රටේ ජාතික පුවත්පත් ජාලය ඔස්‌සේ ලැබී තිබූ අති දැවැන්ත ප්‍රචාරය නිසා දෙරණ නොබලන අයත් "වාද පිටියේ" එම වීඩියෝ පටය අන්තර්ජාලය පීර පීරා සොය සොයා බලන්නට පටන් ගත්හ.
හරීන් - දයා විරසකයට හා සතුරු කමට තටු ලැබෙන්නට වූයේ එහෙමය.
ඒ අනුව පසුගිය සතියේ අපේ රටේ පොදු සමාජ දේශපාලන කතිකාවේ ජනප්‍රියම මාතෘකාව වූයේ හරීන් - දයාසිරි අලකලංචියයි.
දයාසිරි ජයසේකර සිය දේශපාලන ගමන ආරම්භ කළේ සිය විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස බව අපට මතකය.
පසු කලෙක එජාප දේශපාලනයට පිවිසි ඔහු ඒ තුළ ඇති වැඩ කිරීමේ නිදහස නිසාම ආකර්ෂණීය තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස "තරු" අතරට පිවිසියේය. පැත්ත මොක වුවත් ඔහුට රටේ පොදු ජනතාව ආදරය කළේ පැත්ත ගියත් ඇත්ත කතා කරන කට ඇති පුතෙකු නිසාය......
ඊට කලකට පසුව වුවත් හරීන් දේශපාලන භාවිතයට පැමිණියේද දයාසිරිට නොදෙවැනි ප්‍රවේශයකිනි. පක්‍ෂය ඇතුළේදී වුවත් පිටදී වුවත් වරද දුටු තැන කතා කරන දේශපාලන අංකුරයක් ලෙස හරීන් ද පොදු ජන ගෞරව ආදරයට පාත්‍ර වූවේය.........
ජනතාව මේ දෙදෙනාගෙන්ම දුටුවේ එක හා සමාන කම්ය. කථිකත්වය, සංග්‍රාමශීලී බව, විවේචනාත්මකව මත පළ කිරීම, වේගවත් බව මෙන්ම පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පවා සටන්කාමීත්වය අතින් එකෙකුට එකෙක් දෙවැනි වූයේම නැති තරම් ය.
මේ නිසා පාර්ලිමේන්තුවේදී දේශපාලන වේදිකාවලදී මාධ්‍ය ඔස්‌සේ කෙරෙන සංවාදවලදී හා අනෙකුත් වාද විවාද වලදී එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ ප්‍රමුඛ කථික ලැයිස්‌තුවේ මේ දෙදෙනා සිටියේ ඉහළම හතර පස්‌දෙනා අතරය.
එකම අතකට ගලා ගිය මේ දෙදෙනාගේ දේශපාලන ගමන් මග දෙකට බෙදුණේ 2013 ජුලි මාසයේ 24 වැනිදා දයාසිරි ජයසේකර එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වීමත් සමගය.
ඔහු එදා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එජාපයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීකමින් හා එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වූවේය.
ඒ මොහොතේ දයාසිරිගේ සමීපතම දේශපාලන සහකරුවා ලෙස සිsටි හරීන් ප්‍රනාන්දුට පක්‍ෂ නායකත්වය වගකීමක් බාර කළේය. වගකීම දයාසිරිගේ විශේෂ ප්‍රකාශයට පිළිතුරු කතාව ඉදිරිපත් කිරීම ය. හරීන් වගකීම භාර ගත්තේය. භාර ගත්තා පමණක් නොව, එජාප නායකයා සිතුවාටත් වඩා ඉහළින් හරීන් සිය වගකීම ඉෂ්ට කළේය.
එතෙක් කලක් ළඟම මිතුරන් ලෙස සිටි දයාසිරි හා හරීන් ජම්මාන්තර වෛරක්‌කාරයන් දෙදෙනකු බවට පරිවර්තනය වන්නේ එම පිළිතුරු කතාව හා ඊට පසුව පැනනැගුණු සමාජ දේශපාලන කථිකාවත් සමගය.
