facebook like

වෛද්‍යවරිය රිමාන්ඞ් කළාට මහෙස්ත‍්‍රාත්වරියගේ වැඩ තහනම්

වෛද්‍යවරියක රිමාන්ඞ් කරන්නට ගිය මහේස්ත‍්‍රාත්වරියක වැරදි තීන්දුවක්දී සේවයෙන් පහ කිරීමේ සිද්ධියක් නිට්ටඹුවෙන් වාර්තා වනවා.
වාර්තාවන සිද්ධිය මෙසේය.
වෛද්‍යවරියක පැද වූ මෝටර් රථයක මෝටර් සයිකලයක් හැපී එහි ගමන් කළ දෙදෙනාට සුළු තුවාල සිදුව තිබෙනවා. පසුව පොලිසියේදී සිද්ධිය සමථයට පත්වූ පසු වෛද්‍යවරිය එතැනින් නික්ම ගියත් නැවත අධිකරණයට එන්නැයි එකී වෛද්‍යවරියට කැඳවීමක් ලැබ අධිකරණයේදී සිද්ධිය විමසූ වැඩබලන මහේස්ත‍්‍රාත්වරියක ඇයව රිමාන්ඞ් කර තිබෙනවා.
ඇතිවූ සුළු සිද්ධියක් බේරාගත් පසුවත් මෙතරම් දුරදිග ගෙනයන්නට උවමනාව කවරක්දැයි විමසා බැලූ වෛද්‍යවරියට පෙනී ගොස් ඇත්තේ
වැඩබලන මහේස්ත‍්‍රාත්වරියගේ ඥාතියෙකු අනතුරට පත් මෝටර් සයිකලයේ පසුපස ගමන් කර ඇති බවත් එම ඥාති සංග‍්‍රහය පිණිස මහේස්ත‍්‍රාත්වරිය නීතියේ රාජකාරිය අයථා භාවිතයේ යොදවා ඇති බවකි.
මේ නිසා වෛද්‍යවරිය රිමාන්ඞ්භාරයෙන් නිදහස ලැබූ පසු ගියේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි.
වෛද්‍යවරිය රිමාන්ඞ් භාරයට පත් කිරීමේ නියෝගය දුන් අත්තනගල්ල වැඩ බලන මහෙස්ත‍්‍රාත් පූර්ණා සේනාරත්න මහත්මියට එම ධූරයේ යෙදීම තහනම් කළ ශේෂ්ඨාධිකරණය වෛද්‍යවරිය

අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමට විරෝධය පළ කළ නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සුසන්ත සහ කොස්තාපල් ආනන්ද යන අයගේද වැඩ තහනම් කරන ලෙස පොලිස්පතිවරයාට නියම කරා.
මෙම නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද නියම වුණා.

අනතුර සම්බන්ධයෙන් පොලිසියේ දී සමථයකට පත් වී තිබිය දී අනතුර වන අවස්ථාවේ දී බයිසිකලයේ පසුපස ගමන් ගත් කාන්තාවගේ සොහොයුරෙකු යැයි කියන නීතීඥවරයකුගේ බලපෑම මත ඉහත පොලිස් නිලධාරීන් දෙදෙනා තමන් හදිසියේම අධිකරණයට ඉදිරිපත් කර තමන් කැමති පරිදි නීතීඥ සහයක් ලබා ගැනීමට ඉඩ නොතබා වැඩ බලන මහෙස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර රිමාන්ඞ් භාරයට පත් කිරීමෙන් පසු දින තුනක් රිමාන්ඞ් භාරයේ සිටීමට සිදු වූ බව සඳහන් කරමින් වතුපිටිවල රෝහලේ සේවය කරන වෛද්‍ය මල්ලිකා ගුණරත්න මහත්මිය අග විනිසුරු මොහාන් පීරිස් මහතා වෙත එවා තිබූ පැමිණිල්ලක් අග විනිසුරුවරයා ,ඊවා වනසුන්දර සහ සරත් ද ආබෲ යන විනිශ්චය මණ්ඩලය විසින් විභාග කිරීමෙන් පසු මෙම නියෝගය ලැබුණා.

