පන්විල හාතලේ රෝහණ මුණසිංහාරාමයට කඩා වැදුණ ගැහැනු දහහතර දෙනෙක් සහ පිරිමි දහහතර දෙනෙක් විහාරාධිපති හිමියන්ට පහර දී උන්වහන්සේගේ සිවුර ගලවා සරමක් ඇන්දවූහයිද පසුව උන්වහන්සේ බස් නැවතුමක බැඳ දමන ලද්දේ යෑයි ද ඊයේ (30 දා) "දිවයිනේ" පළ විය. මේ මැර හමුදාව මේ වන විට රිමාන්ඩ් හිරගෙදර ය. ඉතිහාසය කරකැවෙන්නාක් සේ සාසනය ද පරිහානිය කරා ගමන් කරමින් තිබේද? කිසියම් දෙයක් පරිහානියට පත්වීම සහ යළි ගොඩ ඒම ස්‌වභාවධර්මයේ නීතියකි. ලෝක විනාශය පවා මෙයට පෙර අවස්‌ථා කිහිපයකදීම සිදුවිය. සාසන පරිහානි යුගයක් ද මේ රටේ තිබූ අතර භික්‍ෂූන් වහන්සේලා ගණින්නාන්සේලා ලෙස නම් කර පාංශුකූලය පමණක් දෙන අයවලුන්ගේ මට්‌ටමට පත් වූ යුගයක් මෙහි විය. හරියාකාර උපසම්පදාවක් පවා රට තුළ නොවූ නිසා පිටරටින් උපසම්පදාව ආනයනය කිරීමට වැලිවිට සරණංකර හිමියන්ට සිදුවිය. මෙවැනි යුගයක් යළි පහළ වෙමින් පවතින බව පෙනෙයි. මේ පහළවීම සිදුවන්නේ ඊයේ පෙරේදා හෝ පසුගිය අවුරුද්දේ සිට නොව අවුරුදු ගණනකට පමණ පෙර සිට ය. තල්දූවේ සෝමාරාම නමැති භික්‍ෂුව විසින් අගමැති බණ්‌ඩාරනායකට වෙඩි තබා ඔහු මරණ ලද්දේය. එම මිනීමැරුම සංවිධානය කළ වරදට එකල පිහිටි නැව් සමාගමක අධ්‍යක්‍ෂවරයකු වූ මාපිටිගම බුද්ධරක්ත නමැති භික්‍ෂුව හිරේ ගියේ ය. බණ්‌ඩාරනායක ඝාතනයත් සමඟම ගිsහියෝ භික්‍ෂූන්ට ඉතා නරක ලෙස අවමන් කරන්නට පටන් ගත්හ. සමහර පන්සල්වලට දන් වේලක් දීමට පවා දායකයෙක් නැති විය. මේ පරිහානිගත තත්ත්වයෙන් මිදෙන්නට "පන්සල" නමැති ආධ්‍යාත්මික ආයතනයට සෑහෙන කලක් ගතවිය. ඉන්පසු පානදුරේ අරියධම්ම හිමි සහ ගංගොඩවිල සෝම හිමි වැනි භික්‍ෂූන් වහන්සේලා බුදුදහම ජනතාවගේ එදිනෙදා ජීවිතයට සමීප කළ නමුදු උන්වහන්සේලාගේ ඇවෑමෙන් පසු නැවතත් සාසනයට 'රිවස් ගියර්' එක වැටිණි. භික්‍ෂූන්වහන්සේ දේශපාලනයට පැමිණි පසු වැඩේ තවදුරටත් 'වර්චස්' විය. පාර්ලිමේන්තුව තුළදී ආණ්‌ඩු පක්‍ෂයේම මන්ත්‍රීවරුන් විසින් ආණ්‌ඩුවට උදව් කරන මන්ත්‍රී භික්‍ෂූන් වහන්සේගේ සිරුර මඬින ලද අවස්‌ථාව ගැන ඔබට මතකද? මෙය කළේ රට ජාතිය ආගම ගැන නිතර කියවන ආණ්‌ඩුවේ ඇමැතියෙකි. ඒ සිද්ධියෙන් පසු ඇතැම් භික්‍ෂූන් වහන්සේ දේශපාලනයෙන් ඉවත් වූහ. එහෙත් එසේ ඉවත් වන විට, උන්වහන්සේ දේශපාලනයට පැමිණීමෙන් සිදු වූ හානිය කිසිදු ආකාරයකින් ප්‍රතිසංස්‌කරණය කරගත නොහැකි විය. පසුගිය දිනවල වටරැක විජිත නමැති චීවරධාරියා හැසිරුණු නීච ආකාරය අපට කිසිදු ආකාරයකින්වත් අමතක කරන්නට බැරි ය. අද තිබෙන පන්සල්වලින් වැඩි හරියක් දෙස බලන විට පන්සල තුළ දේවාල තිබේද, නැත්නම් දේවාල තුළ පන්සල් තිබේද යන්න හරියාකාරව සොයා ගැනීමට නොහැක. කොළඹ පන්සල් වැඩි හරියක් තුළ වැඩිපුර කෙරෙන්නේ දෙහි කැපීම සහ පිංකැටවලට සල්ලි පුරවා