එදා සිට දයාසිරි හා හරීන් යන දෙදෙනා දේශපාලනිකව සිට ගත්තේ දේශපාලන සටන් කඳවුරු දෙකකය. මතවාද දෙකකය. ස්‌ථාන දෙකකය. ප්‍රතිපත්ති දෙකකය. වැඩ පිළිවෙළවල් දෙකකය.
අනතුරුව දයාසිරි වයඹ පළාත් සභාවට ගියේය. එහි මහ ඇමැතිවරයා ද වූයේය. හරීන් පාර්ලිමේන්තුවේ සිටියේය...... පාර්ලිමේන්තුවේ දයාසිරිලාගෙන් හිස්‌වුණ දේශපාලන කරලියේ ප්‍රමුඛ කථික ලැයිස්‌තුවේ ක්‍රම ක්‍රමයෙන් උඩට එන්නට පටන් ගත්තේය.
දයාසිරි පළාත් සභා වේදිකාවේ කතා කළේය. හරීන් පාර්ලිමේන්තුවේ කතා කළේය. දින සති මාස ගණන් කාලය ගෙවී ගියත් දෙදෙනාට දෙදෙනා මුහුණට මුහුණ හමුවූයේම නැති තරම් ය. එහෙත් දෙදෙනා අතර වාද විවාද නොහොඳ නෝක්‌කාඩුකම් විවිධ මාධ්‍ය ඔස්‌සේ දිගින් දිගටම පැවැති බව නම් පැහැදිලිය.
2013 ජුලි මස 27 වැනිදා පාර්ලිමේන්තුවේදී සමුගත් පසුව දෙදෙනාට දෙදෙනා මුහුණට මුහුණ මුල්වරට හමු වන්නේ ඊට වසරකට පසු 2014 ජුලි 08 වැනිදා රාත්‍රියේ දෙරණ නාලිකාවට අයත් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි දෙරණ වාදපිටිය දේශපාලන වැඩසටහනට පැමිණි චිත්‍රාගාරයේදීය.
එදින කථිකාවේ මාතෘකාව වූයේ රජයේ වත්මන් ක්‍රියා කලාපයයි. නාලිකාවේ නිවේදකයා කථිකාව මෙහෙයවූ අතර හරීන් ප්‍රනාන්දු හා සුනිල් හඳුන්නෙත්ති විපක්‍ෂයෙනුත් අරුන්දික ප්‍රනාන්දු හා දයාසිරි ජයසේකර ආණ්‌ඩු පක්‍ෂයෙනුත් සංවාදයට සහභාගි වී සිටියහ......
සංවාදයට මුල පිරුවේ සුනිල් හඳුන්නෙත්තිය. ඔහු ආරම්භ කළ සංවාදයට තරමක් ජවය හා වේගය එක් කරමින් හරීන් එක්‌වූයේ දයාසිරිගේ කේන්තිය අවුස්‌සන්නට ඔහු අනුදත් සියලු අවි ආයුධ ද ප්‍රයෝජනයට ගනිමිනි. සංවාදය මුලසිටන්ම උණුසුම්ව ගොස් අන්තිමේ දයාසිරි හා හරීන් අතර පමණක් සංවාදයක්‌ව, ගුටිබැට හුවමාරුවකින් කෙළවර වූයේ දෙන්නාටම කා කොටා ගන්නට තරම් සාධාරණ ප්‍රශ්න හා විවේචන දෙදෙනාටම තිබුණ නිසාය.
සාමාන්‍යයෙන් දේශපාලන පොර පිටියේ වාද විවාද ඇතුළේ කලකෝලාහල වනවාට අපේ දේශපාලන ප්‍රේක්‍ෂකයා බොහෝ සේ කැමැතිය. සතුටුය. ඒ ප්‍රේක්‍ෂකයා බොහෝ විට මැදිහත් මතධාරියකු නොවේ. ඔහු පාක්‍ෂිකයෙකි. නොමැතිනම් මතවාදීව පාක්‍ෂිකයෙකි.
