facebook like

මත්තලට එන්නේ කපුටෝ මයිනෝ මොණරු විතරයි..

‘අපි හෘද සාක්ෂියට එකඟව මොන පක්ෂයට ඡන්දය දුන්නත් ඔක්කොම කළේ ජනතාව රවට්ටපු එකයි. ඡන්දයේ දී බොරු පොරොන්දු දෙනවා. සොච්චමක් දෙනවා. රුපියල් දාහක් එක්දාස් පන්සීයක් පොඩි තෑග්ගක් දෙනවා. හොඳ හිත පෙන්නනවා හැබැයි ඊට පස්සේ ජනතාවගේ සාක්කුවට බහිනවා’ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සියඹලාණ්ඩුව බුද්දම ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා කීය.

එහිදී ඔහු මෙසේ ද පැවසීය.

‘කිරි බොන දරුවා පවා බදු ගෙවන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ජනතාව නොකා නොබී හම්බ කරලා බදු ගෙවන සල්ලි තමයි මේ පාලකයෝ හොරකම් කරන්නේ සැප විඳින්නේ ඒවායෙන්.

පාසල් යන දරුවාට පොත් ටික අරන් දුන්නොත් සතියක් කන්න බෑ. ලයිට් බිල ගෙව්වත් එහෙමමයි. මේ රටේ පාලකයෝ සල්ලි හොරා කකා ජනතාවගේ ජීවිත විනාශ කරනවා.

අද මේ රටේ පාසල් යන දරුවන් ලක්ෂ පනහක් ඉන්නවා. ඒ දරුවන් වෙනුවෙන් වෙන් කරන්නේ කෝටි හය හතයි. මේ රටේ පාලකයා වෙනුවෙන් කෝටි අටසියයක් වියදම් කරනවා වර්ෂයකට.

අද ලංකාව ආසියාවේ ආශ්චර්යය එහෙම වෙන්නේ කොහොමද? ආසියාවේ දුප්පත් රටවල් පහෙන් එකක් ලෝකයේ අසමත් රටවල් තිහෙන් එකක් එච්චරයි අපට තියෙන ජයග‍්‍රහණය.

මත්තල ගුවන් තොටුපොළක් හදලා තියෙනවා. ඒකට එන්නේ කපුටෝ මයිනෝ මොණරු විතරයි. කටුනායක ගුවන් තොටුපොළ අකාර්යක්ෂම ගුවන් තොටුපොළ කියලා තේරිලා. අපට තියෙන එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද රට විනාශයට පත් කරලා’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive