ශාන්ති කර්මයකට යොමු කිරීමේ මුවාවෙන් පන්සලේ රඳවාගත් එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල ලිංගික අපයෝජනයක ලක් කළ බමුණාකොටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කලේ යැයි කියනු ලබන හතලිස් දෙහැවිරිදි චීවරධාරියෙකු වාරියපොළ පොලිසිය විසින් ඊයේ (01) සවස අත් අඩංගුවට ගෙන ඇත.
අපයෝජනයට ලක් වුයේ යැයි කියනු ලබන සිසුවා කුලියාපිටිය සාරානාත් විදුහලේ ඉගෙනුම ලබන්නේ යැයි කියති.මෙම සිසුවා පාසල් වැඩට දුර්වල බවක් පෙන්නුම් කිරීම නිසා,සිසුවා ඔහුගේ මව්පියන් විසින් බමුණාකොටුව , බැද්දේගම ප්‍රදේශයේ පිහිටි අදාළ විහාරස්ථානයට ගෙනවිත් ඇත්තේ එහි සිටින හිමිනමක විසින් ශාන්තිකර්ම මගින් එවැනි සිසුන් සුවපත් කරන බවට ලද තොරතුරක් ඔස්සේය.
පන්සලේදී සිසුවා පරීක්ෂාකළ සැකකාර චීවරධාරියා ශාන්ති කර්මයට පෙර සිසුවාට ” කෙමක්” කිරීමට ඇති හෙයින් ඔහු දින තුනක් පන්සලේ රඳවා තබන ලෙස මව්පියන්ට දැනුම් දී තිබේ. ඒ අනුව මව්පියන් විසින් ඉකුත් 21 වෙනි දින සිසුවා පන්සලේ රඳවා තබා ගොස් ඇත.
ඉන් දින තුනකට පසුව ඉකුත් 23 වෙනි දින යලිත් මව්පියන් පැමිණ සිසුවා සිසුවා නිවසට කැඳවාගෙන ගොස් ඇත්තේ ශාන්ති කර්මයද සිදු කර ගැනීමෙන් පසුවය. නිවසට ගිය සිසුවා තමන්ව පන්සලේදී 22 දින සැකකාර චීවරධාරියා විසින් නොමනා ක්‍රියාවක් සඳහා යොදා ගත් බවත් ඉන් තමන් මහත් අපහසුතාවයකට පත්වූ බවත් කියා තිබේ.
ඒ අනුව සිද්ධිය පිළිබඳව මව්පියන් විසින් වාරියපොළ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව අදාළ සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය කියයි.
අපයෝජනයට ලක්වූ සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා අද (2 ) වාරියපොළ මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාරියපොළ පොලිසිය කියයි.

0 comments:
Post a Comment