මේ පාක්‍ෂිකයන්ට නිරතුරුවම දේශපාලන පොර පිටියේ වීරයෝ සිටිති. ඇතැම්හු එක්‌සත් ජාතික පක්‍ෂ පාක්‍ෂික වීරයෝය. සමහරු සන්ධානයේ වීරයෝය. ජවිපයට ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට සමසමාජයට කොමියුනිස්‌ට් පක්‍ෂයට මෙන්ම ජවිපෙ ප්‍රගතිශීලීන්ටද එබඳු වීරයෝ සිටිති. එබඳු වීරයන් රූපවාහිනී තිරය මත හෝ ගුවන් විදුලියක හෝ සජීවී වේදිකාවක පොර පිටියකට පැමිණියහොත් අපේ දේශපාලන ප්‍රේaක්‍ෂකයෝ ඒ ඕනෑම මාධ්‍යයක් වටා රොක් වන්නේ තම තමන්ගේ වීරයාට හුරේÊදමන්නටය.
තමන්ගේ දේශපාලන කඳවුරේ, මතවාදී ලෝකයේ කිරුළ පලන් වීරයා දේශපාලන පොර පිටියට පැමිණ තම වාග් චාතුර්යය නමැති කග ලෙළවමින් තර්ක ඥනය නමැති පලිහෙන් ප්‍රතිවාදී ප්‍රහාර වළකමින් කරන වික්‍රමය දකින්නට මේ පාක්‍ෂිකයන් කැමැතිය.
රූපවාහිනී තිරයේ හෝ වෙනයම් වේදිකාවක යම් මාතෘකාවක් හෝ ප්‍රස්‌තුතයක් මුල් කර ගනිමින් දෙපසට බෙදී තර්ක විතර්ක කරමින් වීරයෝ වීරයෝ ගැටෙන විට ඒවා නරඹන ප්‍රේක්‍ෂක කල්ලි ද කල්ලිවාදයෙන් චූන්ව තර්කයෙන් වචනයෙන් කටින් ප්‍රශ්න විස¹ ගත නොහැකිව අතින් පයින් පුටු මේසවලින් හා අතට අසුවන ඕනෑම දෙයකින් හැඟීම් ප්‍රකාශ කර ගන්නා අයුරුද අපි අද ඕනෑ තරම් දැක තිබේ.
ඒ වූ කලී අපේ දේශපාලන සංවාදය, අපේ දේශපාලන කථිකාව, අපේ දේශපාලන වැඩසටහන්, අපේ දේශපාලනඥයෝ හා අපේ දේශපාලන ප්‍රේක්‍ෂකයෝ අද ඇද වැටී ඇති තත්ත්වයයි.
හරීන් සංවාදයේදී දිගින් දිගටම කළේ ආණ්‌ඩුවට බැණ වැදීමය. රජය දැඩි විවේචනයට ලක් කිරීමය. රාජපක්‍ෂවරුන්ට ඇති පදම් විවේචන එල්ල කිරීමය. දයාසිරි කරනු ලැබුවේ මේ හරීන්ගේ ඒ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කරන්නට කතා කිරීමය. චෝදනා තිබේ නම් ඒවා ඔප්පු කරන්නට කියා හරීන්ට බල කිරීමය...
සංවාදය මතුපිට ඇත්ත එය වුවත් ඊට යටින් සැමටම ප්‍රදර්ශනය වූ යටි අරුතක් ද තිබුණ බව පැහැදිලිය. යම් හරයක් තුළ සම්පූර්ණයෙන්ම තිබුණේ දෙන්න දෙගොල්ල තුළ වර්ධනය වෙමින් තිබුණ පුද්ගලික කෝන්තර මට්‌ටමේ ප්‍රශ්න දැයි කෙනකුට සිතුණිහොත් සාධාරණය....... සංවාදය පුද්ගලික මට්‌ටමට ඇදී ගියේ ඒ අනුව බව පැහැදිලිය.
මැදිහත්ව මේ සංවාදය දෙස බලා සිටි බොහෝ දෙනෙකුගේ අදහස වූයේ දෙන්න දෙඩවූයේ විශාල වශයෙන් මේ සංවාදයේදී තම තමන්ගේ දේශපාලන ප්‍රතිරූපවලට හානි පමුණුවාගත් බවය. විශේෂයෙන් එම හානිය මේ දෙදෙනාට ඉදිරියේදී එන මැතිවරණවලදී පුද්ගලිකව බලපානු ඇතැයි මත පළ කළ අය ද සිටියහ.