වෛද්‍යරියට හෝ ඇයගේ පවුලේ අයට බලපෑම් කර තිබුණොත් පොලිස් නිලධාරීන් දෙදෙනා රිමාන්ඞ් භාරයට පත් කරන බවද අග විනිසුරුවරයා ඔවුනට දැඩි ලෙස අවවාද කරමින් පැවසුවා..

ජූලි 18 දා වෛද්‍යවරිය සිය නිවසේ සිට රෝහලට යාම සඳහා වාහනය පාරට දමන අවස්ථාවේ දී මෙම අනතුර සිදු වී ඇති බවත් තුවාලකරු රෝහලට ගෙන ගොස් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට කටයුතු යොදා නිට්ටඹුව පොලිසියට ගොස් කට උත්තරයක් ලබා දුන් බවත් වෛද්‍යවරිය අග විනිසුරුවරයා වෙත එවා තිබූ පැමිණිල්ලේ සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවත් සමථයකට පත් වන ලෙසත් පොලිසියෙන් තමාට පැවසු බවත් බයිසිකලය සාදා දෙන ලෙස තුවාලකරු ඉල්ලා සිටි බවත් පවසන පැමිණිල්ල එසේ තිබිය දී නැවතත් තමාට පොලිසියට එන ලෙස දන්වා ත‍්‍රී විලරයක නංවා ගෙන අධිකරණයට රැුගෙන ගිය බවත් ඒ සඳහා කාන්තා පොලිස් නිලධාරිණියක සහභාගි කර නොගත් බවත් ඇය වැඩි දුරටත් සඳහන් කරයි.

නීතීඥවරයකු පැමිණ ප‍්‍රශ්නගත තත්තවයක් ඇති කළ බැවින් තමන් එසේ අධිකරණයට ඉදිරිපත් කරන බව නිලධාරීන් දෙදෙනා තමන්ට පැවසූ බව සඳහන් කරන පැමිණිලිකාරිය තමන්ගේ සැමියා

පැමිණෙන තෙක් කාලය ලබා දෙන කළ ඉල්ලීම නොසළකා හැරිය බවත් සඳහන් කරන්නීය.

අධිකරණයේ සිටි නීතීඥවරයකු පැමිණ නීතීඥ සහයක් අවශ්‍ය දැයි තමන්ගෙන් විමසූ බවත් අවශ්‍ය යැයි තමන් පැවසූ විට නීතීඥවරයකු පෙන්වා සිටි අතර එම නීතීඥවරයා තමන් සමඟ කිසිවක් සාකච්ඡුා නොකළ බවත් පවසන වෛද්‍යවරිය තමන්ගේ එකඟත්වයක් නොමැතිව තුවාලකරුට රුපියල් 35000ක් ගෙවීමට කැමති බව එම නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන් බවත් පවසන්නීය.

තමන්ට ඇප ලබා දීමට පොලිසිය විරුද්ධ වූ බවත් වැඩ බලන මහෙස්ත‍්‍රාත්වරිය 21 දක්වා තමන් රිමාන්ඞ් භාරයට පත් කිරීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගිය බවත් පවසන්නීය. පසුව තම සැමියා සහකාර පොලිස් අධිකාරි බලගල්ල මහතා හමූ වී කරුණු දැක්වීමෙන් පසුව මෝසමක් මගින් තමන්ට ඇප ලබා දුන් බවත් තුවාලකරු 20 වැනි දින රෝහලෙන් පිට වී ගිය බවත් සඳහන් කරන්නීය.

මෙම සිද්ධිය නිසා තමන් සහ තම පවුලේ අය අවමානයට ලක් වූ බව පවසන වෛද්‍යවරිය අපක්ෂපාති විභාගයක් පවත්වා ඔප්පු වුවහොත් අදාළ අයට විනය පියවර ගන්නා ලෙසත් අග විනිසුරුවරයාගෙන් ඉල්ලා තිබිණි.  පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න මෙනවිය පෙනී සිටියාය.

ශිරෝමි අබයසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive