තමනට මාධ්‍ය සාකච්චා පවත්වන්න පමණක් නොව අවශ්‍ය නම් මහ පාරේ නටන්න වුවද හැකි බව රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිනී නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.
ඇය මේ අදහස් පල කලේ කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඇය එහිදී මෙසේද කීවාය.
‘රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියා කරන්නේ ජාත්‍යන්තර වශයෙන් අත්සන් කරන ලද ප‍්‍රඥප්තිවලට අනුව. මානව අයිතිවාසිකම් සම්බන්ධ ප‍්‍රඥප්ති සහ මූලධර්ම අපගේ ව්‍යවස්ථාවත් පිළිගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවසථාවත් සහතික කරලා තිබෙන මේ මූලධර්මවල පදනම මතයි අපි වැඩකරන්නේ. ඒක තමයි අපගේ විෂය පථය. ඒ වෙනුවෙන් වැඩමුළු පවත්වන එක, පුවත්පත් නිවේදන නිකුත් කරන එක තමයි අපේ ක‍්‍රියාමාර්ග.
අපේ විෂය පථයේ අරමුණු වෙනුවෙන් වැඩමුළු පැවැත්වීම පුවත්පත් නිවේදන නිකුත් කිරීම පමණක් නෙමෙයි අවශ්‍ය නම් පාරේ නටන්න වුනත් අපිට අයිතිය තියෙනවා. අපේ ඒ අයිතිය කියල කියන්නෙ නාගරික සංවර්ධන අමාතංශ්‍යයට අවශ්‍ය වුනාම කඩලා දාන්න පුලූවන් නිති විරෝධී ඉදිකිරීමක් නෙමෙයි. ගෙවල් කඩන මානසිකත්වයේ ඉදලා දැන් අපිට කියනවා අපේ ක‍්‍රියාකාරීත්වයන් නතර කරන්න කියලා.
මේ ලියුම ලීව පුද්ගලයා දන්නෙ නැහැ මේ මගින් තමාගේම ආණ්ඩුව ජාත්‍යන්තර ප‍්‍රජාවට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට දුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩ කෙරෙන බව. අපි මෙවැනි ලිපියක් නිකුත් කිරීම හෙළා දකිනවා. සිවිල් සමාජය වෙනුවෙන් අපි ඉල්ලනවා මේ නීති විරෝධී ලිපිය වහාම ඉල්ලා අස් කරගන්නා ලෙස’

0 comments:
Post a Comment