එහෙත් දයාසිරිට ළඟ පාතක මුහුණ දෙන්නට ඡන්දයක් නැති තරම්ය. තව නොබෝ දිනකින් ඡන්දයකට මුහුණ දෙන්නට වන එකම පුද්ගලයා හරීන් ප්‍රනාන්දුය. ඔහු ලබන ඌව පළාත් සභා මැතිවරණයේ එක්‌සත් ජාතික පක්‍ෂ මහ ඇමැති අපේක්‍ෂකයා වීමට ඇති ඉඩකඩ විශාලය. එබඳු විටකදී මේ හැසිරීම තුළ අවාසියක් වේ යෑයි තර්ක කරන අය ද සිටිති. මේ චණ්aඩිකම් අවාසියට හේතු වේ යෑයි ඔවුහු තර්ක කරති..
එහෙත් මේ ලිපිය ලියන මාගේ තනි මතය ශ්‍රී ලනිපයේ කෙසේ වෙතත් එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලනය තුළ චණ්‌ඩිකමට වලංගු භාවයක් තිබෙන බවය. චණ්‌ඩිකම කලබලකාරකම ආවේගශීලීකම ඡන්දයකදී එක්‌සත්
ජාතික පක්‍ෂ අපේක්‍ෂකයාට අත්කර දෙන්නේ එක්‌තරා අන්දමක වළංගු භාවයක් බව මම අදහමි. මන්ද එක්‌සත් ජාතික පක්‍ෂ ඡන්ද දායකයා අදටත් සිය නායකයන්ට සලකන්නේ ඔවුන් තුළ අඩු වැඩි වශයෙන් ගැබ්බරව තිබූ චණ්‌ඩිකමට සාපේක්‍ෂවය.... බය නැති කමට සාපේක්‍ෂවය... සතුරා ඉදිරියේ සටන්කාමීවීමේ ගණයට සාපේක්‍ෂවය.
එක්‌සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයා අදටත් ජෝන් කොතලාවලගේ වික්‍රමයන් ගැන කියන්නේ, ජෝන් කොතලාවලගේ පා පහරවල් ගැන ඩී. එස්. ගේ නිර්භීතකම් ගැන කියන්නේ මහත් අභිමානයෙන් බව පැහැදිලිsය.... ඒ නිසා චණ්‌ඩිකම හෝ මෙබඳු සිදුවීම් පළාත් පාලන ඡන්දයේදී හරීන්ට අවාසියක් වේ යෑයි කියන මතය මම නම් උචිත පිළිකුළින් යුතුව නොසලකමි.
කෙසේ වෙතත් අවසානයේ මේ දෙදෙනාටම කියන්නට යම් දෙයක් ඇති බව පැහැදිලි ය. සිදුවීම ගැන කවුරු පිටින් බලා මොනවා කීවත් ඇතුළේ තිබූ ගින්නේ උණුසුම ඒ දෙදෙනාට වඩා හොඳින් දන්නා තුන්වැන්නෙක් තවත් තැනක ඇතැයි විශ්වාස නොකරමි. මා මේa දෙදෙනාටම එකම විදිහේ ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කර පිළිතුරු ලබාගන්නට වෑයම් කළේ ඒ නිසාය.
මේ ඒ දෙන්නා කියන කතාව
ප්‍රශ්නය - ඔබලා දෙන්නට දෙන්නා දේශපාලනඥයෝ ලෙස මුහුණට මුහුණ මුqණගැසුණේ කොයි කාලෙද?
දයාසිරි - හුඟක් ඈතක නොවෙයි. හරීන් පසුගිය ඌව පළාත් සභාවේ බදුල්ල දිස්‌ත්‍රික්‌ක එජාප අපේක්‍ෂකයෙක් ලෙස ඡන්දෙ ඉල්ලන්න සිරිකොතට ආවා. එතකොට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඔහුව මුණගැසුණා. ඊට පස්‌සේ මම බදුල්ලේ ගිහින් හරීන්ගේ ඡන්දයට බදුල්ලේ නතරවී සිට උදව් කළා. රැස්‌වීම්වල කතා කළා. ඇවිද්දා, මහන්සි වුණා. අනාගතයක් ඇති දක්‍ෂ තරුණ නායකයෙක් විදියට මම ඔහුව එදා දැක්‌කා.
