බ්රසීලයේ නිෂ්පාදිත ගිනිඅවියක් රහසිගතව ඉණේ සඟවා ගෙන කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණ භූමියට පැමිණ සිටියදී උසාවි මුරපොළේ ආරක්ෂක පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 5 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා 1දා නියෝග කෙළේය.
කෙසෙල්වත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 14, ලෙයාර් බේරා්ඩ්වේ, අංක 299 පදිංචි මොහොමඩ් මර්ෂුක් මොහොමඩ් රුෂානුඩීන් නමැති සැකකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ නඩුවක් සඳහා පෙරවරු 11.40ට පමණ පැමිණි බව කියන සැකකරු, එම අධිකරණයට පිවිසෙන ප්රධාන ෙදාරටුව අසලදී, උසාවි පොලිස් මුරපොළේ ආරක්ෂක සහායක මහින්ද නමැති නිලධාරියාගේ පරීක්ෂාවට ලක් වී තිබේ.
එහිදී සැකකරුගේ ඉණ ප්රදේශයේ ගිනිඅවියක් තිබෙනු නිරීක්ෂණය වී ඇති අතර, ඉන් අනතුරුව ඒ බව උසාවි පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී සැකකරු අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසිය වෙත භාරදී තිබුණි.
සැකකරු සන්තකයේ තිබී බ්රසීලයේ නිෂ්පාදිත සී. ඩී. 29674 දරන වර්ගයේ රිවෝල්වරයක්, එම ගිනිඅවියට යොදන ඒ. පී. 38 වර්ගයේ උණ්ඩ 5ක් සහ අදාළ ගිනිඅවිය රඳවනය පොලිසිය භාරයට ගෙන තිබුණි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් පරීක්ෂක නිරෝෂන් සූරියකුමාර මහතා දන්වා සිටියේ සැකකරු අදාළ ගිනි අවිය තබා ගැනීමට අදාළ බලපත්රයක් ඉදිරිපත් කර තිබෙන බවත්, එම බලපත්රය නිවැරැදි බලපත්රයක්ද? ව්යාජ බලපත්රයක්ද? යන්න සෙවීමට පරීක්ෂණ පවත්වන බවයි.
සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානය අසල මහෙස්ත්රාත් අධිකරණ, මහාධිකරණවල තිබෙන නඩුවලට අදාළ බරපතළ ගණයේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරිය පිහිටා තිබෙන බවත්, එම නිසා සැකකරු අදාළ ගිනිඅවිය කුමන කරුණක් සඳහා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන ආවේද යන්න සෙවීමට පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
සැකකරුට පාතාල සම්බන්ධකම් තිබේද? යන්න සෙවීමටද විමර්ශන පවත්වන බව දන්වා සිටි පොලිසිය සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්රධාන මහෙස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසත්, පවත්වනු ලබන විමර්ශනයේ ප්රගතිය ලබන 5 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසත් පොලිසියට නියම කෙළේය.

0 comments:
Post a Comment