ගැනීම ය. එහෙත් ගමේ පන්සල්වලට මේ චාන්ස් එක නැත. ඒවායේ වැඩ සිටින ස්‌වාමීන් වහන්සේට අඳින්නට සිවුරු නැත. වළඳන්නට දානය නැත. ශිෂ්‍ය භික්‍ෂූන්ට ලියන්නට පොත් නැත. පන්සලේ ලයිට් බිල ගෙවීමට පිං කැටයට රුපියලක් දැමීමට කෙනකු නැත. කොතෙක් බෝධි පූජා පැවැත්වුවද ලයිට් බිල ගෙවීමට සම්මාදම් වන දායකයෙක් නැත. එයට හේතුව, දායකයන්ට ද වැලේ වැල් නැත. කොළඹ බොදුනු දායකත්වය සහ ගමේ බොදුනු දායකත්වය අහස හා පොළොව මෙනි. කොළඹ අයට සල්ලිවලට කරන්නට දෙයක් නැත. ගමේ අයට කිසිවක් කරන්නට සල්ලි නැත. මේ කවර තත්ත්වයක් තුළ වුවද භික්‍ෂුවකගේ සිවුර ගැලවීමට සිංහල බෞද්ධයකුට ඉඩ දිය යුතු නැත. පන්විල හාතලේ සිද්ධියට සම්බන්ධ අයට කොළ අතු ඇන්දවිය යුතු ය.
facebook like
ගැහැනු දහහතරක් පිරිමි දහහතරක් සහ බෞද්ධ භික්‍ෂුවක්
Popular Posts
-
ආණ්‌ඩුවට අවසන් තීරණය ගන්න විශාල ප්‍රශ්නයක් තියෙනවා, මොකද මැතිවරණය ප්‍රකාශයට පත් කරපු හැටියේ, සන්ධානෙන් මන්ත්‍රීවරු විශාල පිරිසක් එන්න බලා...
-
ඉන්දියාවේ දිගින් දිගටම සිදු වන කාන්තා දූෂණ ජාතියම ලැජ්ජාවට ලක් කරන බව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි පවසයි. දිල්ලි අගනුවර රතු බල කොටුව...
-
ලෝක විනාශය පිළිබඳ කතා බහ වරින් වර කරලියට එන්නක්. කාලයෙන් කාලයට මේ ගැන ලොකුවට කතා කරනව විතරක් නෙවෙයි සමහරු ඒ කියන දිනය පහු වෙනකම් ඉන්නෙ මහ...
-
හෝටල් කාමරයක පහළොස් හැවිරිදි සිසුවකු සමග ලිංගිකව හැසිරුනු 28 හැවිරිදි ගුරුවරියක් සිසුවාත් සමග අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇය පාසල් නිවාඩු සම...
-
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානම හුදෙක් රංගනයක් පමණක් බව කඩුවෙල නගාරාධිපති ජී.එච්....
-
අත්තම්මාගේ රැකවරණයෙන් මිදී පෙම්වතා වෙත යන්නට ගිය 14 හැවිරිදි දැරිය හෝටලයකට රැගෙන ගොස් දූෂණය කරයි ගලේවෙල පැත්තේ පාසලක නවයේ පන්තියේ ඉගෙනු...
-
මා සිනමාකරුවකු බවට පත්වූයේ කෙනෙක් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වන්නාක් මෙන් කුඩා කල සිටම ජීවිතය කිසියම් සැලසුම් කිරීමක් කළ නිසායැ’යි කීමට පු...
-
මගීන් 400 දෙනෙකුට අධික පිරිසක් අනතුරේ හෙළමින් මුහුදුබත් වූ දකුණු කොරියානු යාත්‍රාවේ කපිතාන්වරයා යාත්‍රාවෙන් පළා ගිය ආකාරය දැක්වෙන වීඩියෝ පටය...
-
රජයේ ජනතා විරෝධී ක්‍රියාවලට ජනතාව සෙනසුරාදා (29) ඡන්දයෙන් හොඳ පාඩමක් උගන්වා ඇතැයි ද, ජවිපෙ ඔසවා තැබීමට ජනතාව ක්‍රියා කර ඇතැයි ද එහි නායක අන...
-
ඉරාකයේ හා සිරියාවේ සරණාගතයන් හාරදාස් පන්සීයක පමණ පිරිසකට තම රට තුල ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ඉඩ සලසන බව ඕස්ට්‍රේලියාවේ ආගමන කටයුතු භාර අ...






0 comments:
Post a Comment