හරීන්- මම දයාව මුලින්ම හඳුනා ගත්තේ 2008- 2009 කාලේ. මම මුලින්ම පළාත් සභාවට එනකොට දයා හිටියේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු හැටියට. හොඳ කථිකත්වයක් තිබුණා. ඇත්තටම කියනවා නම් මගේ පූර්වාදර්ශයක්. අපි හැදුණේ ඔහු දිහා බලාගෙන. දයා 2009 පළාත් සභා ඡන්දෙට බදුල්ලේ ඇවිත් වැඩ කළා. මං වෙනුවෙන් හුඟක් මහන්සි වුණා. ඒක කියන්න එපායෑ.
ප්‍රශ්නය - ඉන්පසුව ඔබලා හොඳ යාළුවන් හැටියට කටයුතු කළා. එහෙමද.......?
දයාසිරි - යාළුවෝ කියන්නේ අපි පාර්ලිමේන්තුවේ එකම දේශපාලනය කරන සමීප ක්‍රියාකාරින් හැටියට හිටියා. එහෙම නැතුව එක බත් එක දෙකට බෙදාගෙන කාලා හිටපු බොක්‌කේ යාළුකමක් තිබුණේ නෑ. අපි එකිනෙකා විශ්වාසනීය ලෙස ඇසුරු කළා. එපමණයි...... තව දෙයක් කියන්න ඕන. මම පක්‍ෂයේ ජාතික සංවිධායක තනතුරට ඉල්ලපු වෙලාවේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ මගේ ඡන්දපොළ නියෝජිතයා විදියට කටයුතු කළෙත් ඔහු. අපි අතර ඒ වගේ විශ්වාසයක් තිබුණා.
හරීන් - යාළුකමකට එහා ගිය ගෞරවය සම්බන්ධයකුයි තිබුණේ. ඔහු එවකට ආණ්‌ඩු පක්‍ෂයට වාද විවාදවලදී ප්‍රහාර එල්ල කරන ආකාරය, ඔහුගේ රිද්මය වාග් චාතුර්යය මට අල්ලලා ගියා. මම ඔහුට ගරු කළා. කොටින්ම ඔහු මගේ පරමාදර්ශය වුණා. හැබැයි ඒ දේශපාලනයේදී විතරයි. ඒ එදා.
ප්‍රශ්නය - දෙන්නාට දෙන්නා ගරුකර ගනිමින් පවත්වා ගෙන ගිය මිත්‍රත්වය, සම්බන්ධතාවය එක පාරටම හතුරුකමක් බවට පරිවර්තනය වුණේ කොහොමද.... ඒ කවදාද?
දයාසිරි - එක්‌සත් ජාතික පක්‍ෂය අභ්‍යන්තරයේ නායකත්වයේ බලය අඩු කර පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදී-කරණය කරන්න අපි තරුණ මන්ත්‍රීවරු ජ්‍යෙෂ්ඨ නායකයෝ එක්‌වෙලා සටනක් ආරම්භ කරද්දී හරීන් අපි සමග හිටියේ නැහැ. ඔහු සිටියේ රනිල් වික්‍රමසිංහගේ පිලේ. ඔය කාලෙත්a යම් යම් මතවාදී ගැටුම් පක්‍ෂපාතකම් අපි අතර තිබුණා. නමුත් මේ විරසකය වෛරයක් බවට පත්වුණේ එක් තීරණාත්මක අවස්‌ථාවකදී. ඒ තමයි මම 2013 ජුලි 24 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරලා එජාපයෙන් ඉවත් වුණ දවස.
එජාප මන්ත්‍රිවරයෙක් විදියට මම මුලින්ම පාර්ලිමේන්තුවට එන්නේ 2004 දී. ඔහු පාර්ලිමේන්තුවට එන්නේ 2010 දී මට අවුරුදු 6 කට පස්‌සේ. ඒ අවුරුදු 6 තුළ මම දැක්‌කා එක්‌සත් ජාතික පක්‍ෂය හැර දාලා අපේ පක්‍ෂයේ හිටපු ඉතාමත් දක්‍ෂ ප්‍රබල දේශපාලන චරිත ගණනාවක් පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ අදාළ ආණ්‌ඩුවට යන හැටි. මම එදා ඒ එක්‌කෙනකුටවත් ඇඟිලි දිග් කරලා චෝදනා කළේ නැහැ. මේ යන අය ආණ්‌ඩුවේ සල්ලි කෝටි ගණන් අරගෙන පක්‍ෂය පාවා දුන්නා කියලා. මොකද ඒ අය රනිල් වික්‍රමසිංහ කියන නායකයාගේ ඒකාධිපතිත්වය ඉවසන්න බැරිව පක්‍ෂයෙන් ඉවත් වුණ බව මම දන්නවා. අපි ඔහුත් රැක ගන්න උත්සාහ කළා. නමුත් බැරි වුණා.
