facebook like

මංගලට ..පිල්ලේට ..නිමල්කා ප්‍රනාන්දුට එරෙහිව...හමුදා විශ්‍රාමික ගිනි තබා ගනී....(හඩ පටය)

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු මහ කොමසාරිස්‌ නවනීදන්
පිල්ලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කළ යුද අපරාධ විමර්ශනවලට විරෝධය පළකරමින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක්‌ කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානය ඉදිරිපිටදී ඊයේ (02 වැනිදා) උදේ තම සිරුරට ගිනි තබා ගත්තේය.

තම සිරුරට ගිනි තබාගැනීම නිසා බරපතළ පිළිස්‌සුම් තුවාල ලැබූ කලපලුවාව රාජගිරියේ පදිංචි 72 හැවිරිදි සෙල්මුර විතානගේ පියසේන මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

නවනීදන් පිල්ලේ මහත්මියගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් තමන් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගැනීමට සැලසුම් කළ බව පියසේන මහතා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

තානාපති කාර්යාලය ඉදිරිපිට සිටි පොලිස්‌ නිලධාරීන් පියසේන මහතා එම ස්‌ථානයෙන් ඉවත් කිරීම නිසා කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිටට පැමිණ සිරුරට පෙට්‍රල් වත්කරගෙන ගිනි තබාගෙන ඇති බව ද පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

ගිනි තබාගැනීමෙන් පසු ඔහු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඔහු නෙත් නිවුස් වෙත අදහස් පළ කළා 

සිරුරට ගිනි තබාගන්නා පුද්ගලයා දුටු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ වහාම ඉදිරිපත් වී එම පුද්ගලයාගේ සිරුරේ ඇවිළී තිබූ ගින්න නිවා දමා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෙලෙස සිරුරට ගිනි තබා ගත්තේ කිසියම් පාර්ශ්වයක බලපෑමක් හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් දැයි නෙත් නිවුස් ඔහුගෙන් ප‍්‍රශ්න කළා


ඔහු විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලියූ රහසිගත ලිපියක්‌ ද පොලිසිය සොයා ගත්තේය.

සීල් තබා තිබූ එම ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා ජනාධිපති ආරක්‍ෂක අංශය වෙත භාරදී තිබේ.

පියසේන මහතාගේ සිරුරේ සෑහෙන ප්‍රමාණයක්‌ පිළිස්‌සී විනාශ වී ගොස්‌ තිබෙන බව රෝහල් ආරංචි මාර්ග කීය.

පියසේන මහතා වසර 21 ක්‌ යුද හමුදාවේ සේවය කර ඉන් විශ්‍රාම ලැබූ නිලධාරියෙකි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු මහ කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන චෝදනාවලට සහ ඇගේ ක්‍රියාකලාපය පිළිබඳව පියසේන මහතා දැඩි වෛරයකින් පසු වී ඇති බව ද පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.



0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive