බම්බලපිටිය ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියට අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන මහතාට අයත් දෙහිවල නැදිමාල බෝධිරාජ මාවතේ පිහිටි නිවස ඉලක්‌ක කර එල්ල කරන ලද අත්බෝම්බයක් නිවසේ මිදුලේ වැටී තිබියදී පොලිසිය මගින් (4 වැනිදා) පෙරවරුවේදී සොයාගෙන ඇත.
කිසිවකු විසින් එල්ලකරන ලද ඡේ. ආර්. වර්ගයට අයත් අත්බෝම්බය නිවසේ මිදුලේ වැටී තිබුණද එය පිපිරී ගොස් නොතිබිණි. බෝම්බය පිපිරීයැමට එහි ඇති පින්එකද ඉවත් කර තිබූ බව පොලිසිය පවසයි.
නිවසේ මෙහෙකාරිය ඊයේ පෙරවරු 8.00 ට පමණ මිදුල අතුගෑමට පැමිණි අවස්‌ථාවේ සියඹලාගසක් යට වැටී තිබූ බෝම්බය දැක ඇත.
පසුව වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ විසින් පොලිසියට මේ බව දැනුම් දී තිබිණි.
ඒ අනුව එහි ගිය පොලිස් නිලධාරීන් බෝම්බය පරීක්‍ෂා කර බලා පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බය නිෂ්ක්‍රීය අංශය කැඳවා එය නිෂ්ක්‍රීය කර තිබේ.
මෙම බෝම්බය කවුරුන් විසින් එල්ල කළේද යන්න ඊයේ දහවල් වනතුරුත් හෙළිවී නොතිබිණි. අත්බෝම්බය ආරක්‍ෂක අංශ විසින් භාවිතා කරන වර්ගයේ එකක් බවද පොලිසිය පවසයි.
කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන මහතා සහ ඒ මහතාගේ පුත්‍රයා වන රවිඳු ගුණවර්ධන මේ වන විට බන්ධනාගාර ගතව සිටිති.

0 comments:
Post a Comment