2013 දී මම ගිssයෙත් රනිල් වික්‍රමසිංහගේ ඒ පීඩනය හා අදූරදර්ශී වැඩපිළිවෙළ තවදුරටත් ඉවසගන්න බැරුවයි. මම ගියේ ජනතාව කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් එජාපයට දුන්න මන්ත්‍රී ධුරය යළි එජාපයටම දීල ගෞරවනීය විදියට පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙලා. ඒ නිසා අද එජාපයෙන් වෙනත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.
මම යනකොට මගේ විශේෂ ප්‍රකාශය තුළ මම යන්නේ ඇයිs කියන එක පැහැදිලි කළා. ඒත් එදා රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක් අරගෙන ක්‍රියා කරපු හරීන් ප්‍රනාන්දු කියන මන්ත්‍රීවරයා මට පාර්ලිමේන්තුවේදී පිළිතුරු කතාවක් කරමින් ඉතාම පහත් මට්‌ටමින් නින්දා කළා. ලංකා ඊ නිවුස් ඒකේ පළවෙලා තිබුණාය කියන පච වට්‌ටෝරුවක් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලාගෙන ඇවිත් ඒක පාර්ලිමේන්තුවේ කියව කියව මට නින්දා කළා. මම ඒ වරදට කිසිදාක ඔහුට සමාවක් දෙන්නේ නැහැ.
හරීන් - දයාසිරි කියන්නේ අපේ පක්‍ෂයේ අපිට නායකත්වය දෙමින් පක්‍ෂය හොඳ ඉදිරි ගමනක ගෙනයන්න හිටපු ජවසම්පන්න නායකයෙක්. ඔහු ආණ්‌ඩුවේ ලණු කාල එහා පැත්තට යන්න යනවයි කියල මට ආරංචි වුණාම මම ඔහුට බැගෑපත්ව කිව්වා අපිව අනාථ කරලා යන්න එපාය කියලා. එදා ඔහු පාර්ලිමේන්තුවේ කතාව කරපු දවසේත් උදේ දයාව මට ලයිබ්‍රියේදී හමු වුණා. මම ඔහුව බදාගෙන අඬලා කිව්වා... දයා මේ වරද නම් කරන්න එපා කියලා. ඒත් ඔහු කණකට ගන්නේ නැතුව ගියා. ඔහු ගියා නම් කමක් නැහැ. අපේ පක්‍ෂයටයි පක්‍ෂයේ නායකයාටයි නින්දිත විදියට පහර දීලා බොරු කියලා අපහාස කළා. මහ වීරයෙක් වගේ පුරසාරම් කයිවාරුවක් කළා. ඔහුට වටින්නේ නැහැ ඒ විදියට පක්‍ෂය හා නායකයා විවේචනය කරන්න.
අවාසනාවකට පක්‍ෂය වෙනුවෙන් ඔහුට පිළිතුරු කතාව කරන්න වුණේ මට. මම ඒක අකුරටම කළා. එදා ඉඳලා තමයි දයා මට වෛර බඳින්නේ.
ප්‍රශ්නය(- මොකක්‌ද මේ කෝටි 25 ක චෝදනාව...
දයාසිරි(- ඒක තමයි රනිල්ගේ කොන්ත්‍රාත්තුව. රනිල්ගේ කොන්ත්‍රාත්තුවට අනුව හරින් කොළ කෑල්ලක් සභාවට ගෙනල්ලා කියෙව්වා. ඒකෙ තමයි ඕක තිබුණේ.... රනිල්ගේ මඩ පත්තරයක්.
හරීන්(- ඒ ආරංචිය මම ලබා ගත්තේ ලංකා ඊනිවුස් වෙබ් අඩවියෙන්. ඒක කියන එක වරදක්‌ද
ප්‍රශ්නය(- අපි දන්න බොහෝ මැති ඇමැතිවරු නායකයෝ ජනතාව ඉස්‌සරහට දෙපිලකට බෙදලා මොන මොන තර්ක කළත් මොන මොන විවේචන කරගත්තත් සාමාන්‍ය ජීවිතයේදී එයාලා හොඳ යාළුවෝ. පාර්ලිමේන්තු සභා ගැබේ විරුද්ධවාදියෝ වුණත් පාර්ලිමේන්තු ආලින්දයේ ආපන ශාලාවේ විවේකාගාරයේ ඉන්නේ එකට... එදා ජූලි 24 කතාවෙන් පසුව ඔබලා අතර එහෙම ඇසුරක් තිබුණේ නැද්ද....
දයාසිරි(- එදායින් පස්‌සේ මම පාර්ලිමේන්තු ගියේ නැහැනේ. හමුවුණේ නැහැ. හමුවුණත් ඔය වගේ අය එක්‌ක ඒ වගේ ඇසුරක් පවත්වාගෙන යන්න මට උවමනාවක් නෑ...
හරීන්(- දයාව එදායින් පස්‌සේ මට මූණට හමු වුණේ නැහැ. එයා පළාත් සභා ගියා.. මම මෙහේ හිටියා. අපිට ඇසුරක් පවත්වන්න, කතාබහ කරන්න වේලාවක් තිබුණේ නෑ...
ප්‍රශ්නය(- හමු වුණේ නෑ එකට ගැටුණේත් නෑ. නමුත් විරසකය දුර දිග ගියා...
දයාසිරි(- ඔව්.... ඇයි දන්නවද... මම කෝටි 25 ක් අරන් ආණ්‌ඩුවට ගියා කියල බොරුවක් කියල නිකන් හිටියෙ නැහැනේ. මට ඔහු දිගින් දිගටම පදනම් විරහිත මඩ ප්‍රහාර එල්ල කළා. අවසානයේ වයඹ ඡන්දයට ඇවිත් හරීනුයි රන්ජනුයි මට කොච්චර කරදර කළාද. පඬුවස්‌නුවරටම ඇවිත් මට බොරු අවලාද කළා. ඒ නිසානේ පඬුවස්‌නුවර ජනතාව එජාප ඡන්ද සංඛ්‍යාව 4600 ට බස්‌සලා දුන්නේ.
හරීන්(- මට මඩ ගැහුවනේ.. උදේ පාන්දර අයි ටී. එන් එකට ඇවිත් මටයි මගේ තාත්තටයි මගේ පවුලේ සියලුම දෙනාටයි බරපතළ මඩ ප්‍රහාර එල්ල කළා. මටත් ඒ වගේ වේලාවල්වල දයාසිරි ජයසේකර කියන සුදු චරිතය යටින් ඉන්න කළු චරිතය මොන වගේද කියල ජනතාව හමුවේ කියන්න වුණා. මම ඒක කළා. දිගින් දිගටම ඔහු මට ගහනකොට අපිත් ඒක කළා. මොකක්‌ද වැරැද්ද...
ප්‍රශ්නය(- ජූලි 08 වැනිදා වාද පිටිය අපේ මේ රටේ බොහෝ දෙනා නරඹලා. වුණ දේ ගැන අද මොකද, මොනවද හිතන්නේ.
දයාසිරි(- සුනිල් හඳුන්නෙත්ති හොඳට සංවාදය ආරම්භ කළා. ඊට පස්‌සෙ කතා කළ හරීන් මේ සංවාදය පහත් මට්‌ටමට ගෙන ගිය හැටි නරඹපු අය දකින්න ඇතිනේ. මම රටේ ජනතාවට කියනවා මේ සංවාදය හොයාගෙන නරඹන්න. නරඹලා විනිශ්චය කරන්න කියලා. ඔහු මුළු සංවාදය පුරාම කළේ ආණ්‌ඩුවට රජයට රාජපක්‍ෂ පවුලට මඩ ගහපු එක. කුඩු ආණ්‌ඩුව, එතනෝල් ආණ්‌ඩුව කිය කිය චෝදනා කළා මිස පදනමක් ඇතිව කතා කළේ නෑ. මම කිව්වේ චෝදනා කළාට මදි. ඒවා ඔප්පු කරන්න කියලා. ඔප්පු කරන්න දෙයක් නැති නිසා පිස්‌සෙක් වගේ හැසිරුණා.
හරීන්(- මම කළේ තර්කානුකූලව කතා කරපු එක. මම කාටවත් පෞද්ගලිකව මඩ ගැහුවේ නෑ. කවුරුවත් කාපු බීපුවා කාපු බීපු තැන් ගැන කිව්වේ නෑ. මුලින්ම එතුමාට සුබපතලයි මම කතාව පටන් ගත්තේ. මම ආණ්‌ඩුව කළ දූෂණ වංචා ගැන කිව්වා. එයාට බැරි වුණා. ඒවා එහෙම නොවෙයි කියන්න බැරි නිසා මට පෞද්ගලික මඩ ප්‍රහාර ගහන්න පටන් ගත්තා. ඒ මට්‌ටමින් තමයි සංවාදය නරක අතට ගියේ.
ප්‍රශ්නය(- කොතනද දෙන්නාට වැරදුනේ... දෙන්නටම...
දයාසිරි(- එයයි වරද්දා ගත්තේ. සංවාදයක් නිසි පාරේÊයන්න නොදී වැරදි පාරට ගත්තේ එයයි. මට වැරදුනේ ඔතන ඉන්නේ කවුද කියල නොබල ඕවට ගියපු එකයි.
මොක්‌කුද එක්‌ක ලැග්ගාම මැක්‌කොත් එක්‌ක නැගිටින්න වෙනවා කියලා මම දැනගන්න ඕන.
හරීන්(- මම කියපු සමහර වචනවලට දයාට කේන්ති ගියා. පදනමක් නැති දේවල්වලට එයා එල්ලෙන්න ගත්තේ එතැනින්. මගේ කටින් නරක වචන පිට වුණා. මගේ කටින් අයිසෙ කියන වචනය පිටවුණා. ගෙඹි වැඩ කරන්න එපා කියන එක කියවුණා. ඒවට දයාට හොදටම නැග්ගා. නපුංසක කතා කියන්න එපා.. කියන එකත් දයාට හොඳට වැදුණා. මම ඒ ප්‍රකාශ ගැන කනගාටු වෙනවා.
ප්‍රශ්නය(- කොහොම හරි පසුගිය සතියේ දේශපාලනමය වශයෙන් ඉතාම කනගාටුදායක පහත් සංවාදයක් අපි දුටුවා. සිදුවීමකුත් දැක්‌කා. ඊට මුල්වුණ චරිත හැටියට ඔබලා ඒ ගැන මොනවද කියන්නේ.
දයාසිරි(- ඒක මගේ ජීවිතයට හොඳ පාඩමක්. මීට පස්‌සේ මේ වගේ සංවාදවලට යන කොට "එන්නෙ කවුද" කියන එක ගැන සැලකිල්මත් විය යුතුයි. 9 වැනිදා උදේ ගුවන් විදුලියේ හඩ්සන් සමරසිංහ මහත්මා මට කතා කරලා ප්‍රේමදාස මහත්මයා වරක් ඔහුට දුන් අවවාදයක් ඔහු මට දුන්නා. ගහගන්න ගියත් තමුන්ට පෑහෙන මිනිහෙක් එක්‌ක ගහගන්න. නොගැලපෙන මිනිස්‌සු එක්‌ක ගහගන්න එපා කියන එක. වෙච්ච දේ ගැන මම කනගාටු වෙනවා. ඒ ගැන මට තියෙන්නේ ජුගුප්සාවක්, හිරිකිතයක්.
හරීන්(- ආඩම්බර වෙන්න බෑ වුණ දේ ගැන. මම කනගාටු වෙනවා. ඒ වගේම සමාව ඉල්ලනවා. ප්‍රේක්‍ෂක ජනතාවගෙන්. ආයෙත් මෙහෙම දේවල් නොවෙන්න මම වග බලා ගන්නවා. හැම දෙයක්‌ම ජීවිතයට පාඩමක්‌නේ. මේකත් හොඳ පාඩමක්...
* බුලිත ප්‍රදිප් කුමාර

0 comments:
Post a Comment